උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් – තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම.

උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක් මහජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතියක්  සම්මත කොට ක්‍රියාත්මක කිරීම. මේ නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බවත් කොමිසම සඳහන් කරල තියෙනව. මහජන ආයතන සතු තොරතුරු ලබා ගැනීම හා ඒවා පරිශීලනය කිරීමට මහජනතාවට ඇති අයිතිය සහතික කරන හාContinueContinue reading “උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් – තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම.”

විද්‍යුත් මාධ්‍ය අ​පක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීම පිළිබඳ ගැටලු​ව

(විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර නිකුත්නි කිරීම නියාමනය කිරීම පිණිස සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා, මංගල සමරවීර ජනමාධ්‍ය ඇමැති වරයා විසින් පත් කළ කමිටුවක සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණි. එහිදී විද්‍යුත් මාධ්‍යයේ ​අපක්ෂපාතීත්වය පිළිබ විශේෂ අවශ්‍යතාව නියාමන නීතියට නිශ්චිතව ​ඇතුළත් කළ යුත්තේ ඇයිද යන්න පැහැදිලි කරමින් මා කමිටුව​ට ඉදිරිපත් කළ ලියවිල්ලයි මේ. එහෙත් මගේ ඉල්ලීමContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය අ​පක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීම පිළිබඳ ගැටලු​ව”

මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස

ජන මාධ්‍යකරුවා සතු වෘත්තීය පරිචය තියුණු කිරීමට දායක වන එක් වැදගත් සාධකයකි ජනමාධ්‍ය පරිශිලනය කරන්නන්ගේ හෙවත් ග්‍රාහකයන්ගේ විචාර බුද්ධිය.  විවධ මාධ්‍ය ප්‍රකාශණ වල ගුණාත්මක බව සසඳා බැලීමට තරම් යහපත් අදීන බහුමාධය්‍ය වාතාවරණයක් පවතින මුහුකුරාගිය ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක ග්‍රාහකයන්ට මේ විචාර බුද්ධිය අනුක්‍රමයෙන් වගා කරගැනීම අසීරු නොවේ. එහෙත් යහපත් බහුමාධ්‍ය වාතාවරණයක් යන්න තීරණය වන්නේ විවිධ ආතාරයේContinueContinue reading “මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස”

ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?

පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය  ක්ෂේත්‍රය සැලසුම් කිරීමContinueContinue reading “ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?”

විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම

රූපවාහිනී හා  ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයකුට අන් මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද  යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්ඡා කල යුතු ප්‍රශ්නයක් බව මෑත දී  ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් හැසිරුණු ආකාරයෙන් පෙනී යයි.  බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවලContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම”

විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය

යම් කිසි පුද්ගලයෙකු සම්බන්ධව කරුණුමය අසත්‍යයක් ජනමාධ්‍ය වාර්තාවක පළ වූ විට එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ. එම ඉල්ලීම සාධාරණ නම් වැරැද්ද නිවැරදි කිරීම ජනමාධ්‍යයේ වග කීමෙයි. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙකී අයිතිය හැඳින්වෙන්නේ නිරවද්‍ය කර ගැනීමේ අයිතිය(right to correction) යනුවෙනි. තමන් සම්බන්ධ කරුණුමය වශයෙන් වැරදි චෝදනාවක් ජනමාධ්‍යයේ පළ වූ විට ඒContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය”

විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.

විද්‍යුත් මාධ්‍යයේ පිළබඳ ඇති විවේචනය ස්ථාන ගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟා කර ගැනීම සඳහාද යන කාරණය මං හිතන්නේ අපේ කතිකාවට ඉතා වැදගත්. මේ කතිකාව පුළුල් සමාජය තුළ වගේම විද්‍යුත් මාධ්‍ය ට සම්බන්ධ මාධ්‍යවේදීන් ඇතුළු සියලු ආකාරයේ පරදු දරන්නන් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් ල අතරට ගෙන යාමත් අවශ්‍යයි. ඒ නිසා හුදු ව්‍යාපාරික ක්ෂේත්‍රයකට වඩා ජනමාධ්‍යContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.”

විශ්වය තුළ අපි

සමරසිංහ ගුණසේකර මහතා ලියූ “රෝද පුටුවෙන් විශ්වයට ගිය අපේ කාලයේ විස්මිත මිනිසා ස්ටීවන් හෝකිං” නමැති පොත වල්පොල රාහුල මධ්‍යස්ථානයේ දී ජනගත කළා. විශ්වය තුළ මිනිසා යන තේමාව පසුබිම් කොට එහිදී ‍මා කළ ආරාධිත කථාවයි ​මේ. අපේ එදිනෙදා ජීවන අරගලයෙන් මොහොතකට මිදී අපි ආවේ කොහන්ද? කොහොමද? විශ්වය මේ අන්දමට හැදිල තියෙන්නෙ ඇයි වගේ දැවැන්ත ප්‍රශ්න වලටContinueContinue reading “විශ්වය තුළ අපි”

දැනුම – කෙටි හැඳින්වීමක්

සරල ව කිවහොත් ‘දැනුම’(knowledge) යනු ‘දන්නා දේවල්’ බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. උදාහරණ ලෙස පෘථිවිය ගෝලාකාර බවත්, පැරිසිය යනු ප්‍රංශයේ අගනුවර බවත් ඔබේ දැනුමට අයත් ඔබ දන්නා දේවල් විය හැකියි. එමෙන්ම ඔබට යම් තරමකට ඉංග්‍රීසි කතා කිරීමට (නැත්නම් ලිවීමට) හැකි බවත්, දෙකයි දෙකයි එකතු කළ විට හතරක් වෙන බවත් ඔබ දන්නා දැනුම් විශේෂ විය හැකිය.ContinueContinue reading “දැනුම – කෙටි හැඳින්වීමක්”

උසස් අධ්‍යාපනයේ ගැට‍ළු හඳුනා ගැනීම හා සුදුසු විසඳුම් නිරවුල් කර ගැනීම – සාකච්ඡා සටහනක්

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කර​ණDownload Slides ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල කලා විෂයයන් හදාරන ශිෂ්‍ය ප්‍රජාව තුළ සිය අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත භාවයකි. මේ අවිනිශ්චිත භාවයට හේතු නිසි ලෙස විශ්ලේශණයට ලක් කිරීම පිණිස උචිත සමීක්ෂණයක් තවමත් පවත්වා නැත. එහෙත් උසස් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ නිසි ප්‍රතිපත්ති සම්පාදනයට වැදගත් විය හැකි තොරතුරු කලා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධයෙන්ContinueContinue reading “උසස් අධ්‍යාපනයේ ගැට‍ළු හඳුනා ගැනීම හා සුදුසු විසඳුම් නිරවුල් කර ගැනීම – සාකච්ඡා සටහනක්”