පුරපති මම්දානිගේ අයවැය: ගණන් බැලීම් නිවැරදි විය හැක

ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික අධිකාරවාදයට අභියෝග කරමින් ජයගත් නිව් යෝර්ක් නගරයේ නව සමාජවාදී පුරපතිවරයා සැබෑ රාජ්‍ය මූල්‍ය සීමාවන්ට මුහුණ දී සිටිය ද, ඔහුට සැබෑ අවස්ථාද ඇත. ශක්තිමත් බදු පදනමක්, ප්‍රයෝජනවත් ප්‍රතිසංස්කරණ සහ පැහැදිලි දේශපාලන ජන වරමක් සමඟින්, පුරපති ස්රාන් මම්දානිට Zohran Mamdani හට පාලනය කිරීමට අවශ්‍ය මෙවලම් ඇතිතරම් තිබේ. මම්දානි පාලනයක් සඳහා, සාර්ථකත්වය යනු අවම වශයෙන් කරුණුContinueContinue reading “පුරපති මම්දානිගේ අයවැය: ගණන් බැලීම් නිවැරදි විය හැක”

ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමමින් තිබුණහොත් ඔබ කෙසේ හැසිරෙනු ඇත්ද?

ට්‍රම්ප් වර්ගයේ දක්ෂිණාංශික අලිබරල්(illiberal) දේශපාලනය ගැන බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට ඇන්ඩි බෙකට් ඉහත සිරස්තලයෙන් සපයා තිබූ තීරු ලිපිය කියැවීම වටී. පහත දැක්වෙන්නේ එහි සිංහල පරිවර්තනයකි. ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමමින් තිබුණහොත් ඔබ කෙසේ හැසිරෙනු ඇත්ද යන ප්‍රශ්නය කලක් බොහෝ බටහිර රටවල අධ්‍යයනමය ප්‍රශ්නයක් පමණක් විය. 1930 ගණන්වල හිට්ලර්ගේ මූලිකත්වයෙන් මෙම ක්‍රියාවලිය සිදු වූ සමාජයන් වඩ වඩාත් අතීතයටContinueContinue reading “ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමමින් තිබුණහොත් ඔබ කෙසේ හැසිරෙනු ඇත්ද?”

මානව අයිතිවාසිකම් යනු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නො වේ.

මානව අයිතිවාසිකම් වර්ගීකරණයට අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පළමු පරම්පරාවට අයත් අයිතිවාසිකම් ලෙස සැලකේ. පුද්ගල අයිතිවාසිකම් ලෙස සැලකෙන ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් සමාජය සක්‍රිය ව සංවිධානය කර ගැනීමට සෑම පුද්ගලයෙකුට ම අවශ්‍ය වන අයිතිවාසිකම් ලෙස ගැනෙයි. එම අයිතීන්ට අයත් වන්නේ ඡන්දය දීමේ අයිතිය, භාෂණයේ නිදහස, නිදහස් ලෙස රැස්වීමට ඇති අයිතිය, සාධාරණ විනිශ්චයකට භාජනය වීමේ සහContinueContinue reading “මානව අයිතිවාසිකම් යනු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නො වේ.”

මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

– විජයානන්ද ජයවීර (2024 ජුනි 11 දින Colombo Telegraph වෙබ් අඩවියේ පලවිය) නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල් රංජිත් සමග පැවැති යූටියුබ් සාකච්ඡාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද ඒ බව යුක්ති සහගත ලෙස අවධාරණය කළේය. නියෝජන ප්‍රජාත්න්ත්‍රවාදයේContinueContinue reading “මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම”

ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?

සැකෙවින් කියවමු ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය. – ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්  Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු ඇමෙරිකා එක්සත් ජනපදයේ චිරප‍්‍රසිද්ධ  ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි.  ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඩේවිඩ්ContinueContinue reading “ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?”

‘ආර්ථික මිනිසා’ – මිථ්‍යාව හා යථාර්ථය

(සංවිචාරණීය සමාජයක් කෘතියෙන්) පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි.  නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයා වනාහි උපයෝගීතාව උපරිමContinueContinue reading “‘ආර්ථික මිනිසා’ – මිථ්‍යාව හා යථාර්ථය”

Proactive Disclosure : The unmet obligation of our right to information.

With the adoption of the 19th Amendment to the Sri Lankan Constitution, citizens gained a constitutional right to access information held by public authorities. The state and all public authorities defined in the Right to Information (RTI) Act No. 12 of 2016 are responsible for upholding this right, legally obligated to facilitate citizens in claimingContinueContinue reading “Proactive Disclosure : The unmet obligation of our right to information.”

ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම

1. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වර්ධනය වන අතෘප්තිය සහ ‘සිස්ටම් චේන්ජ්’ ඉල්ලීම පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂ ප්‍රායෝගික ව සාක්ෂාත් කරගැනීමට නො හැකිවීම නිසා ඇතිවෙන කලකිරීම හේතු කොට ගෙනමැතිවරණ ප්රජාතන්ත්රවාදය පිළිබඳ මහජන විශ්වාසය විශාල වසයෙන් පළුදු වී තිබේ. අල්ලස හා දූෂණය, නියෝජන ඌනතා, ජනමාධ්‍ය දුෂ්චර්යාව, බෙදුම්කාරී ජනවාර්ගික හා ආගමිකධ්‍රැවීකරණය, තේරී පත්වන නියෝජිතයන්ගේ විෂමාචාරය සහ දේශපාලන ප්‍රභූ පැලැන්තියක නිරන්තර ආධිපත්‍යය ඇතුළු ආවේණික දෝෂවලින් සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනය විකෘත වී තිබේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතා අභිලාෂ නියෝජන. නොවන බව අත්දැකීමෙන් ම දන්නා නිසා මහජනයා තුල සැලකිය යුතු දේශපාලන විසංයෝජනයක් ඇතිව තිබේ. එනිසා හැම මැතිවරණයක්මෙන්ම මේමැතිවරණය ද ඔවුන් වැඩි වසයෙන් යොදා ගන්නේ ම දැන් සිටින පාලන කල්ලියෙන් මිදීම කිසියම් අස්වැසිල්ලක් ගෙන එ්මට හේතුContinueContinue reading “ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම”

මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල් රංජිත් සමග පැවැති යූටියුබ් සාකච්ඡාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද ඒ බව යුක්ති සහගත ලෙස අවධාරණය කළේය. නියෝජන ප්‍රජාත්න්ත්‍රවාදයේ එකී අසාර්ථකත්වය සහ ඊට මුහුණ දිය හැකි ආකාරයContinueContinue reading “මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම”