© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ආර්ථික වර්ධන වේගය ඉහළ යෑම නො තකා සමාජ අසමානතාව (social inequality) වැඩි වීම නිසා ප්‍රගතිය යන්න හුදෙක් GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ මිම්මක් ලෙස හුවා දැක්වීම බොහෝ විචාරකයන්ගේ විවේචනයට ලක් විය. ඒ නිසා සමාජ ප්‍රගතිය සම්බන්ධයෙන් සෘජු ආර්ථිකමය නො වන දර්ශක ඇති කර ගැනීම පිළිබඳ කලක් තිස්සේ එක්සත් ජාතීන්ගේContinueContinue reading “යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනයේදී තිරසාර සංවර්ධන අරමුණු වැදගත් ප්‍රවේශයක් වන්නේ ඇයි? “
Category Archives: Uncategorized
රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ආර්ථිකයේ තිරසාරත්වය හෙවත් ධරණීයතාවය (sustainability) සම්බන්ධයෙන් අප අද මුහුණ දෙන බොහෝ අභියෝග“රේඛීය ආර්ථිකය” යනුවෙන් හඳුන්වනු ලබන ආර්ථික කටයුතුවල අනිවාර්ය ප්‍රතිඵල නිසා උද්ගත වන ඒවා ය. මේ නිසා මෙතෙක් පැවති රේඛීය ආර්ථිකයට වඩා වෙනස් චක්‍රීය එළඹීමක් සහිත නව ආර්ථික චින්තනයක් අවශ්‍ය බව ඩෝනට් ආර්ථික එළඹුම හඳුන්වා දුන් ආර්ථික විද්‍යාඥ කේට්ContinueContinue reading “රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්”
වර්ධනය යනු සංවර්ධනයම ද?
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 රටක ආර්ථිකයේ සාර්ථකත්වය සාම්ප්‍රදායික ව මනිනු ලබන්නේ GDP (Gross Domestic Product) හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉහළ යෑම මත ය. දළ දේශීය නිෂ්පාදිතය වසයෙන් හඳුන්වනු ලබන්නේ වසරක දී රට තුළ නිපදවන භාණ්ඩ සහ සේවාවල මුළු එකතුවේ වටිනාකම යි. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදනය කරන හැම භාණ්ඩයක් හා සේවාවක් ම විකිණීමකට හාContinueContinue reading “වර්ධනය යනු සංවර්ධනයම ද?”
නවලිබරල්වාදය සහ ජනරාල් පීනෂේගේ සංස්ථාපිත පෞද්ගලික රාජ්‍යය
නවලිබරල්වාදය හුදු ආර්ථික චින්තනයක් පමණක් නො ව මානුෂික නිදහස මුල්කරගත් සම්භාව්‍ය ලිබරල්වාදය අනුදත් ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආර්ථික වර්ධනයේ නාමයෙන් නො සලකා හරින ආත්මාර්ථකාමී දේශපාලන චින්තනයක් ලෙස ද හැඳින්විය හැකි ය. චිලී රටේ ඒකාධිපති හමුදා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට ගිය මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් ඇතුළු චිකාගෝ ගුරුකුලයට අයත් ආර්ථික විද්‍යාඥයන්ගේ නවලිබරල්වාදී ක්‍රියාන්විතය විමසා බැලීමෙන් එය තේරුම් ගත හැකිContinueContinue reading “නවලිබරල්වාදය සහ ජනරාල් පීනෂේගේ සංස්ථාපිත පෞද්ගලික රාජ්‍යය”
නවලිබරල්වාදයේ දේශපාලන දැක්ම
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 බර්ක්ලි සරසවියේ ආචාරිනී වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙන පරිදි නවලිබරල්වාදය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ප්‍රාග්ධන සංසරණයට හා ප්‍රාග්ධනයේ නිර්බාධිත ක්‍රියාකාරිත්වයට මෙන් ම ප්‍රාග්ධනය රාශි භූත වීමට (accumulation of capital) ද අසීමිත ව ඉඩ සලසන නිශ්චිත ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්ති සමුච්චයකි..[1] මෙකී නිශ්චිත ප්‍රතිපත්ති සමුච්චයට මූලික වසයෙන් අයිතිවන්නේ ප්‍රාග්ධන හිමිකරුවන් සඳහා උපරිමContinueContinue reading “නවලිබරල්වාදයේ දේශපාලන දැක්ම”
නිස්සාරක ධනවාදය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන අන්දමට සාමාන්‍යයෙන් රටක ජාතික ආදායම කොටස් තුනකට බෙදිය හැකිය. ඒවා නම් ශ්‍රමයෙන් ලැබෙන ආදායම, ප්‍රාග්ධන ආයෝජනයෙන් ලැබෙන ආදායම සහ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යි. මේ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යනුවෙන් බොහෝ විට අදහස් කරන්නේ ආර්ථික විද්‍යාඥයන් ‘බදු කුලිය’ContinueContinue reading “නිස්සාරක ධනවාදය”
දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 Photo Credit: New York Times ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය පදනම වන්නේ දේශපාලන සමානාත්මතාව යි (political equality). එහෙත් එතෙක් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදයට සාක්ෂාත් කර ගැනීමට නො හැකි වූයේ ද එය යි. ඒ හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට දේශපාලනික ආයතනවල ස්වරූපය දක්වා වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය යැයි සැලකෙන අනිකුත් හැම දෙයක් ම ප්‍රජාතන්ත්‍රවාදයක අනිවාර්ය අවශ්‍යතාවලටContinueContinue reading “දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය”
ආර්ථික චින්තනයේ සීමා
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නෝවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ “ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි[1]. මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනුContinueContinue reading “ආර්ථික චින්තනයේ සීමා”
දින හතරක වැඩසතියක්
Colombo Telegraph Photo දින හතරක වැඩ සතියකට ලෝකය වෙනස් කළ හැකිය. අපේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් වැය කළ යුත්තේ ජීවනොපායක් වශයෙන් “වැඩට යාම” යනුවෙන් අප හඳුන්වන කටයුත්ත ඉටු කිරීම සඳහාද? ඊට වඩා වැඩිකාලයක් ජීවිතය විඳගැනීමට අවස්ථාවක් ලබා ගැනීම පිණිස අප කටයුතු නොකළ යුතුද? වැඩට යාමට වඩා වැඩට නොයා සිටීමට ඇති හැකියාව මානව ප්‍රගතියේ දර්ශකයක් ලෙසContinueContinue reading “දින හතරක වැඩසතියක්”
මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?
(මානව හිමිකම් කවුන්සිල යෝජනාව පිලිබඳ සාකච්ඡාවේදී සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් 21/03/2021 දින කළ මැදිහත්වීම)එක්සත් ජාතීන් විසින් සම්මතකරගත් විශ්ව මානව හිමිකම්ප්‍රකාශනයේ (Universal Declaration of Human Rights) ඉතිහාසයක් පිළිබඳ 2012 මම පොතක් පළ කළා. එහි නම ‘නියත විවරණය’ – මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කතන්දරය. ප්‍රකාශනය රාවය ප්‍රකාශකයෝ. මානව හිමිකම් මොනවාද? ඒවා සම්මත වුණේ ඇයි?ContinueContinue reading “මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?”