(සංවිචාරණීය සමාජයක් කෘතියෙන්) නොටින්ග්හැම් සහ යෝර්ක් යන විශ්වවිද්‍යාලවල වසංගතවේදය පිළිබඳ මහාචාර්යවරුන් ලෙස කටයුතු කරන රිචඩ් විල්කින්සන් සහ කේට් පිකට් විසින් රටවල් කිහිපයකින් එකතු කළ දත්ත වලින් තහවුරු වන අන්දමට අද ඇති සමාජ ප්‍රශ්න බොහෝමයකට ම මුල උග්‍ර වන සමාජ අසමානතාවයි. පුද්ගලයන්ගේ සෞඛ්‍යය තත්වයට, අනොන්‍ය විශ්වාසයට, ප්‍රචණ්ඩත්වයට මෙන් ම ගෝලීය දේශගුණ විපර්යාසයට ද ආදායම් විෂමතා ප්‍රමුඛContinue reading “25. අසමානතාව ආමන්ත්‍රණය කිරීම”
Author Archives: Jaya Pathmapani
ජාතීන් අසමත් වෙන්නේ ඇයි? බලය,සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය
ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන් ලියූ කෘතිය සැකෙවින් කියවමු Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු අමෙරිකා එක්සත් ජනපදයේ චිරප්‍රසිද්ද ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි. ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩුContinue reading “ජාතීන් අසමත් වෙන්නේ ඇයි? බලය,සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය”
24. අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy)
(සංවිචාරණීය සමාජයක් කෘතියෙන් තවත් පරිච්ඡේදයක්) වර්ජිනියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ස්ටීව් රෝඩ්ස් 1984 දී පළ කළ ‘The Economist’s View of the World’ නමැති ග්‍රන්ථයේ නව 35 වැනි සංවත්සර සංස්කරණය ගැන ලියමින් රාජ්‍ය කාර්මික ප්‍රතිපත්තිවල ඵලදායකත්වය ගැන ෆ්‍රැන්සිස් ෆුකුයාමා අපට නැවත වැදගත් කරුණක් මතක් කරයි. රාජ්‍ය කාර්මික ප්‍රතිපත්ති මඟින් ආර්ථික වර්ධනය ඇති කිරීමේ වෑයම හැම විටContinue reading “24. අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy) “
23. චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය
ආර්ථික විද්‍යාවේ විවිධ ශාඛා සහ විවිධ ගුරුකුල අතර නිතර ම පාහේ වාද විවාද ඇති වී තිබෙන අතර ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යා උපකල්පන හා ඉලක්කවල අසාර්ථක ප්‍රතිඵල ගැන එන්න එන්න ම තම නො සතුට පළ කරති. ඒ අතර ආණ්ඩු සහ ව්‍යාපාර සිය තීරණ ගැනීමට එකීContinue reading “23. චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය”
21. යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනයේදී තිරසාර සංවර්ධන අරමුණු වැදගත් ප්‍රවේශයක් වන්නේ ඇයි?
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ආර්ථික වර්ධන වේගය ඉහළ යෑම නො තකා සමාජ අසමානතාව (social inequality) වැඩි වීම නිසා ප්‍රගතිය යන්න හුදෙක් GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ මිම්මක් ලෙස හුවා දැක්වීම බොහෝ විචාරකයන්ගේ විවේචනයට ලක් විය. ඒ නිසා සමාජ ප්‍රගතිය සම්බන්ධයෙන් සෘජු ආර්ථිකමය නො වන දර්ශක ඇති කර ගැනීම පිළිබඳ කලක් තිස්සේ එක්සත් ජාතීන්ගේContinue reading “21. යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනයේදී තිරසාර සංවර්ධන අරමුණු වැදගත් ප්‍රවේශයක් වන්නේ ඇයි? “
22. රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ආර්ථිකයේ තිරසාරත්වය හෙවත් ධරණීයතාවය (sustainability) සම්බන්ධයෙන් අප අද මුහුණ දෙන බොහෝ අභියෝග“රේඛීය ආර්ථිකය” යනුවෙන් හඳුන්වනු ලබන ආර්ථික කටයුතුවල අනිවාර්ය ප්‍රතිඵල නිසා උද්ගත වන ඒවා ය. මේ නිසා මෙතෙක් පැවති රේඛීය ආර්ථිකයට වඩා වෙනස් චක්‍රීය එළඹීමක් සහිත නව ආර්ථික චින්තනයක් අවශ්‍ය බව ඩෝනට් ආර්ථික එළඹුම හඳුන්වා දුන් ආර්ථික විද්‍යාඥ කේට්Continue reading “22. රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්”
20. වර්ධනය යනු සංවර්ධනයම ද?
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 රටක ආර්ථිකයේ සාර්ථකත්වය සාම්ප්‍රදායික ව මනිනු ලබන්නේ GDP (Gross Domestic Product) හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉහළ යෑම මත ය. දළ දේශීය නිෂ්පාදිතය වසයෙන් හඳුන්වනු ලබන්නේ වසරක දී රට තුළ නිපදවන භාණ්ඩ සහ සේවාවල මුළු එකතුවේ වටිනාකම යි. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදනය කරන හැම භාණ්ඩයක් හා සේවාවක් ම විකිණීමකට හාContinue reading “20. වර්ධනය යනු සංවර්ධනයම ද?”
19. සංවර්ධන කතිකාවේ නව දිශානතිය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 සංවර්ධනය යනු සෑහෙන කලක් තිස්සේ එක්තරා ආකාරයක ධනාත්මක තේරුමක් ගෙන දුන් එහෙත් බොහෝ විට හිස් වචනයක් ලෙස පැවතුණු දෙයකි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට රාජ්‍ය නො වන සංවිධාන දක්වා වූ විශාල පරාසයක ජාල ගත වීම් තුළ සංවර්ධනය යන්න පිළිබඳ ව පොදු ජාත්‍යන්තර පර්යාලෝකයක් ඇති කර ගෙන තිබුණි. ඒContinue reading “19. සංවර්ධන කතිකාවේ නව දිශානතිය”
18. විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නව දේශපාලන සුසමාදර්ශයක් පිළිබඳ අපේ කතිකාවේ වඩාත් වැදගත් මානයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය සහ එය විසින් අනුගමනය කරන ආර්ථික හා සමාජීය සංවර්ධන පිළිවෙත අතර තිබිය යුතු සම්බන්ධතාව කුමක් ද යන්නයි. අප අනුගමනය කළ යුතු ආර්ථික හා සමාජීය සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් සාකච්ඡාවක් ජනිත කිරීමට විවිධ මාදිලියේ නවලිබරල්වාදී ආර්ථික එළඹුම්වලටContinue reading “18. විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්”
17. නවලිබරල්වාදය සහ ජනරාල් පීනෂේගේ සංස්ථාපිත පෞද්ගලික රාජ්‍යය
නවලිබරල්වාදය හුදු ආර්ථික චින්තනයක් පමණක් නො ව මානුෂික නිදහස මුල්කරගත් සම්භාව්‍ය ලිබරල්වාදය අනුදත් ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආර්ථික වර්ධනයේ නාමයෙන් නො සලකා හරින ආත්මාර්ථකාමී දේශපාලන චින්තනයක් ලෙස ද හැඳින්විය හැකි ය. චිලී රටේ ඒකාධිපති හමුදා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට ගිය මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් ඇතුළු චිකාගෝ ගුරුකුලයට අයත් ආර්ථික විද්‍යාඥයන්ගේ නවලිබරල්වාදී ක්‍රියාන්විතය විමසා බැලීමෙන් එය තේරුම් ගත හැකිContinue reading “17. නවලිබරල්වාදය සහ ජනරාල් පීනෂේගේ සංස්ථාපිත පෞද්ගලික රාජ්‍යය”