
JAYAVOICE
විජයානන්ද ජයවීරගේ
බ්ලොග් අඩවිය
සංකථන
සංවිචාරණීය සමාජයක්
‘සංවිචාරණීය සමාජයක්’ කෘතියේ දෙවැනි මුද්‍රණයක අවශ්‍යතාව ඇති නමුත් අධික මුද්‍රණ වියදම නිසා බොහෝ පාඨකයින්ට දැරිය හැකි මුදලකට එහි මිල නියම කිරීම අපහසුය. එනිසා කැමැති කෙනෙකුට නො මිලයේ ම බාගත කොට කියැවීමට හැකිවන ලෙස එහි PDF පිටපත මුදා හරින ලදී. ඉහත දිගුවෙන් එය බාගත කර කියවන්න.
හුදු බලය අත්පත් කර ගැනීම අරමුණ කරගත් පැරණි පන්නයේ දේශපාලනය වෙනුවට යුක්තිය අත්පත් කර ගැනීම අරමුණ කරගත් නව දේශපාලනයක් බිහි කිරීම සහ ආත්මාර්ථකාමය හා ස්වාමිත්වකාමය වෙනුවට සහයෝගිතාව හා තිරසාරත්වය පදනම් කරගත් සහරක්ෂණීය ආර්ථික එළඹුමක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ‘සංවිචාරණීය සමාජයක්’ කෘතියෙන් අවධාරණය කරයි. පවතින දේශපාලනයේ හා ආර්ථික එළඹුමේ එවැනි සුසමාදර්ශීය වෙනසක් ඇති වීමට නම් දැනුවත් සංවිචාරණීය මහජන සහභාගීත්වයට නිරන්තර ව ඉඩ සලසන දේශපාලන තන්ත්‍රයක් සහ එමඟින් බිහි කිරීමට බලාපොරොත්තුවන ජන සමාජයේ ස්වභාවය පිළිබඳ පොදු එකඟතාවක් ඇති කර ගත යුතුය. බලය අත්පත් කර ගැනීමට’ විකල්ප වූ ‘යුක්තිය ඉටු කර ගැනීමේ’ සංවිචාරණීය දේශපාලන ක්‍රියාකාරිත්වයක් සහ නාස්තිකාරී රේඛීය ආර්ථිකය වෙනුවට පුනර්ජනනීය චක්‍රීය ආර්ථිකයක් ගොඩ නැගිය හැකි ආකාරය පිළිබඳ මුඛ්‍ය අදහස් පද්ධතියක් ඉස්මතු කර ගැනීමට දායක වීම මේ කෘතියේ අරමුණයි.

අතලොස්සක් අතර අසාධාරණ ලෙස එක්රැස්විය හැකි ධනය ප්‍රතිව්‍යාප්ත කිරීමේ ලා යුක්ති යුක්ත කළ හැකි බදුවර්ග තුනක් ආර්ථික විද්‍යාඥ තෝමස් පිකටි යෝජනා කරයි. පිකෙටි යෝජනා කරන ආකාරයට සාධාරණ සමාජයක බදු ක්‍රමය මූලික බදු වර්ග තුනක් මත රඳා පවතිනු ඇත. ඒවා නම් වටිනාකම අනුව අනුක්‍රමික ව වැඩි වෙන වත්කම් බද්ද, වටිනාකම අනුව අනුක්‍රමික ව වැඩි වෙන දේපළ උරුම බද්ද සහ වැඩිවන ආදායම අනුව අනුක්‍රමික ව වැඩි වෙන ආදායම් බද්ද යන බදු තුන් වර්ගයයි. (සම්පූර්ණ ලිපිය)

ධනවාදය ඇරඹුණේ දහසය හා දාහත් වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍ය ඇතුළු අද බෙල්ජියම සහ නෙදර්ලන්තය යනුවෙන් හැඳින්වෙන රටවල් ද ඇතුළත් වන බටහිර යුරෝපයේ ය. එය චීනයේ හෝ ඉන්දියාවේ ඇති නොවී බටහිර යුරෝපයේ ඇති වුණේ ඇයි? (සම්පූර්ණ ලිපිය)

ගත වූ දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ ‘නිදහස’ පිළිබඳ මූලික ආකෘතිය වන්නේ නිදහස් වෙළඳපොළයි. – රාජ්‍ය නියාමනයකින් තොර ව භාණ්ඩ, සේවා, මූල්‍ය සම්පත් සහ ශ්‍රමය අලෙවි කිරීමේ හැකියාව නිදහස බවත්, ‘නිදහස’ ක්‍රියාත්මක විය යුත්තේ ද නිර්බාධක වෙළඳපොළක් කටයුතු කරන ආකාරයෙන් බවත් අපට පවසන ලදී. ව්‍යාපාර හිමියාගේ නිදහස, මාධ්‍ය අයිතිකරුගේ නිදහස, ඔබේ ශ්‍රමය විකිණීමට ඔබට ඇති නිදහස, යහපත් ජීවිතයකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය මිල දී ගැනීමට ඇති නිදහස ආදී වසයෙන් නිදහස් වෙළඳපොළ විසින් පිරිනමනු ලබන විවිධ අවස්ථා මඟින් නිදහස භුක්ති විඳීමට අපට ඉඩ සලසන බව පැවසිනි. ඒ අනුව පාරිභෝගිකයන් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට අපට ඉඩ සලසන්නේ ද ඒ නිදහසම ය. පසුගිය දශක ගණනාව තිස්සේ අපේ දේශපාලනය හා ආර්ථිකය තුළ නිදහස පිළිබඳ මූලික හැඳින්වීමට බොහෝ විට පදනම වුණේ මේ පටු දැක්ම යි. (සම්පූර්ණ ලිපිය)
12. ආර්ථික මිනිසා – මිථ්‍යාව හා යථාර්ථය

වඩා සාධාරණ, සහෝදරකාමී සහ තිරසාර ආර්ථික අනාගතයක් ගැන ඵලදායක කතිකාවක් ඇති කිරීමට මිනිසුන්ට නොහැක්කේ ස්වභාවයෙන් ම උරුම වන මෙකී ‘හෝමෝ එකොනොමිකස්’ ගති ගුණ නිසා යැ’යි ඇතැම් අය අදහති. ‘මිනිස්සු ස්වභාවයෙන් ම ආත්මාර්ථකාමීහු ය. මේ ‘හෝමෝ එකොනොමිකස්’ නමැති අභිධානය අපට ආවේ කොහෙන් ද? එමඟින් අදහස් කරන සදාතනික ආත්මාර්ථකාමී බව සත්‍යයක් ද? අපි හුදෙක් ස්වාර්ථය ම සලකන අය ද? නැතහොත් අපේ කරුණාවන්ත, සහානුකම්පිත, පරාර්ථකාමී ස්වභාවය යටපත් කරන වැරදි අර්ථ නිරූපණ නිසා ආත්මාර්ථකාමීන් යැ’යි හංවඩු ගසන ලද්දෝ ද? (සම්පූර්ණ ලිපිය)

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන අන්දමට සාමාන්‍යයෙන් රටක ජාතික ආදායම කොටස් තුනකට බෙදිය හැකිය. ඒවා නම් ශ්‍රමයෙන් ලැබෙන ආදායම, ප්‍රාග්ධන ආයෝජනයෙන් ලැබෙන ආදායම සහ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යි. මේ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යනුවෙන් බොහෝ විට අදහස් කරන්නේ ආර්ථික විද්‍යාඥයන් ‘බදු කුලිය’ හෙවත් Rent යනුවෙන් හඳුන්වන හම්බ කිරීමකින් තොර ව ලබන ආදායම යි. (සම්පූර්ණ ලිපිය)

ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වා ගෙන යෑමේ දී ආර්ථික ක්ෂේත්‍රය සුවිශේෂ කොට සැලකුණි. මන්ද ස්මිත්ගේ මතය අනුව ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ දේශපාලනික මැදිහත් වීමකින් තොර ව වෙළඳපොළ තුළින් ම ඇතිවෙන නියාමනයට අනුව නිෂ්පාදන හා ගනුදෙනු කටයුතු කරන විට දී බැවිනි. (සම්පූර්ණ ලිපිය)
16. නවලිබරල්වාදයේ දේශපාලන දැක්ම

මිචෙල් ෆුකෝ විසින් පෙන්වා දී ඇති පරිදි නවලිබරල්වාදය යන්න සුවිශේෂ මාදිලියක පාරිභෝගික වැසියන්, හැසිරීම්, සමාජීය තේරුම් සහ වටිනාකම් නිර්මාණය කරන්නා වූ පරිපාලනමය තාර්කිකත්වයක් (governing rationality) ලෙස ද ග්‍රහණය කර ගත යුතු සංකල්පයකි. සාමාන්‍ය දෘෂ්ටිවාදවලට වඩා වෙනස් ආකාරයෙන් යථාර්ථය ගූඪකරණයට හෝ විකෘතියට ලක් කරන නවලිබරල්වාදී තාර්කිකත්වය එහි වෙළඳපොළ අරමුණුවලට අනුව ලෝකය ප්‍රතිනිර්මාණය කරයි. හැම ක්ෂේත්‍රයක් ම හැම මානව ප්‍රයත්නයක් ම සම්බන්ධයෙන් පොදු යහපතට වඩා එහි දී මුල් වන්නේ ප්‍රාග්ධනයේ නිර්බාධිත ක්‍රියාකාරිත්වය සලසන ආර්ථික කාර්යක්ෂමතාවයි. (සම්පූර්ණ ලිපිය)
17. නවලිබරල්වාදය සහ ජනරාල් පීනෂේගේ සංස්ථාපිත පෞද්ගලික රාජ්‍යය

නවලිබරල්වාදය හුදු ආර්ථික චින්තනයක් පමණක් නො ව මානුෂික නිදහස මුල්කරගත් සම්භාව්‍ය ලිබරල්වාදය අනුදත් ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආර්ථික වර්ධනයේ නාමයෙන් නො සලකා හරින ආත්මාර්ථකාමී දේශපාලන චින්තනයක් ලෙස ද හැඳින්විය හැකි ය. චිලී රටේ ඒකාධිපති හමුදා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට ගිය මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් ඇතුළු චිකාගෝ ගුරුකුලයට අයත් ආර්ථික විද්‍යාඥයන්ගේ නවලිබරල්වාදී ක්‍රියාන්විතය විමසා බැලීමෙන් එය තේරුම් ගත හැකි ය. (සම්පූර්ණ ලිපිය)
18. විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්

නව දේශපාලන සුසමාදර්ශයක් පිළිබඳ අපේ කතිකාවේ වඩාත් වැදගත් මානයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය සහ එය විසින් අනුගමනය කරන ආර්ථික හා සමාජීය සංවර්ධන පිළිවෙත අතර තිබිය යුතු සම්බන්ධතාව කුමක් ද යන්නයි. අප අනුගමනය කළ යුතු ආර්ථික හා සමාජීය සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් සාකච්ඡාවක් ජනිත කිරීමට විවිධ මාදිලියේ නවලිබරල්වාදී ආර්ථික එළඹුම්වලට දැනටමත් කැප ව සිටින පක්ෂවලින් සමන්විත පාර්ලිමේන්තුවකට හෝ ඊට අනුරූප නියෝජිත මන්ත්‍රණ සභාවකට හැකියාවක් නැත. (සම්පූර්ණ ලිපිය)
19. සංවර්ධන කතිකාවේ නව දිශානතිය

සංවර්ධනය යනු සෑහෙන කලක් තිස්සේ එක්තරා ආකාරයක ධනාත්මක තේරුමක් ගෙන දුන් එහෙත් බොහෝ විට හිස් වචනයක් ලෙස පැවතුණු දෙයකි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට රාජ්‍ය නො වන සංවිධාන දක්වා වූ විශාල පරාසයක ජාල ගත වීම් තුළ සංවර්ධනය යන්න පිළිබඳ ව පොදු ජාත්‍යන්තර පර්යාලෝකයක් ඇති කර ගෙන තිබුණි. (සම්පූර්ණ ලිපිය)

රටක ආර්ථිකයේ සාර්ථකත්වය සාම්ප්‍රදායික ව මනිනු ලබන්නේ GDP (Gross Domestic Product) හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉහළ යෑම මත ය. දළ දේශීය නිෂ්පාදිතය වසයෙන් හඳුන්වනු ලබන්නේ වසරක දී රට තුළ නිපදවන භාණ්ඩ සහ සේවාවල මුළු එකතුවේ වටිනාකම යි. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදනය කරන හැම භාණ්ඩයක් හා සේවාවක් ම විකිණීමකට හා මිල දී ගැනීමකට ලක් වන්නේ ය යන පදනම මත දළ දේශීය නිෂ්පාදිතය ගිණීමේ ක්‍රමය වන්නේ අදාළ වසරේ රට තුළ නිපදවෙන භාණ්ඩ හා සැපයෙන සේවාවල සමස්ත වටිනාකම ගණන් බැලීම යි. (සම්පූර්ණ ලිපිය)
21. තිරසාර සංවර්ධන අරමුණු දක්වා සංවර්ධන දැක්ම

ආර්ථික වර්ධන වේගය ඉහළ යෑම නො තකා සමාජ අසමානතාව (social inequality) වැඩි වීම නිසා ප්‍රගතිය යන්න හුදෙක් GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ මිම්මක් ලෙස හුවා දැක්වීම බොහෝ විචාරකයන්ගේ විවේචනයට ලක් විය. ඒ නිසා සමාජ ප්‍රගතිය සම්බන්ධයෙන් සෘජු ආර්ථිකමය නො වන දර්ශක ඇති කර ගැනීම පිළිබඳ කලක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් විශේෂ අවධානයක් යොමු කර තිබුණි (සම්පූර්ණ ලිපිය)
22. රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්.

ආර්ථිකයේ තිරසාරත්වය හෙවත් ධරණීයතාවය (sustainability) සම්බන්ධයෙන් අප අද මුහුණ දෙන බොහෝ අභියෝග“රේඛීය ආර්ථිකය” යනුවෙන් හඳුන්වනු ලබන ආර්ථික කටයුතුවල අනිවාර්ය ප්‍රතිඵල නිසා උද්ගත වන ඒවා ය. මේ නිසා මෙතෙක් පැවති රේඛීය ආර්ථිකයට වඩා වෙනස් චක්‍රීය එළඹීමක් සහිත නව ආර්ථික චින්තනයක් අවශ්‍ය බව ඩෝනට් ආර්ථික එළඹුම හඳුන්වා දුන් ආර්ථික විද්‍යාඥ කේට් රේවර්ත්ගේ අදහස යි. රේවර්ත්ගේ ඒ ආර්ථික ආකෘතිය ගැන අපි පසුව විමසා බලමු. (සම්පූර්ණ ලිපිය)
23. කේට් රේවර්ත් ගේ ඩෝනට් ආර්ථික මොඩලය.

ආර්ථික විද්‍යාඥයින් අතර කොතෙකුත් දෘෂ්ටිවාද හා පරස්පරතා තිබුණ ද ආර්ථික විද්‍යාව සහමුලින්ම බැහැර කොට අපට කටයුතු කළ නො හැකි ය. එහෙත් සාම්ප්‍රදායික ආර්ථික න්‍යායවලින් ආර්ථික විද්‍යාව පටන් ගන්නවා වෙනුවට මනුෂ්‍යත්වයේ දිගුකාලීන අරමුණුවලින් පටන් ගෙන ඒ අරමුණු සාක්ෂාත් කර ගත හැකි ආර්ථික විද්‍යා චින්තනයක් ගොඩනගා ගත්තොත් කොතරම් ආශ්චර්යක් ද?. (සම්පූර්ණ ලිපිය)
24. අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක්

තීරණ ගැනීමේදී අනිසි දේශපාලන පීඩනවලින් මිදුණු වෘත්තීය ස්වතන්ත්‍රභාවයක් සහිත විෂය විශේෂඥයින්ගේ උපදෙස් තකන විචක්ෂණ රාජ්‍ය නිලධාරි තන්ත්‍රයක් ඇත්නම් දියුණු හා කාර්යක්ෂම රාජ්‍ය කාර්මික පුතිපත්තියක් හඳුන්වාදී ක්‍රියාත්මක කිරීම අපහසු කරුණක් නොවේ. (සම්පූර්ණ ලිපිය)
දිනහතරක වැඩසතියකට ලෝකය වෙනස් කළ හැක

අපේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් වැය කළ යුත්තේ ජීවනොපායක් වශයෙන් “වැඩට යාම” යනුවෙන් අප හඳුන්වන කටයුත්ත ඉටු කිරීම සඳහාද? ඊට වඩා වැඩිකාලයක් ජීවිතය විඳගැනීමට අවස්ථාවක් ලබා ගැනීම පිණිස අප කටයුතු නොකළ යුතුද? වැඩට යාමට වඩා වැඩට නොයා සිටීමට ඇති හැකියාව මානව ප්‍රගතියේ දර්ශකයක් ලෙස සැලකීමට අප දේශපාලකයන්ට බල කළ යුතු නොවේද? (සම්පූර්ණ ලිපිය)
විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම

ලංකාවේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කතිකාව, හුදෙක් අපට අවශ්‍ය වන්නේ ජනාධිපති ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද අගමැති හා කැබිනට් ම්ණ්ඩලය ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද යන සම්‍ප්‍රදායික දෘෂ්ටියෙන් ගලවා ගෙන ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථා මගින් ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරන ජන සමාජය කෙබඳු එකක් විය යුතුද යන වැදගත් කාරණය මුල් කරගෙන මෙහයවිය යුතුය. ඒ අනුව ජන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායක ලෙස තහවුරු කිරීමට අතය්‍යවශ්‍ය සාධකයක් වන ස්වාධීන, බහුවිධ හා විචක්ෂණ ජනමාධ්‍ය ක්ෂේත්‍රයක් බිහි කිරීමේ අවශ්‍යතාවය නොසලකා දියුණු නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දැනුවත් කතිකාවක් කළ නොහැකිය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පතක් යෝජනා කිරීමට ආණ්ඩුව විසින් ජේෂ්ඨ නිතීඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. මේ කමිටුවට යෝජනා එවන ලෙස කළ ඉල්ලීමකට අනුව මම ද ව්‍යවස්ථාවට අඩංගු විය යුතු වැදගත් කරුණු තුනක් යෝජනා කළෙමි. එහෙත් ඒවා මින් පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ඒ ආකාරයෙන් සඳහන් වූ ඒවා නොවේ. මේ ලිපියේ අදහස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එම යෝජනා ඇතුළත් විය යුත්තේ මන්ද යන්න පැහැදිළි කිරීමයි.
ජනමාධ්‍යවේදයේ (journalism) එන වාස්තවිකතාවය (objectivity)අවලංගු නොවන්නේ ඇයි?

(2020 නොවැම්බර් 25 Sri Lanka College of Journalism ශිෂ්‍යයින්ට කරන ලද ඔන් ලයින් දේශනය.) ජනමාධ්‍ය ආචාර ධර්ම වල පදනම කුමක්ද යන්න පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් ඇතිකර ගැනීම ජනමාධ්‍යවෙදීන්ගේ වෘත්තීය අභිවෘදියට මෙන්ම පාඨකයන්ගේ සහ ග්‍රාහකයන්ගේ ජනමාධ්‍ය සාක්ෂරතාවයටද වැදගත්ය. මගේ මේ මැදිහත් වීමේ අරමුණ ජනමාධ්‍ය ආචාර ධර්ම වලට පදනම ලෙස ජනමාධ්‍යවේදයේ එන Journalistic Objectivity හෙවත් ජනමාධ්‍යවේදී වාස්තවිකත්වය යන සංකල්පය අවලංගු නොවන්නේ මන්ද යන්න විශ්ලේෂණාත්මකව සාකච්ඡාවට ලක් කිරීමයි. (සම්පූර්ණ කථාව)

ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?
ජනමාධ්‍යකරු ගේ සමාජමය වගකීම කුමක් ද යන ප්‍රශ්නය සාකච්ඡා කිරීමේ දී මගේ අදහස වන්නේ පුවත් කලාවේ නියැලෙන ජනමාධ්‍ය කරුවන්ගේ වෘත්තීය කාර්යභාරය විමසීමෙන් මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවට පිවිසිය යුතු බවයි. එහෙත් ජනමාධ්‍යය ආයතන වල අරමුණු, අයිතිකරුවන්ගේ අභිමතාර්ථ හා සංලේඛ්‍ය නිදහස (editorial independence), පුවත් කලාවේදීන්ට වෘත්තිකයන් වශයෙන් සංවිධානය වීමට ඇති අයිතිය,……. (සම්පූර්ණ ලිපිය)

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (World Press Freedom Day) ජනමාධ්‍ය නිදහසට ගරු කිරීමට තමන් කැපවී ඇති බව ලොව පුරා ආණ්ඩු වලට මතක් කිරීමට ද ජනමාධ්‍ය නිදහස සහ ජනසමාජයේ ප්‍රගමනය අතර ඇති සහසම්බන්ධතාව එක්ව අන්තරාවලොකනය කිරීමට නැත්නම් සිහි කැඳවීමට ජනමාධ්‍ය වෘත්තිකයන්ට සහ ජන සමාජයට අවස්ථාවක් ලබා දෙන්නා වූද දිනයක්.(සම්පූර්ණ ලිපිය)……

විද්‍යුත් මාධ්‍ය චර්යාව පිලිබඳ කතිකාව ස්ථානගත කිරීමට ප්‍රවේශයක්
විද්‍යුත් මාධ්‍යය පිළබඳ ඇති විවේචනය ස්ථානගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟා කරගැනීම සඳහාද යන කාරණය මං හිතන්නේ අපේ කතිකාවට ඉතා වැදගත්. මේ කතිකාව පුලුල් සමාජය තුළ වගේම විද්‍යුත් මාධ්‍ය ට සම්බන්ධ මාධ්‍යවේදීන් ඇතුළු සියලු ආකාරයේ පරදු දරන්නන් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් ල අතරට ගෙන යාමත් අවශ්‍යයි……… (සම්පූර්ණ ලිපිය)

විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීමේ ගැටලුව
සුදුසු විද්‍යුත් මාධ්‍ය නියාමන යන්ත්‍රණයක් සකසා ගැනීම පිළිබඳ අපේ සාකච්ඡාව මා දුටු අන්දමට මතවාදී ආස්ථාන දෙකකට ධ්‍රැවීකරණය වෙමින් තිබේ. එය විවෘතව සාකච්ඡාවට ලක් කිරීමකින් තොර ව මා විසින් යෝජනා කළ නීතියෙන් නියම කරන පරිදි විවාදාත්මක අවස්ථා සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතී විය යුතු බව, සහ ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී බලපත්‍ර හිමියාගේ අදහස් ප්‍රචාරය නොවිය යුතුය යන කරුණු පිළිබඳ තේරුම් කර ගැනීම අසීරු බව පසුගිය රැස්වීමේ දී මට වැටහුනි…… (සම්පූර්ණ ලිපිය)

විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය
යම් කිසි පුද්ගලයෙකු සම්බන්ධව කරුණුමය අසත්‍යයක් ජනමාධ්‍ය වාර්තාවක පළ වූ විට එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ. එම ඉල්ලීම සාධාරණ නම් වැරැද්ද නිවැරදි කිරීම ජනමාධ්‍යයේ වග කීමෙයි. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙකී අයිතිය හැඳින්වෙන්නේ නිරවද්‍ය කර ගැනීමේ අයිතිය(right to correction) යනුවෙනි……(සම්පූර්ණ ලිපිය)

විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම
රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්න යි. විද්‍යුත් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයකුට අන් මත ත අබිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්ඡා කල යුතු ප්‍රශ්නයක් බව මෑත දී ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් හැසිරුණු ආකාරයෙන් පෙනී යයි…. (සම්පූර්ණ ලිපිය)
විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල වෘත්තීය ප්‍රමිති පිළිබඳ සාකච්ඡා කෙටුම්පතක්

මෙරට විද්‍යුත් මාධ්‍ය වල වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් පුද්ගලික සහ රාජ්‍ය යන දෙවර්ගයේම විද්‍යුත්මාධ්‍ය වලින් ප්‍රචාරය කෙරෙන වැඩසටහන් සම්බන්ධ වෘත්තීය ප්‍රමිති හඳුන්වා දීම සඳහා ගුවන් විදුලි සංස්ථා පණත යටතේ විෂය භාර ඇමති වරයා විසින් ගැසට් කළ හැකි ප්‍රමිති ලයිස්තුවක් කෙටුම්පත් කර දෙන මෙන් 2019 ජුනි මස නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන ප්‍රමුඛ කණ්ඩායමක් මගෙන් කළ ඉල්ලීමකට අනුව සකස් කළ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් ප්‍රමිති සංග්‍රහයක සාකච්ඡා කෙටුම්පතක්ට පහත දැක්වේ. වඩාත් යහපත් ක්‍රමය වන්නේ නිසි ස්වාධීන නියාමන ආයතනයක් මගින් ලබා දෙන විකාශන බලපත්‍රයක අනුල්ලංඝනීය කොන්දේසියක් වශයෙන් එවැනි ප්‍රමිති හඳුන්වා දීම වුවද විද්‍යුත් මාධ්‍ය පිහිටුවීම සඳහා දැනට බලපත්‍ර ලබා දෙන්නේ1967 අංක 37 දරණ ගුවන් විදුලි සංස්ථා පනතෙන් විෂයය භාර ඇමති වරයාට දී ඇති බලය අනුව වන බැවින් එම පනතේ විධි විධාන ප්‍රකාරව මෙම ප්‍රමිති ගැසට් කිරීමට ඇමති වරයාට බලය ඇත. ග්‍රාහක ජනතාවට තමා නරඹන අසන වැඩසටහන් වල ප්‍රමිතිය කෙබඳු විය යුතු දැයි අවබෝධ කර ගැනීමටත් තමන් ඉදිරිපත් කරන වැඩසටහන් වල තිබිය යුතු වෘත්තීය ගුණාත්මක භාවය ගැන වැඩසටහන් නිෂ්පාදකයන් සහ ඉදිරිපත් කරන්නන් දැනුවත් කිරීමටත් එවැනි ප්‍රමිති ගැසට් කිරීම අතිශයින් වැදගත්ය. විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ප්‍රමිති වලට අනුව යමින් සකස් කළ මෙම ලේඛනයේ සිංහල පරිවර්තනය මට සොයා ගැනීමට නොහැකි විය. (සම්පූර්ණ ලිපිය)

ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?
පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය සැලසුම් කිරීම සහ දියුණු කිරීම අතිශය වැදගත් කාර්යයකි…. (සම්පූර්ණ ලිපිය)

විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.
පිළිගත් ස්වාධීන යන්ත්‍රණයක් මගින් ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුව සිදු කෙරෙන්නේ නම් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම යනු කිසි සේත් ම මර්දනකාරී ක්‍රියාවක් නොවේ. එහෙත් විද්‍යුත් මාධ්‍ය නියාමනය ගැන කතා කරන්නට බොහෝ අයට සිහිපත් වන්නේ ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් ග්‍රාහකයන්ගේ සාමාන්‍ය බුද්ධියට නිගරුවන අන්දමට මාධ්‍ය හිමියන්ගේ චණ්ඩි කම් පෙන්වීමට යොදා ගන්නා අවස්ථාවලදී ය…… (සම්පූර්ණ ලිපිය)

සංලේඛ්‍ය නිදහස (Editorial Independence) හා පුවත් කතෘකරණය
සංලේඛ්‍ය නිදහස (Editorial Independence) යනු රටක ජනමාධ්‍ය කොතක් දුරට ප්‍රශස්තදැයි යන්න නිගමනය වන වැදගත් සංරචකයකි. ඒ නිසා පුවත් කතෘකරණයේදී සංලේඛ්‍ය නිදහස යනු පාවාදිය නොහැකි ඉතා වැදගත් වෘත්තීය ප්‍රමිතියක් වන්නේ මන්දැයි විමසීම මේ ලිපියේ අරමුණයි. (සම්පූර්ණ ලිපිය)

ජනමාධ්‍ය ආචාරධර්ම කතිකාවට පදනමක්
මහජන සේවාව ප්‍රමුඛ කරගත් වෘත්තීය ආචාරධර්ම පිළිපැදීම මාධ්‍යයේ නිදහස සහ ස්වාධීනත්වය තහවුරු කර ගැනීමේ මාර්ගයකි. ජනමාධ්‍යවේදීන් සිය වෘත්තිය ආචාරධර්ම අනුව කටයුතු කිරීමට කොතෙක් දුරට කැපවී ඇත්ද සහ ඒ සඳහා ඇති වෘත්තියමය(හා ශාරීරික)රැකවරණය මෙන්ම සමාජමය අනුග්‍රහය කුමක්ද යන්න ජන මාධ්‍ය නිදහස පිළිබඳ තවත් වැදගත් දර්ශකයකි…..(සම්පූර්ණ ලිපිය)

මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස
ජන මාධ්‍යකරුවා සතු වෘත්තීය පරිචය තියුණු කිරීමට දායක වන එක් වැදගත් සාධකයකි ජනමාධ්‍ය පරිශිලනය කරන්නන්ගේ හෙවත් ග්‍රාහකයන්ගේ විචාර බුද්ධිය. විවධ මාධ්‍ය ප්‍රකාශණ වල ගුණාත්මක බව සසඳා බැලීමට තරම් යහපත් අදීන බහුමාධය්‍ය වාතාවරණයක් පවතින මුහුකුරාගිය ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක ග්‍රාහකයන්ට මේ විචාර බුද්ධිය අනුක්‍රමයෙන් වගා කරගැනීම අසීරු නොවේ….. (සම්පූර්ණ ලිපිය)

එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?
නිදහස් සාධාරණ මැතිවරණ සහ බහුතරය විසින් පත් කරනු ලබන පාලනය වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක් ම නොවේ……. (සම්පූර්ණ ලිපිය)

තොරතුරු ප්‍රභවයක රහස්‍ය භාවය රැකීමට ජනමාධ්‍යකරුවෙකු සතු අයිතිය
ජනමාධ්‍යවේදියෙකුට ලැබෙන තොරතුරු වල ප්‍රභවය රහසිගතව තබා ගැනීමට අවශ්‍ය අවස්ථා වල දී ප්‍රභවය හෙළිදරව් කිරීමට බල නො කළ යුතු ය යන්න පිළිගත් සම්ප්‍රදායක් පමණක් නොව ඇතැම් රටවල නීතියෙන් පවා ආරක්ෂා කර ඇති අයිතියකි. එයට හේතුව ප්‍රභවයක් හෙලි කිරීමට බල කළ හොත් ජනමාධ්‍යකරුවෙකු විසින් කරන වාර්තාකරණයකින් හෙළිදරව් විය හැකි අකටයුතු හෙලි කිරීම පිණිස තොරතුරු සපයන්නන් ඉදිරිපත් නො වීමයි. (සම්පූර්ණ ලිපිය)

ප්‍රගාමී තොරතුරු අනාවරණය: තොරතුරු අයිතිය පිළිබඳ ඉටු නොවූ වගකීම
මහජන අධිකාරි භාරයේ ඇති තොරතුරු වලට ප්‍රවේශ වීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලාංකේය පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් බවට පත් විය. මේ අයිතිය සාක්ෂාත් කර දීමේ වගකීම රජයට සමස්තයක් වශයෙනුත් 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත මගින් නිර්ණය කර ඇති පොදු අධිකාරි වලට සුවිශේෂ වශයෙනුත් පැවරේ. (සම්පූර්ණ ලිපිය)
ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ කැබිනට් පත්‍රිකා කෙටුම් පත
2019 මුල් කාර්තුවේදී පහත දැක්වෙන කැබිනට් පත්‍රිකා කෙටුම්පත මවිසින් පිළියෙළ කරන ලද්දේ මහජන ආයතන සතු තොරතුරු ප්‍රගාමී ලෙස අනාවරණය කිරීම දිරිගැන්වීම අරමුණුගත් ලෝක බැංකු ව්‍යාපෘතියක් වෙනුවෙනි. පසුව මෙම ලේඛනය ඒ සඳහා පැවැති UNDP ව්‍යාපෘතියක් සඳහා ද යොදා ගැනිණි. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ජනමාධ්‍ය අමාත්‍යාංශය සිරිසේන ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමෙන් පසු එහි ප්‍රගතිය ගැන දැන ගැනීමට මට නොහැකි විය.(සම්පූර්ණ කැබිනට් පත්‍රිකාව)

උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් – තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම
මහජන ආයතන සතු තොරතුරු ලබා ගැනීම හා ඒවා පරිශීලනය කිරීමට මහජනතාවට ඇති අයිතිය සහතික කරන හා ක්‍රියාත්මක කරන නීති විධිවිධාන මුල්කාලයේදී හැදින්වුනේ තොරතුරු නිදහස පිළිබඳ නීති වශයෙන්. නමුත් Freedom of Information නැත්තම් තොරතුරු නිදහස යන යෙදුම 1946දී එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම වරට පාවිච්චි වුනේ වඩා පුළුල් සංකල්පයක් වුන තොරතුරුවල නිදහස් ප්‍රවාහය (Free Flow of Information) නැත්තම් මර්දනය කිරීමකින් තොරව තොරතුරු නිදහසේ වහනය වීමට ඉඩ දිය යුතුය යන අදහස හැඳින්වීමටයි…..(සම්පූර්ණ ලිපිය)

Should Journalists be Licenced?
Back in late 1999 when I was the UNESCO’s Regional Communication Adviser for Asia, based in Kuala Lumpur, I had to intervene to convince the Government of Cambodia to give up its intended plan to license the journalists. (read more)

For more than six decades Influence of violence in media content has been a subject of academic research. For a number of years the UNESCO supported International Clearing House on Children Youth and media, located at the University of Gothenburg in Norway, has produced a number of research publications related to media youth and children which include collections of research from different regions. The subject of media and violence has been treated in some of them. More recently the clearing house published a research summary on mediated violence edited by Dr. Cecilia Von Feilitzen, and my intervention today is based largely on her excellent summary[1] on the subject. (read more)

Should media self-regulation be voluntary or mandatory?
Each time when there is a public outcry against the way some sections of the media behave or the governments are displeased with the way media scrutinise its activities, the need to regulate media resurfaces with vengeance and without having any meaningful public discussion to understand the issues around such alleged behaviours. But without being emotional and confrontational we need to look at how other democracies have dealt with the issue of media regulation. (read more)

Media and Development Challenges
“So it is evident that if media does not become a platform for democratic discourse (including the development discourse) it could be due to a number of deficiencies. It is important to identify those deficiencies and address them with adequate investments.” — From the intervention I made in 2008 during the Strasbourg meeting on the development challenges of African media. (read more)
මතවාද
මෙතැනින් කොතැනටද?

බ්‍රිතාන්‍යයේ නිව් ස්ටේට්ස්මන් සගරාවේ තීරුලිපි රචකයෙකු වන පෝල් මේසන් මා ප්‍රිය කරන සමාජ විචාරකයෙකි. ඔහු ලියූ බෙහෙවින් ජනප්‍රිය වූ Post-Capitalism – A Guide to Our Future නමැති පොතේ සංක්ෂිප්ත අනුවාදයක් “පශ්චාත් ධනවාදය: අපේ අනාගතයට මාර්ගෝපදේශයක්” යන නමින් මගේ ‘සම්පින්ඩන’ නමැති කෘතියට ඇතුලත් කර තිබේ. කෝවිඩ් 19 නිසා තව තවත් අර්බුධයට යන නව ලිබරල්වාදී චින්තනයෙන් ගැලවී නව දැක්මක් මත ප්‍රතිසංවිධානය වීමේ අවශ්‍යතාවය මෑතකදී ඔහු බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයට පෙන්වාදුන්නේය. එයින් සංක්ෂිප්ත කරගත් මූලික කරුණු මා පහතින් සටහන් කරන්නේ ලංකාවේ කිසිදු විකල්ප දේශපාලනයකට එවැනි ප්‍රකාශිත අරමුණක් නොතිබීම බලවත් අඩුපාඩුවක් ලෙස සලකමිනි.
“එක්තරා අවධියකදී දුප්පත්කමින් සැලකිය යුතු සංඛ්‍යාවක් මුදා ගැනීමට ධනවාදය සමත් විය. එහෙත් නවලිබරල්වාදය විසින් බිහිකළ කුවේර ධනවාදයේ ඵලයක් ලෙස මේ වන විට ආදායම් විෂමතා පරතරය විශාල ලෙස වැඩිවී තිබේ. එනිසා අඩු ආදායම්ලාභින්ගේ මෙන්ම පහළ මධය්‍යම පන්තියේද හිස එස වීමේ බලාපොරොත්තු බෙහෙවින් සුන්වී තිබේ. ඒ අතර නවලිබරල්වාදි විෂමතාවය විසින් බිහිකරන ලද ධන කුවෙරයන් අතලොස්ස කතිකාමය ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කොට රටේ දේශපාලනය සහ මහජන මතය සිය වාසිය සඳහා මෙහෙයවීමේ හැකියාව අත්පත්කරගෙන තිබේ. විෂමතා පරතරය නිසා සුන්කරගත් බලාපොරොත්තුවලින් යුතු අයට විශ්වාස ජනක විකල්පයක් ලබාදිමට නම් අසාර්ථක නවලිබරල්වාදී ආර්ථික හා දේශපාලන දර්ශනය වෙනුවට, වැඩිවන ආදායම් පරතරය අවම කරන, අතලොස්සක් අතර ඒකරාශිවන ධනය නැවත බෙදීයාමේ රැඩිකල් වැඩ පිලිවෙළක් දියත් කළ හැකි, පිරිපුන් ජීවිතයක් ගත කිරීමට හැම කෙනකුටම හැකියාව ඇතිකර ගත හැකි, නිර්කාබනික ආර්ථිකයක් ගොඩ නැගීම අධිෂ්ඨානය කරගත් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් දැන් අවශ්‍ය වී තිබේ. එකී පුළුල් දේශපාලන ව්‍යාපාරයට පහත දැක්වෙන නිශ්චිත පස් වැදචෑරුම් අරමුණු ඉටු කරගැනීමේ දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙළක් තිබිය යුතුය.
(1)ආර්ථිකය නිර්කාබනීකරණය කිරීම; (2)ගෝලීය මූල්‍යක්‍රමයේ ආධිපත්‍යයෙන් අත්මිදීම; (3) ධනය, ආදායම සහ දියුණුවීමේ ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන් දැනට පවතින උග්‍ර විෂමතා අඩු කිරීම; • (4) ප්‍රගතිය පිළිබඳ නිශ්චිත නිර්ණායක මගින් පිළිඹිබු කළ හැකි පරිදි හැමට තෘප්තිමත් ජිවිතයක් ළඟා කර ගැනීමේ හැකියාව වැඩි කිරීම; (5) බලය රැඩිකල් ලෙස ප්‍රතිව්‍යාප්ත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම.
එම වැඩපිළවෙළේදී විදේශීය ප්‍රතිපත්තිය සම්බන්ධ මූලධර්මය විය යුත්තේ මිලිටරි මැදිහත්වීම්වාදයට සහ විදේශිය ඒකාධිපතියන්ට සහය දීම ප්‍රතික්ෂේප කිරීම සහ සාමය, ආරක්ෂාව, සහයෝගිතාවය හා ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍ය සුරැකීම සාක්ෂාත් කරගත හැකි අන්දමින් බහුපාර්ශවීය ගෝලීය සංවිධාන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමයි.

කලා හා මානව ශ්‍රාස්ත්‍රීය විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්
අපේ විශ්ව විද්‍යාල වල කලා සහ මානව විද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව ඒ විෂයයන් තරයේ ඉගෙන ගැනීමට දක්වන උනන්දුව මද බව අසන්නට ලැබේ. කලා සහ මානව ශ්‍රාස්ත්‍රීය විෂයන් මෙන් නොව භෞතික, රසායනික හා ජීව විද්‍යා වැනි ශුද්ධ විද්‍යා විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස් කරන සුලු, විද්‍යා පර්යේෂණ නිගමන වලින් මෙහෙය වෙයි. එයට වෙනස් ව කලා හා මානව ශ්‍රාස්ත්‍රීය විෂයයෙහි වෙනස් කම් සිදු වන්නේ නිරන්තරයෙන් සංක්‍රාන්තියට (transition) ලක් වෙන සංස්කෘතියකට එම විෂය ක්ෂේත්‍ර අයත් වන බැවිනි……(සම්පූර්ණ ලිපිය)

උසස් අධ්‍යාපනයේ ගැටළු හඳුනා ගැනීම හා සුදුසු විසඳුම් නිරවුල් කර ගැනීම –
සාකච්ඡා සටහනක්
ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල කලා විෂයයන් හදාරන ශිෂ්‍ය ප්‍රජාව තුළ සිය අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත භාවයකි. මේ අවිනිශ්චිත භාවයට හේතු නිසි ලෙස විශ්ලේශණයට ලක් කිරීම පිණිස උචිත සමීක්ෂණයක් තවමත් පවත්වා නැත. එහෙත් උසස් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ නිසි ප්‍රතිපත්ති සම්පාදනයට වැදගත් විය හැකි තොරතුරු කලා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධයෙන් ඇති ඇතැම් උපාඛ්‍යාන සාක්ෂිවලින් හෙළි කරගත හැකිය..(සම්පූර්ණ ලිපිය)…

අනේ දේශපාලනඥයිනි ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට අපේ දරුවන්ට ඉඩ දෙන්න
‘ද්වි භාෂා අධ්‍යාපනය; හොඳ ම දේ දරුවන්ට’ යන මැයෙන් කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලේ විදුහල්පති කේ.ඒ. විමලකීර්ති මහතා දෙසතියකට පෙර රාවයට ලියූ ලිපිය අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන නායක කාරකාදීන්ගේත් මෙන් ම තම දරුවන්ට හොඳයැ’යි සම්මත පාසලක් ලබා දීමට හතර අතට වැඳ වැටෙන දෙමව්පිය ඡන්දදායකයන්ගේ ද නො මද අවධානයට යොමු විය යුතු ලිපියක්යැ’යි මම සිතමි. ..(සම්පූර්ණ ලිපිය)

දින හතරක වැඩ සතියක් ඉල්ලමු
දින හතරක වැඩ සතියක් ඉල්ලීම නූතන වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහ දේශපාලනයේ ප්‍රමුඛ කාර්යයක් විය යුතු බව මගේ මිත්‍ර ස්වාධීන වෘත්තීය සමිති නායකයෙකුට පෙන්වා දී වසර දෙකකට පමණ පසු ෆින්ලන්තයේ නව අගමැතිනිය එය සිය රාජ්‍ය ප්‍රතිපත්තිය කර ගෙන ඇති බව ඇසීමට ලැබීම සතුටට කරුණකි. අප සටන් කළ යුත්තේ පමණට වඩා වැඩ කිරීම සඳහා නොව රැකියාව සඳහා අවම කාලයක් වැය කොට ජීවිතය විඳ ගැනීම සඳහා උපරිම කාලයක් වැය කිරීමටයි. සතියකට දින හතරක් වැඩ කිරීම යනු අවම වශයෙන් හැම සතියක ම දින තුනක කාලයක් පවුලේ දරුමල්ලන් සමග ගත කිරීමට, ක්‍රීඩා විනෝදාංශ හා නිර්මාණාත්මක කටයුතු වල යෙදීම, තෘප්තිකර මිතුරු ඇසුරකට, ස්වේඡ්චා සමාජ කටයුත්තකට, වැඩිදුර අධ්‍යාපනයට හෝ නවොත්පාදනයක නිරත වීමට ඉඩ ප්‍රස්ථා ලබා ගැනීමකි. ඇතැම් සමීක්ෂණ වලින් පෙන්වාදී ඇති පරිදි දින හතරක වැඩ සතිය වැඩ පොළ කාර්යක්ෂමතාව ඉහළ නංවන අතර, රැකියා නියුක්තිය සංඛ්‍යාත්මකව වැඩි කිරීමටද දායක වෙයි. එහෙත් ඊනියා ශ්‍රමාභිමානය උත්කෘෂ්ට කොට සැලකූ ලංකාවේ වාමවාදී ව්‍යාපාර ශ්‍රමය වන්දනා මාන කිරීමට කටයුතු කළා මිස වැඩ කරන මිනිසුන්ට සිය ජීවිතය විඳ ගැනීමට අවස්ථාව සැලසීමේ අවශ්‍යතාව ගැන ඒ තරම් උනන්දුවක් නො දැක්වීය. තාක්ෂණයේ දියුණුවත් සමග බොහෝ කාර්ය ස්වයංක්‍රීය ව ඉටු කර ගැනීමේ හැකියාව වැඩි වෙමින් පවතින බැවින් මිනිස් ශ්‍රමය අඩුවෙන් යොදා ගැනීමේ හැකියාව ද වැඩිවෙමින් පවතී. නිසි දේශපාලනික ප්‍රතිපත්ති මගින් කළමනාකරණය නො කළ හොත් බොහෝ විට එහි ඵලය විය හැක්කේ රැකියා වියුක්තිය වැඩී වීමයි. එහෙත් අවම කාලයක් වැඩ කිරීමට කැප කිරීම සමාජ සම්මුතිය බවට පත් වන සමාජයක සම්ප්‍රදායික මානව රැකියා වියුක්තියේ ප්‍රමාණය සඵලතාව පිළිබඳ හොඳ දර්ශකයක් විය හැකිය.⛔️

ජන සංනිවේදන මාධ්‍ය සමාජය ගොඩ නැගීමේ සාධකයක් ලෙස
සමාජ විද්‍යාත්මක අර්ථයෙන් බැහැරව සමාජය යන වචනය අපේ ජන වහර තුල පැළපදියම් වෙන්නට ඇත්තේ 1931 ඇරඹි සමසමාජ ව්‍යාපාරය නිසා යැයි මට සිතේ. ඉන් අනතුරුව විටින් විට ධර්මිෂ්ඨ සමාජය (සෝපාහාසයෙන් මුසුව) සාධාරණ සමාජය (කඩවෙන පොරොන්දුව) ඈ වශයෙන් නොයෙක් විශේෂණ පද සහිතව සමාජය යන්න මෙරට තුල ජනප්‍රිය දේශපාලන වහරක් බවට පත් විය. සමාජ සංවර්ධනය අද හැම දේශපාලනඥයකුගේ ආර්ථික විශේෂඥයෙකුගේ මුවග රැව් දෙන වචනයකි. සමාජය යන යෙදුම අවඥාවට ලක් කළ බ්‍රිතාන්‍යයෙ හිටපු කොන්සර්වේටිව් අගමැතිනි මාග්‍රට් තැචර් ‘සමාජය කියන්නේ මොන බහුබූතයක්ද රටක ඉන්නෙ පුද්ගලයා සහ පවුල මිසක් සමාජය කියල එකක් නැහැ’ යනුවෙන් පැවසුවාය.
සමාජයක් යන්න සංයුක්ත වන්නේ හුදෙක් රටක ජීවත් වන ජනගහණය හා ඔවුන් කෙරෙහි බලපවත්වන සාංස්කෘතික, දේශපාලනික හා ආර්ථික විධිවිධාන පිළිබඳ ජාල වලින් ම පමණක් ම නොවේ. ජනගහනයේ සංනිවේදන හැකියාවද එමගින් සමාජයේ සාමාජිකයන්ට අත්පත්කරගත හැකි නව දැනුම ද සමාජය හැඩගැස්වීමේ ලා තීරණාත්මක සාධකයෝ වෙති. කොටින් ම සමාජය යනුවෙන් හැඟවෙන්නේ ම එහි සාමාජිකයන් අතර සිදුවන සංනිවේදනය මගින් සමාජය ගැන ඇති කරගන්නා අවබෝධය හෙවත් ප්‍රත්‍යක්ෂණයයි. වර්තමානයේ මේ අවබෝධය වැඩි වශයෙන්ම මෙහෙයවන්නේ ජන සංනිවේදනය මගිනි. සමාජය නොවෙනස්වන තිරසාර දෙයක් නොවන බැවින් එකිනෙකා සම්බන්ධයෙන් සමාජයේ සාමාජිකයන් ඇති කරගන්නා ආකල්ප වල දිශානතිය තීරණය කරගන්නේ ද වෙනස් වන සමාජ වාතාවරණය තුළයි. එම දිශානතිය තුමක්ද යන්න නිරූපණය වෙන්නේ අර කී ජන සංනිවේදන වල ස්වාභාවය සහ අන්තර්ගතය සම්බන්ධයෙන් ඇතිවෙන වෙනස්කම් වලට පුද්ගලයන් විසින් දෙනු ලබන ප්‍රතිචාර වලිනි.
ඒ නිසා සමාජය යන්න නිර්ණය වන්නේ එහි ජීවත් වන පුද්ගලයන් සහ සමාජීය ආයතන අතර ඇතිවෙන සුවිශේෂ ආකෘති වල සම්බන්ධතා අනවරතයෙන් ඇගයෙන හා යළි තහවුරු කෙරෙන සංනිවේදනය හා සම්බන්ධ අන්තර් ක්‍රියා මගිනි. මෙය සිදු වන්නේ භාෂාව හා සංකේත කරණය යොදා ගැනීම හරහා සමාජය තුළ බලය සංවිධානය කෙරෙන ආකාරය සමග සම්බන්ධ වන ජන සංනිවේදන නාලිකා මගිනි.
එහෙත් දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා කරන බොහෝ අය අත්‍යවශ්‍ය ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන අවධානයක් යොමු නොකරති. ලංකාවට අවශ්‍ය කෙරෙන ජනමාධ්‍ය ප්‍රතිසංස්යකරණ මොනවාද යන්න හේතු සහ නිර්දේශ සහිතව විස්තීර්ණ ලෙස සාකච්චාවට ලක්කරණ වාර්තාවකි “ජනතාවට වගකියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා” යනුවෙන් සිංහලට පරිවර්තනය කළ මගේ මාර්ගෝපදේශකත්වය මත සකස් කරන Rebuilding Public Trust නමැති සාමූහික වාර්තාව. එය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිලිබඳ මෙතෙක් ලියැවුණු වඩාත්ම පරිපූර්ණ ලේඛනය වශයෙන් සැලැකිය හැකිය. එම සිංහල සහ ඉංග්‍රසි ලේඛන දෙකම මෙතැනින් බාගත හැකිය.

සේපියන්ස් සිංහල පරිවර්තනය
නිසැකව ම කියවිය යුතු සහ කතා බහට ලක් කළ යුතු පොතක්
නවකතා වැනි ප්‍රබන්ධ සාහිත්‍ය පරිවර්තන කෘති සැලකිය යුතු සංඛ්‍යාවක් නිතිපතා සිංහලෙන් පළ වන නමුත් වැදගත් විෂය කරුණු පිළිබඳ මහජන අවබෝධය වඩවන නිර්ප්‍රබන්ධ (nonfiction) පරිවර්තන කෘති සිංහලෙන් පළ වෙන්නේ කලාතුරකින්. වැඩි ම පාඨක අවධානයක් දිනා ගත් ඉංග්‍රීසි කෘති පිළිබඳ පිළිගත් අන්තර්ජාතික දර්ශකයක් වශයෙන් සැලකෙන නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ “බෙස්ට් සෙලර්ස්” ලැයිස්තුවේ නිර්ප්‍රබන්ධ කෘති අතර පළමුවැනි තැන මාස ගණනාවක් තිස්සේ දිනා ගත් ‘සේපියන්ස්’ කෘතිය දැන් සිංහලෙන් කියවන්නට ලැබීම දැනුම් පිපාසයෙන් පෙළෙන සිංහල පාඨකයන්ගේ වාසනාවක්.(සම්පූර්ණ ලිපිය)…….

ගැටුම් සංවේදී වීම හා කූට පුවත්
ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුලු ජාතික කොටස්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන සිදු වන කලහකාරී ප්‍රචණ්ඩත්වය යළි යළිත් සිදු වීම නිසා තමා ඛෙහෙවින් කම්පාවට පත් වෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු පසුගිය 07 වැනිදා ජිනිවාහි මානව හිමිකම් කොමිසමේ දී සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය. සුවිශේෂ වශයෙන් අම්පාර හා මහනුවර අවට ඇති වූ සිදුවීම් පිළිබඳ සඳහන් කළ අල් හුසේන් කුමරු ඔහුගේ ප්‍රකාශයේ කිසිදු තැනක ඒවා බෞද්ධයන් විසින් මුස්ලිම්වරුන් ට එරෙහිව කළ ක්‍රියා යැයි ප්‍රකාශ නො කළේ ය.
එහෙත් මේ සිදුවීම නිසා ලංකාවට ඇති වන අපකීර්තිය ගැන සඳහන් කරන අතර ම මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා බෞද්ධයන් විසින් මුස්ලිම්වරුන් ට එරෙහිව කරන ක්‍රියා බව හුසේන් කුමරු කියා ඇතැzයි ලේඛකාධිකාරී හිමි නමක් කරන ප්‍රකාශයක් ඉකුත් 09 වැනි සිකුරාදා සිය සැඳෑ ප්‍රවෘත්ති ප්‍රකාශයක දී රූපවාහිනී නාලිකාවක් උප සිරැසි ද සහිත ව ඔහේ ප්‍රචාරය කර හැරියේ ය……(සම්පූර්ණ ලිපිය)

විකල්ප මාධ්‍ය යනු කුමක් ද – කතිකාවකට ප්‍රවේශයක්
ජනමාධ්‍ය සහ සමාජ විද්‍යා විෂයයේ විකල්ප ජන මාධ්‍ය සම්බන්ධයෙන් ඇති අධ්‍යනයන් ඉතා අල්පයි. ජන මාධ්‍ය අධ්‍යනකරුවන්ගේ බයිබලය ලෙස සැලකෙන ඩෙනිස් මැක්ක්වේල්ගේ ජනමාධ්‍ය න්‍යාය නමැති ග්‍රන්ථයේ වර්තමාන සංස්කරණයේ පවා විකල්ප මාධ්‍ය සම්බන්ධයෙන් ඇති සටහන පිටු දෙකකට පමණක් සීමා වූ වක්. අනික් අතට විකල්ප මාධ්‍යය ක්ෂේත්‍රයෙ ශ්‍රාස්ත්‍රීය අධ්‍යන බොහෝ විට යොමු වී ඇති අත්තේ ප්‍රජා ගුවන් විදුලි වැනි දුලබ මාධ්‍ය ව්‍යුහ සම්බන්ධයෙන් පමණයි…… (සම්පූර්ණ ලිපිය)

The Sunday Times editorial of 13 October titled “NEC’s impractical guidelines” mentioned that “if any media outlet wishes to support any one particular candidate it should be at liberty to do so” and went on to say that “In democracies in the West media endorse candidates”. It is absolutely correct that there is no justification preventing any print media publicly supporting a particular candidate, provided that they do it openly after making a public declaration to their readers……(read more)

New Constitution and Religious Freedom
In his set of proposals for a new constitution, Dr. Laksiri Fernando has rightly pointed out the need to include fundamental rights in a much more comprehensive manner. However, in the area of religious freedoms he seems to go overboard by proposing an additional constitutional guarantee which says that ‘’No one should be prohibited or discriminated for wearing attire by one’s own religion or belief.’’ While I have no quarrel in assuring freedom to believe and practice a religion in a peaceful manner, it is totally inappropriate to provide a guarantee…...(read more)

The 19A Allows Private Broadcasters To Legally Skew Elections!
The new clause 26 of the proposed constitutional amendment allows private broadcasters to ignore the Election Commission’s media guidelines if the broadcaster informs the EC in advance of its intention to support a particular political party of its choice. The first version of this text even allowed the state broadcaster to take a partisan position during the election, but now the new text has limited the partisan broadcasting only to private broadcasters. Irrespective of this change what this provision allows is a totally ill advised practice which has all the potentials to undermine the conduct of a free and fair elections…..(read more)

Asia Pacific Screen Award was established in 2007 with UNESCO’s support. The first anniversary of the award was held during the Cannes International Film Festival on the 16th May 2008. Speaking on UNESCO’s behalf I underlined the importance of the Asia Pacific Screen Award as a shared commitment by UNESCO, to foster a greater understanding of the Asia Pacific’s multiple identities, diverse cultures and their mutual enrichment through promotion of Cinematic Excellence. (Read more)
India – The Community Media Policy Review Interventions.

I associated with the development of Indian community radio policy since I was based in UNESCO’s New Delhi Office. In the 2004 I made the keynote speech in the stakeholder meeting convened by the Indian government to develop a community radio policy. Since then I was invited to two policy review meetings, one in 2008 and then in 2010. Below are the edited versions of my interventions highlighting the essential considerations of a community radio policy. (Read more)
THE HEAT IS ON – CLIMATE CHANGE AND THE MEDIA

On UNESCO’s behalf I was instrumental in organising the first ever International Conference on Broadcast Media and Climate Change in 2009 September at UNESCO Head Quarters in Paris. Nearly 250 broadcasting organisations participated in this event and subsequently we were able to establish a climate change related content exchange mechanism among broadcasters with the help of BBC which offered high quality content related to climate science and impacts from the different parts of the world, which the local broadcasters would normally not in a position to gather. Subsequently the German Public Service Broadcaster Deutsche Welle organised a follow up global media forum in June 2010. Below is the intervention I made at the closing ceremony of the forum. (Read more)
අයුතු වාරණ බලය

ජනහඬට පිටුපාන දේශපාලකයන්ට නාළිකාවල ඉඩනැහැ’ යනුවෙන් අද (04/05/22) අරුණ පුවත්පෙත් පළ වූ වාර්තාවකට අනුව විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්ගේ සංවිධානයක් වන විද්‍යුත් විකාශයන්ගේ සංසඳය ඔවුන්ගේ අභිමතය අනුව තෝරාගත් පුද්ගලයන් වැඩසටහන් වලට සහභාගි වීම වාරණය කිරීමට තීරණය කර ඇත. මෙවැනි අයුතු බලයක් විද්‍යුත් මාධ්‍ය හිමියන් භාවිතා කිරීම මුලුමනින් ම වැරදි ක්‍රියාවකි. වැඩ සටහන් වලට සහභාගිවිය යුතු අය තීරණය කිරීම තනිකරම වැඩසටහන නිපදවන ජනමාධ්‍යවේදියාගේ වෘත්තීය වගකීමක් මිස මාධ්‍ය අයිතිකරුවන්ගේ හෝ ඔවුන්ගේ සංවිධානවල වාරණ නියෝග අනුව සිදුවිය යුත්තක් නොවේ. එවැනි නියෝග මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය කරයි. තමන් හා එකඟ නොවන දේශපාලනඥයන්ගේ අදහස් ද දැනගැනීමට මහජනයාට අයිතියක් ඇති අතර තමන් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ කෙරෙන විවේචනවලට පිළිතුරු දීමට එකී දේශපානඥයන්ට ද අවස්ථාවක් ඉල්ලා සිටි විට එම මාධ්‍ය මගින් ම ලබා දිය යුතුය. විද්‍යුත් මාධ්‍ය හිමියන් වැඩසටහන්වල අන්තර්ගතය තීරණය කිරීම සහ රජය විසින් මාධ්‍ය අන්තර්ගතය වාරණය කිරීම අතර වෙනසක් නැත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලු වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංවිධාන සිය සංලේඛ්‍ය නිදහස උල්ලංඝනය කරන විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ මේ නොමනා තීරණය වහාම ප්‍රතික්ෂේප කළ යුතුය.
මගේ පොත්

අද ජීවත් වන පරපුරේ වැඩි දෙනෙක් 2050 වන විට ද ජීවත් විය යුතු වේ. එහෙත් ඒ වන තෙක් මේ ලෝකය මෙලෙස ම පවතී ද? මිනිස් ක්‍රියාකාරීත්වය නිසා ගෝලීය උණුසුම වැඩි වීම, ඒ නිසා ඇතිවිය හැකි ඵල විපාක සහ ඒවාට විසඳුම් පොදුවේ අප කාටත් තේරෙන අන්දමින් විස්තර කරන මේ පොත ගෝලීය උණුසුම පිළිබඳ මෙතෙක් සිංහල බසින් පළ වූ වඩාත් ම පරිපූර්ණ ග්‍රන්ථය වශයෙන් සැලකිය හැකිය. පාසල් සිසු දරුවන්ට පමණක් නොව දෙමව්පිය වැඩිහිටියන්ට ද මේ වැදගත් විෂය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මේ පොත හේතු වේ. අගහස් ප්‍රකාශනයක් ලෙස ජුලි 01 දින පිටවිය.
මේ පොතේ කර්තෘ ආචාර්ය ටිම් ෆ්ලැනරි විශ්ව කීර්තියක් ඇති ජීව විද්‍යාඥයෙකි. ඔහු ගේ We are the Weather Makers නමැති මේ පොතේ මුල් ම අනුමත සිංහල පරිවර්තනය ‘දේශගුණය අපේ නිපයුමකි’ යනුවෙන් 2008 දී පළ විය. මේ එම පොතේ ම දෙවැනි සංශෝධිත සංස්කරණයයි.




ගුවන් විදුලි මාධ්‍ය සඳහා නාට්‍යය පිටපතක් ලිවිය යුත්තේ කෙසේද?
මෙම සටහන මවිසින් මුලින්ම පිළියෙල කළේ රජරට සේවයේ ආරම්භක අවධියේ 1980 දී රජරට ප්‍රදේශයෙන් ගුවන් විදුලි නාට්‍ය සඳහා පිටපත් එවූ අයට ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම පිනිසයි. පසු කලෙක මේ සටහනේ එන ඇතැම් කොටස් නැසීගිය සුගතපාල සිල්වා ශූරීන් ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ ඔහු ලියූ “හඬ නළුව” නමැති පොතට ඇතුළු කළේය.
ඇස්ට්‍රිඩ් ලින්ග්‍රන්ගේ Brothers Lionheart ළමා කථාවේ සිංහල පරිවර්තනය – “දෙසොහොයුරෝ” 2002 රාජ්‍ය සාහිත්‍ය සම්මාන – හොඳම පරිවර්තනය (යොවුන් ග්‍රන්ථ) – ඊපොත බාගෙන කියවන්න.
ඥානික

දැනුම යනු කුමක්ද? කෙටි හැඳින්වීමක්
සරල ව කිවහොත් ‘දැනුම’(knowledge) යනු ‘දන්නා දේවල්’ බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. උදාහරණ ලෙස පෘථිවිය ගෝලාකාර බවත්, පැරිසිය යනු ප්‍රංශයේ අගනුවර බවත් ඔබේ දැනුමට අයත් ඔබ දන්නා දේවල් විය හැකියි. එමෙන්ම ඔබට යම් තරමකට ඉංග්‍රීසි කතා කිරීමට (නැත්නම් ලිවීමට) හැකි බවත්, දෙකයි දෙකයි එකතු කළ විට හතරක් වෙන බවත් ඔබ දන්නා ‘දැනුම්’ විශේෂ විය හැකිය. ඒ හා සමව අවිවාහකයෝ යනු විවාහ නොවූ අය බවත්, තමන්ට වින්දනයක් ලැබීමට අන් අයට හිරිහැර කිරීම වැරදි බවත් ඔබ දන්නවා විය යුතුය. එමෙන්ම ගම්පෙරළිය යනු හොඳ නවකතාවක් බවත් ජලයේ රසායනික ව්‍යුහය H2O බවත් බොහෝ විට ඔබ දන්නා දේවල් නොහොත් ‘දැනුම’ විය හැකිය. ‘දැනුම යනු කුමක්දැයි විස්තර කිරීමට සැරසෙන ඕනෑම කෙනෙකුට දැනුම යන්න කෙසේ විස්තර කළ යුතුද? කෙසේ නිර්වචනය කළ යුතුද යන මූලික ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ………

අපේ එදිනෙදා ජීවන අරගලයෙන් මොහොතකට මිදී අපි ආවේ කොහන්ද? කොහොමද? විශ්වය මේ අන්දමට හැදිල තියෙන්නෙ ඇයි වගේ දැවැන්ත ප්‍රශ්න වලට පිළිතුරු විචාරශීලී ලෙස විමසා බලන්න හුදී ජනයා වන අපට තියෙන දැනුම සහ ලැබෙන අවස්ථා බෙහෙවින් අඩුයි…(සම්පූර්ණ ලිපිය)……...

මානව ඉතිහාසයට ඔබ්බෙන් ඊටත් වඩා අති දැවැන්ත කාල පරාසයකින් අප වැළඳ ගත් ඉතිහාසයක් මේ මහ පොළොවටත් සමස්ත විශ්වයටත් තියෙනවා. මානව වංස කථාවට පූර්ව කථනයක් වන එය පසුබිම් කොට මානව ඉතිහාසය විස්තර කිරීම “තුමුල ඉතිහාසය” (big history) යනුවෙන් හැදින්විය හැකියි. (සම්පූර්ණ ලිපිය)

අයිතීන් පාදක සංවර්ධන මොඩලයක් කරා
කලක් කොෆී ආනන් යටතේ අයිතීන් පාදක සංවර්ධනයක් කරා (Rights based approach to development) යන සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් අතර ප්‍රවර්ධනය වෙමින් තිබුණු නමුත් බලගතු සාමාජික රටවල් මෙන්ම මානව අයිතිවාසිකම් නුරුස්සන දේශපාලන නායකත්ව වලින් යුත් රටවල් ද එම අදහස ලත් තැනම ලොප් කර දැමීය. යහපත් සෞඛ්‍යයාරක්ෂාවකට අපට ඇති අයිතිය වැදගත් වන මේ කාලයේ ඒ සාකච්ඡාව නැවත ඉස්මතු කිරීමට කාලය පැමිණ තිබේ. (දල සටහන)

මානව හිමිකම් විශ්ව සාධාරණද? දාර්ශනික මතවාද විමර්ශන යුනෙස්කෝ සමීක්ෂණය
බොහෝකොට බටහිර සම්භවයක් ඇතැයි පිළිගැනෙන ඓතිහාසික ලේඛන පාදක කොටගත් කරුණු වලින් සමන්විත යැයි සැලකිය හැකි ලියවිල්ලක් කොතෙක් දුරට මානව හිමිකම් පිළීබඳ විශ්ව සාධාරණ ප්‍රකාශනයක් ලෙස ගිණිය හැකිද? යන කුකුස එකල ද ඇතැමුන් තුල ඇතිවිය. එහෙත් මේ කුකුස නිරාකරණය කරමින් මානව හිමිකම් නිර්ණය කිරීමේ කමිටු සාමාජිකයන් දිරිගන්වන සුළු පිළිතුරු සැපයීමට යුනෙස්කෝ ආයතනය මගින් 1947 දියත් කළ සමීක්ෂණය සමත් විය. (සම්පූර්ණ ලිපිය)
පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශනයක්

අප දන්නා ආකාරයට ධනවාදය අද පෙනී සිටින්නේ නිදහස් වෙළඳ පොළ ක්‍රියාකාරිත්වය තුළින් ස්වාර්ථය හඹා ගොස් සිය පුද්ගල සමෘද්ධිය ඇති කර ගැනීමට කෙනෙකුට ඇති හොඳම ක්‍රමය ලෙසයි.
එහෙත් පෝල් මේසන් සිය Post Capitalism: A Guide to Our Future නමැති පොතෙන් පෙන්වා දෙන පරිදි මේ අන්දමේ ධනවාදය දැන් එහි උපරිම සීමාවට පැමිණ අවසානයි. උදාහරණයකට MP3 සහ ඊ-පොත් වැනි භාණ්ඩ නිපදවන නව තොරතුරු තාක්ෂණය ගෙන බලන්න. කිසිදු වියදමකින් තොරව පිටපත් කොට නැවත බෙදා හැරීමට හැකි ආකාරයේ තොරතුරු භාණ්ඩ නිසා සම්ප්‍රදායික ධනවාදී ආර්ථික ක්‍රමය තුළ බරපතළ ආතතියක් ඇති වී තියෙනවා. “නොයෙක් මෝස්තරකාරී පශ්චාත් ප්‍රවණතා කෙසේ වෙතත් අපට ඇති එකම සත්‍ය පශ්චාත් වාදය වන පශ්චාත් ධනවාදයට පෝල් මේසන් මේ කෘතියෙන් ඉතා නිර්භීතව අභිමුඛ වෙයි” යනුවෙන් ස්ලැවොයි ජිජැක් මේ පොත අගය කළා. (සම්පූර්ණ ලිපිය)

මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව ඇටවීම!
නූතන සමාජ කතිකාව තුළ නොයෙක්විට සාකච්ඡාවට ලක්වන අදහස් අතරින් මානව අයිතිවාසිකම් යනු සමාජ ප්‍රගතිය පිළිබඳ අතිශයින් වැදගත් සමාජ දර්ශකයකි. එහෙත් ඒ පිළිබඳ ඇති ඇතැම් දුර්මත කණගාටුදායක ලෙස නොමග ගිය ඒවා බව මානව අයිතිවාසිකම් වලට එරෙහිව ජාතික ආරක්ෂාව පිහිටුවීමට තැත් කරන ඇතැම් ප්‍රයත්නයන්ගෙන් පෙනී යයි. නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විසින් ඔජ වඩවන මමංකාර ධනවත්කම වැදගත්ම ජීවන ඉලක්කය ලෙස සලකන හා එහි ඵලයක් ලෙස සමාජ විෂමතාවය නොකඩවා උග්‍රවන සන්දර්භයක් තුළ සහානුකම්පිත සදාචාරයක් මත පිහිටා අපේ ක්‍රියාකාරකම් යළි සකසා ගැනීමේ අරමුණ පශ්චාත් නූතන සාපේක්ෂවාදී ගොහොරුවේ ගිල්ලවා විනාශ කර දැමීමට තැත්කරන මෙවන් සමයක මිනිස් අත්බවයේ වටිනාකම හා අභිමානය සුරැකීම පිළිබඳ අපට ඇති සාමූහික වගකීමේ අනුල්ලංඝනීය අන්‍යෝන්‍ය ගිවිසුමක් ලෙස මානව අයිතිවාසිකම් අපට වැදගත් සදාචාරීය සැඳහුමක් සපයයි. (සම්පූර්ණ ලිපිය)

සටන්කාමී වෘත්තීය සමිති සංවිධාන වල කඩා වැටීම සහ කීනීසියානු ශුභසාධක රාජ්‍යයේ අවනතිය හා සමග ඇති වූ දේශපාලනික ආර්ථික හා සමාජීය වෙනස්කම් තුළ වැඩි වශයෙන් අවධාරණයට ලක් වූයේ තනි තනි පාරිභෝගිකයාගේ හුදකලාව වූ පෞද්ගලිකත්වයයි. (සම්පූර්ණ ලිපිය)

43 නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පාවා දීම
1943 සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ කොඳු ඇටය වූයේ ද්විභාෂා අධ්‍යාපනයක් සඳහා, එනම් ස්වභාෂාව ට සමානවම ඉංග්‍රිසි භාෂාවෙන්ද ඉගෙන ගැනීමට, හැම දරුවෙකුටම අවස්ථාව ලබා දීමයි. එහෙත් ඉංග්‍රිසිය බමුණු කුලයකට සීමා කිරීමට දේශපාලන පංතිය තීරණය කළහ. බමුණු කුලයේ දූ දරුවෝ ඉංග්‍රිසියෙන් ඉගෙන ගත්හ. ලංකාවේ පාසැල් 10,000ක් පමණ ඇති නමුත් හැම මැද පාන්තික දෙමව්පියෙක්ම උත්සාහ කරන්නේ 300ක් පමණ වන ජනප්‍රිය නාගරික පාසැල් අතලොස්සට තම දරුවා ඇතුලු කර ගැනීමට සහ ඉංග්‍රිසි ටිකක් උගන්වා ගැනීමටයි. ද්විභාෂා අධ්‍යාපනය අනුක්‍රමයෙන් සියලු පාසැල් වලට ව්‍යාප්ත කිරීමට කටයුතු කළ හොත් මේ පොරය යම් පමණකට අඩු කර ගත හැකිය.
ද්විභාෂා අධ්‍යාපනය ඵල දායක ලෙස ග්‍රාමීය පාසැල් වලට ව්‍යාප්ත කිරීමට හදවතින්ම කැප නොවන හැම දේශපාලන ව්‍යාපාරයක්ම ග්‍රාමීය දෙමව්පියන් හා දරුවන් අමතක කරන, ඔවුන්ගේ දියුණුව නොතකන නාගරිකයන්ගේ ව්‍යාපාරයකි. හැම දරුවෙකුටම ප්‍රමාණවත් ද්විභාෂා අධ්‍යාපනයක් ඇත්නම් මේ අන්තර්ජාල යුගයේ ගම්බද දරුවන්ටත් ගුරුවරුන්ටත් මොන තරම් දැනුම් සම්භාරයක් අත්පත් කර ගත හැකිද? යල් පැන ගිය අපේ පෙළ පොත් වලට වඩා බෙහවින් නවීන වූ දැනුමක් ඔවුන්ට ලබා ගත හැකි නොවේද? අපේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බවද ඉහළ යාමට එය හේතු නොවේද? (18 Jan 2021)

ට්විටර් සමාගම ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ඒකපාක්ෂිකව අවලංගු කිරීම
අවම වශයෙන් අධිකරණයක නියෝගයක්වත් නොගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිනුම ස්ථිරවම අවලංගු කිරීමට ටවිටර් සමාගම සිය තනි අභිමතය පරිදි ගෙන ඇති තීරණය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් ඉස්මතු කරයි. එනම් ස්වාධීන නියාමනික අධීක්ෂණයකින් තොරව දැවැන්ත තාක්ෂණික සමාගම් වලට ඒකපාක්ෂික ලෙස සිය අභිමතය පරිදි සමාජ මාධ්‍ය ගිනුම් අවලංගු කිරීම මගින් විවාදාත්මක අදහස් ප්‍රකාශ කිරීම වාරණය කිරීමට ඉඩ දිය යුතුද යන්නයි. ට්‍රම්ප්ගේ ටවිටර් පණිවිඩ කැපිටොල් ගොඩනැගිල්ල ආක්‍රමණය කළ ට්‍රම්ප්වාදීන්ගේ කැරලිකාරි හැසිරීමට අනියම් අන්දමින් හේතු වන්නට ඇත යන නිගමනය මත ටවිටර් සමාගම ට්‍රම්ප්ගේ ට්විටර් ගිනුම අවලංගු කිරීම සාධාරණීයකරනය කරයි.
ජනාධිපතිවරයා සාමාන්‍ය පුද්ගලයෙකු නොවන බැවින් පැන නැගුණු සංද්ර්භය තුළ ඔහුගේ ට්විටර් පණිවුඩ වල බලපෑම බරපතළ වන්නට පුළුවන. කෙසේ වෙතත් ට්විටර් සමාගම විසින් උපුටා දක්වන ට්‍රම්ප්ගේ ට්වීට් දෙකම ප්‍රචණ්ඩත්වයක් හෝ අපරාධයක් උසි ගන්වන ඒවා නොවේ. ට්විටර් සමාගමේ තීරණය ස්වාධීන නියාමනයක් හමුවේ අභියාචනයට ලක් කිරීමට ට්‍රම්ප්ට ඉඩ දෙන ක්‍රමයක් සමාජ මාධ්‍ය අයිතිවාසිකම් වල දැනට නැත. සෘජුවම ප්‍රචණ්ඩත්වය හා වාචික හිංසනය ප්‍රවර්ධනය කරන සමාජ මාධ්‍ය ගිණුම් වල අන්තර්ගතය වාරණය කිරීම සාධාරණය කළ හැකි වුවද ස්වාධීන නියාමන හෝ අධිකරණ ක්‍රමයක මැදිහත් වීම ඉල්ලා සිටීමට අවස්ථාවක් නොදී සිය තනි අභිමතය මත සමාජ මාධ්‍ය ගිණුම් ස්ථිරව අවලංගු කිරීමට දැවැන්ත තාක්ෂණික සමාගම් වලට ඉඩ තැබීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්ද? (09 Jan 2021)

කෝවිඩ්-19 හොර වෙදකම් මගඩිය
කෝවිඩ්-19 සුව කළ හැකි බව කියන නොයෙකුත් ගොඩ වෙදකම් පිළිබඳ කෙප්ප ප්‍රශ්න කිරීම දේශීය වෙදකම හෙළා දැමීමක් නොවේ. ලෝකය පුරා ජපානයේ සිට මෙක්සිකෝව දක්වා හැම රටකම දේශීය වෙදකම් ක්‍රම එදත් පැවතුණි. අදත් යම් පමණකට පවතී. ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ අතින් ඉන්දියාව අපට වඩා ඉදිරියෙන් සිටින නමුත් ඒ පර්යේෂණ කරන්නේ ගොඩ වෙද්දු නොව සුදුසුකම් ලද ප්‍රමාණිකයන්ය. එහෙව් ඉන්දියාව පවා කෝවිඩ්-19 දේශීය වෙද කමෙන් සුව කළ හැකි බවට කයිවාරු ගහන්නේ නැත. ඉහළ වෘත්තීය මට්ටමකින් පවත්වා ගෙන යන ඉන්දියාවේ නිදහස් මාධ්‍ය එවැනි රැවටිලි වලට තම රටවැසියන් ගොදුරු කර ගැනීමට රැවටිලිකාරයන්ඉට ඉඩ දී අහක බලන්නේ ද නැත. ඇතැම් අය වෙනත් ආකාරයක දැනුම් ක්‍රම වශයෙන් හැඳින්වීමට තැත් කරන බොහෝ දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රාථමික රසායන හා ශාක සංයෝග ආදිය යොදා ගත් තුන්දොස්, සතර ධාතු ආදී ප්‍රාග් විද්‍යාත්මක සංකල්ප මත ගොඩ නැගුණු ඒවාය. ප්‍රංශ ජාතික ලුවී පාස්චර්ගේ නිරීක්ෂණ පාදක කොට 19 වන සියවසේ දී Germ Theory හෙවත් විෂබීජ පිළිබඳ නියාමය බිහිවෙන තෙක් වසර දෙදහසක් පුරා හිපෝක්‍රටික් විසින් හඳුන්වා දුන් බව සැලකෙන බටහිර වෙදකමටද පාදක වූයේ ද අපේ දේශීය වෙදකම්වල එන තුන්දොස් කිපීම හා සමාන වූ රුධිරය, සෙම්, පිත් ආදී ශාරීරික ශ්‍රාව සමබරව පවත්වා ගැනීම පිළිබඳව සංකල්පයකි. ක්ෂුද්‍ර ජීවීන් හඳුනා ගත හැකි පරිදි අන්වීක්ෂය නිපදවෙන තෙක් ම, බැක්ටීරියා හා වෛරස නිසා බෝවෙන රෝග ඇතිවෙන බව දැන ගැනීමට තරම් තාක්ෂණික ඥානයක් බිහිකර ගැනීමට එකී කිසිදු ප්‍රාග් විද්‍යාත්මක වෙදකමකට හැකියාවක් නොතිබුණි. ඒ අනුව අපේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රාග් විද්‍යාත්මක දැනුම නූතන වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඉක්මවා යන්නක් යැ’යි යන කෙප්පය විශ්වාස කිරීමට මහජනයා පොළඹවන ප්‍රචාරවල නිරවද්‍ය ස්වභාවය එළිදරව් කිරීම ජනමාධ්‍යකරුවන්ගේ වෘත්තීය වගකීමක් ව තිබුණි. කිසිදු පදනමක් නැති ඕපදූපවලින් කොවිඞ්-19 වසංගතය නිසා බියට පත්ව සිටින අහිංසක ජනතාව මුලාවේ දැමීමෙන් වැළැක්වීම පිණිස ඇති තතු එළිදරව් කිරීම ජනමාධ්‍යයේ එක් වැදගත් කාර්ය භාරයකි. (05 දෙසැ. 2020)

ප්‍රථම අන්තර්ජතික අපරාධ යුක්ති විනිශ්චය සභාව ලෙස සැලකිය හැකි න්‍යුරම්බර්ග් මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සැමරීම අදටත් වැදගත් වන්නේ වර්ගවාදය පිළිබඳ අසත්‍ය විශ්වාස නිසා මිනිසුන් නොමිනිසුන් බවට පත්වී “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” සහ “ජන ඝාතය” කිරීමට පෙළඹෙන බව එය අපට නිරන්තරයෙන් සිහිගන්වන බැවිනි. එම සිද්ධියට මුහුණ නොදුන් අපේ යොවුන් පරම්පුරට න්‍යුරෙම්බර්ග් නඩු විභාගය හැදෑරීමට පාසැල් අධයාපනය තුළ අවස්ථාවක් ලබා දීම වැදගත්ය.නියුරෙම්බර්ග් නඩු විභාගය නිසා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ මූලධර්මය තහවුරු නොවන්නට යුගෝස්ලෝවියාව හා රුවන්ඩාව පිළිබඳ අන්තර්ජාතික අපරාධ අධිකරණ හෝ ස්ථිර අන්තර්ජාතික අපරාධ අධිකරණය බිහි නොවන්නට ඉඩ නොතිබුනි. ජනඝාතය පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය අනුමත නොවන්නට ඉඩ තිබුනි. (සම්පූර්ණ ලිපිය)

මානව හිමිකම් ඇතිවුණේ ඇයි? මානව හිමිකම් පිළිපැදීම ගැන අප වගවිය යුත්තේ ඇයි?
(මානව හිමිකම් කවුන්සිල යෝජනාව පිලිබඳ සාකච්ඡාවේදී සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් 21/03/2021 දින කළ මැදිහත්වීම)එක්සත් ජාතීන් විසින් සම්මතකරගත් විශ්ව මානව හිමිකම්ප්‍රකාශනයේ (Universal Declaration of Human Rights) ඉතිහාසයක් පිළිබඳ 2012 මම පොතක් පළ කළා. එහි නම ‘නියත විවරණය’ – මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කතන්දරය. ප්‍රකාශනය රාවය ප්‍රකාශකයෝ. මානව හිමිකම් මොනවාද? ඒවා සම්මත වුණේ ඇයි? ඒවා ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රටක් වශයෙන් වගේම පුද්ගලයන් වශයෙන් අපට වගකීමක් තියෙන්නේ ඇයි? යන කාරණා සම්බන්ධයෙන් එකී ඉතිහාසය ඇසුරෙන් මේ සාකච්ඡාවට වැදගත් වන කරුණු කිහිපයක් මතක් කරන්නයි මම අදහස් කරන්නේ (සම්පූර්ණ ලිපිය)

ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු අමෙරිකා එක්සත් ජනපදයේ චිරප්‍රසිද්ද ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි. ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඩේවිඩ් ෆොලරන්ස් ආසනය හොබවන මහාචාර්යවරයායි. ඔවුන් දෙපොළ විසින් ලියූ Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty (ජාතීන් අසමත් වෙන්නේ ඇයි? – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය) නමැති ඉමහත් අවධානයක් දිනා ගත් මේ පොත මුල් වරට පළවෙන්නේ 2012 දීයි. ඇතැම් ජාතීන් පොහොසත් වෙන්නෙත් අනෙක් ජාතීන් දුප්පත් වෙන්නෙත් ඇයි? ඇතැම් ජාතීන් සෞභාග්‍ය සම්පන්න සහ සාධාරණ වන අතර තවත් ජාතීන් ඒකාධිපතීන්ගේ සහ කෑදර ආත්මාර්ථකාමීන්ගේ ග්‍රහණයට හසු වන්නේ ඇයි? යන ප්‍රශ්න ආමන්ත්‍රණය කරන ඒ පොත මෙසේ සැකෙවින් කියවීම දේශපාලනික හා ආර්ථික ගතිකයන් පිළිබඳ ගෝලීය සහ ඓතිහාසික තලයේ ඔබේ වැටහීම තව මුවහත් කරයි. (සම්පූර්ණ ලිපිය)
මතක
මර්වින් ජයසූරිය ගුවන් විදුලි මාධ්‍යය කරුවෙක් වන්නේ ගුවන් විදුලිය රජයේ දෙපාර්ත්මේන්තුවකින් රාජ්‍ය සංස්ථාවක් බවට පත්වන අවධියේදීය. රජයේ දෙපාර්ත්මේන්තුවක්ව පැවැතියද මර්වින් ගුවන් විදුලියේ ඉංග්‍රිසි සේවයට බැඳෙන අවධියේදී ගුවන් විදුලිය, විශේෂයෙන්ම එහි ස්වදේශීය සේවය රටේ ප්‍රමුඛතම සංස්කාතික ආයතනය විය. එහි බොහෝ වැඩ සටහන් සම්පාදකයන්ගේ වෘත්තීය චර්යාව ද මෙහෙයවුනේ එකල ගුවන් විදුලියට සම්බන්ධ වූ ප්‍රකට බුද්ධිමතුන් අනුදත් මහජන සේවා වටිනාකම් අනුව යැ’යි කිවහැකිය………….. මේ තත්වය දෙපාර්තමේන්තුවක සිට සංස්ථාවක් බවට පත්වීමෙන් පසු කලක් පවත්වාගෙන යාමට හැකි වූයේ සිය වෘත්තීය අදීන බව රැක ගැනීම සඳහා නිරන්තර අරගලයක යෙදුනු මර්වින් වැනි ඇතැම් ගුවන් විදුලි මාධ්‍ය කරුවන් නිසායැයි කීම අතිශයෝක්තියක් නොවේ.
අනුක්‍රමයෙන් මහජන සේවා අරමුණු නොතකා පවතින ආණ්ඩුවේ දේශපාලනික සම්බන්ධතා මත වැඩසටහන් සේවාවල කටයුතු සිදුවීම මුල් බැසගන්නේ එකල රේඩියෝ සිලෝන් යනුවෙන් හැඳින් වූ රජයේ ගුවන් විදුලි දෙපාර්තමේන්තුව 1967 සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත්වීමෙන් ද කලකට පසුය. 1967 අංක 37 දරන ගුවන් විදුලි සංස්ථා පනතෙන් ගුවන් විදුලි සංස්ථාවේ පාලන මණඩලය පත් කිරීමේ ඒකාධිකාරී බලයට අතිරේකව ගුවන් විදුලි සංස්ථාවේ සේවාවල පොදු දිශානතිය කුමක් විය යුතුදැයි තීරණය කිරීමේ බලයද නෛතික වශයෙන් ම ගුවන් විදුලි භාර ඇමැති වරයාට ලැබුනි…….විචාර බුද්ධිය හා කුසලතාවයට වඩා දේශපාලනික අවනතභාවය වාසිදායකයැයි යන හැඟීම මත ක්‍රියාත්මක වීමට රාජ්‍ය මාධ්‍ය වල නියුතු බොහෝ අය තදන්තරව කටයුතු කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ නිසි වගවීම් පටිපාටියකින් තොරව අමාත්‍යාවරයාට ලබා දී තිබූ මේ අනිසි බලය නිසායැයි කිව හැකිය.
මේ විපරිනාමය සිදුවීමට නියමිත අන්තර්කාලීන යුගය මර්වින් ජයසූරිය සිය මතක සටහන් මගින් සිත්ගන්නා සුලු ලෙස විනිවිද දකී…… මර්වින්ගේ අත්දැකීම් පණ පිහිටුවා සිංහලට නැගීමට ඩී.එස් ට හැකිවී තිබේ. (මගේ පූර්විකාවෙන්)

Indonesia – Remembering President Habibie
13 Sept 2019- East Timor’s leader Xanana Gusmao who led the independence struggle in the late 1990s against Indonesian occupation made an emotional farewell hug with the dying former Indonesian President Jusuf Habibie. President Habibie died on this Wednesday. (My former colleague Tarja Virtanen sent me the photo from the Sydney Morning Herald of mourning Xanana over dying Hubibie’s body. )
President Habibie was instrumental in releasing Xanana Gusmao from the jail and allowing the East Timor to gain independence with no blood bath. He took over the presidency after the resignation of strong man Suharto and ensured the smooth transition of Indonesia into a functional democracy. On UNESCO’s behalf I was fortunate in 1999 to associate with his administration to bring discerning changes into the Indonesian media sector previously hyper-controlled by Suharto’s dictatorship. With the strong support from President Habibie we (Myself and Toby Mendel from the Article XIX) worked together nearly nine months in Jakarta with Indonesian media professionals and the government to introduce a new legislation to protect freedom of the press and to establish a totally independent representative Press Council which today considered as one of the best examples of independent co-regulatory bodies established in Asia to improve standards of both the press and the electronic media. This transition would not happen without the apt leadership given by the President Habibie and the Minister of Information former General Yunus.

In this photo, I was welcoming the President Habibie to the function we held to introduce the draft bill on freedom of the press and the Press Council. I salute President Habibie who knew how to make the best possible transition into a lasting democracy from 30 years of a dictatorship. The democratic Indonesia owes much to his wisdom and the commitment.
සිත්ගත් සිතිවිලි
“කලාකරුවන් සහ කවියන් මෙන්ම විද්‍යාඥයන්ද ඔවුන් වෙසෙන සමාජයේ සංස්කෘතිය විසින් පනවන ලද නොයෙක් සීමාවන්ගෙන් මිදීගත් අදීන චින්තකයෝය. ස්වාභාධර්මය පිළිබඳ ඇත්ත සොයා යාමේදී තර්ක බුද්ධියෙන් පමණක් නොව නිර්මාණශීලී පරිකල්පනය විසින්ද ඔවුන් මෙහෙයවනු ලබයි. මේ විද්‍යාඥයන් විසින් හෙලිකළ විශිෂ්ට න්‍යායන් ශ්‍රෙෂ්ට කලාකෘති මෙන්ම පියකරුය, ආනන්ද ජනකය. ඒවා ආස්වාදය කළ යුත්තේ මේ බටහිර විද්‍යාවය මේ පෙරදිග විද්‍යාවය යන මතයේ පිහිටා නොව ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ අපුරු කවියක් විශ්වව්‍යාපීව රස විඳින්නාක් මෙනි.”- .
භෞතික විද්‍යාඥ ෆ්‍රීමන් ඩයිසන් ලියූ Scientist as a Rebel නම් පොතෙන්
මැතිවරණ යනු මොනවාද?
අවිචාරශීලී සමාජයක මැතිවරණ යනු කුලමල ජාති ආගම් ආදී වශයෙන් ගාල්කර ඇති ඒක පුද්ගල මුග්ධ භාවය එකතු කිරීමෙන් ජනිත කිරීමට බලාපොරොත්තු වන සාමූහික ප්‍රඥාවක් පිළිබඳ දුක්ඛිත විශ්වාසයකි.
කල්පනා
ජාතික රාජ්‍ය නමැති යල්පැනගිය දේශපාලනය ඒකකය වන්දනා කරන ජාතික රාජ්‍ය ව්‍යුහය රකිමින් ප්‍රශ්න විසඳිය හැකියැයි සිතන සියලු වමේ ව්‍යාපාරවල කලදසාව එකය. සම්භාව්‍ය ලිබරල් චින්තනය (නව ලිබරල් නොවේ) විසින් පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදය පවා දිනා දීමට ජාතික රාජ්‍ය ව්‍යුහය අසමත් වී තිබේ. ජාතික රාජ්‍ය ව්‍යුහයෙන් ඔබ්බ්ට ගෝලීය නැතිනම් අවම වශයෙන් කලාපීය සහයෝගිතාවය මත පදනම් නොවන වමේ ව්‍යාපාරයකට නූතන යුගයේ පැවැත්මක් ඇතැයි සිතීම අසීරුය. එන්න එන්නම අපට මුහුණ දීමට සිදුවෙන්නේ ගෝලීය උණුසුම සහ දේශගුණ විපර්යාසය, සංක්‍රමණය, තාක්ෂණීක දියුණුවෙන් හඳුන්වාදෙන ස්වයංකාරීකරණය නිසි ලෙස හසුරුවා ගැනීම පිණිස කලාපීය වැඩ පිළිවෙක් නොමැති වීම නිසා ඇතිවිය හැකි රැකියා වියුක්තිය වැනි ජාතික රාජ්‍ය නමැති අසාර්ථක මොඩලය තුළ පිළියම් සොයාගත නොහැකි ප්‍රශ්න වලටය. ඒ ගැන අලුතෙන් හිතීමට නම් වම ජාතිකරාජ්‍ය නමැති මිරීඟුව පසු පස යාම නතර කර අවම වශයෙන් දකුණු ආසියාතික කලාපීය සහයෝගිතාව මත ගොඩනැගෙන දේශපාලන හා ආර්ථික වැඩ පිළිවෙලක් වර්ධනය කර ගත යුතුය.
ලාංකේය ජනතාවගේ ආර්ථික හා සමාජයීය අභිවෘධිය වඩාත් තිරසාර ලෙස සාක්ෂාත් කර ගත හැකිවන්නේ ලංකාව දකුණු ආසියානු එක්සත් ජනපදයක කොටස් කරුවන් වීමෙනි