දාර්ශනික මතවාද විමර්ශනය – යුනෙස්කෝ සමීක්ෂණය බොහෝකොට බටහිර සම්භවයක් ඇතැයි පිළිගැනෙන ඓතිහාසික ලේඛන පාදක කොටගත් කරුණු වලින් සමන්විත යැයි සැලකිය හැකි ලියවිල්ලක් කොතෙක් දුරට මානව හිමිකම් පිළීබඳ විශ්ව සාධාරණ ප්‍රකාශනයක් ලෙස ගිණිය හැකිද? යන කුකුස එකළ ද ඇතැමුන් තුල ඇතිවිය. එහෙත් මේ කුකුස නිරාකරණය කරමින් කමිටු සාමාජිකයන් දිරිගන්වන සුළු පිළිතුරු සැපයීමට යුනෙස්කෝ ආයතනය මගින් දියත්ContinueContinue reading “මානව අයිතිවාසිකම් විශ්ව සාධාරණද? දාර්ශනික මතවාද විමර්ශනය – යුනෙස්කෝ සමීක්ෂණය”
Author Archives: Jaya
කලා හා මානව ශ්‍රාස්ත්‍රීය විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්.
අපේ විශ්ව විද්‍යාල වල කලා සහ මානව විද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව ඒ විෂයයන් තරයේ ඉගෙන ගැනීමට දක්වන උනන්දුව මද බව අසන්නට ලැබේ. කලා සහ මානව ශ්‍රාස්ත්‍රීය විෂයන් මෙන් නොව භෞතික, රසායනික හා ජීව විද්‍යා වැනි ශුද්ධ විද්‍යා විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස් කරන සුලු, විද්‍යා පර්යේෂණ නිගමන වලින්ContinueContinue reading “කලා හා මානව ශ්‍රාස්ත්‍රීය විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්.”
විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.
පිළිගත් ස්වාධීන යන්ත්‍රණයක් මගින් ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුව සිදු කෙරෙන්නේ නම් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම යනු කිසි සේත් ම මර්දනකාරී ක්‍රියාවක් නොවේ. එහෙත් විද්‍යුත් මාධ්‍ය නියාමනය ගැන කතා කරන්නට බොහෝ අයට සිහිපත් වන්නේ ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් ග්‍රාහකයන්ගේ සාමාන්‍ය බුද්ධියට නිගරුවන අන්දමට මාධ්‍ය හිමියන්ගේ චණ්ඩි කම් පෙන්වීමට යොදා ගන්නා අවස්ථාවලදී ය. විද්‍යුත් මාධ්‍ය නියාමනයෙන් අදහස් කරන්නේContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.”
උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් – තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම.
උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක් මහජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතියක් සම්මත කොට ක්‍රියාත්මක කිරීම. මේ නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බවත් කොමිසම සඳහන් කරල තියෙනව. මහජන ආයතන සතු තොරතුරු ලබා ගැනීම හා ඒවා පරිශීලනය කිරීමට මහජනතාවට ඇති අයිතිය සහතික කරන හාContinueContinue reading “උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් – තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම.”
විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීම පිළිබඳ ගැටලුව
(විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර නිකුත්නි කිරීම නියාමනය කිරීම පිණිස සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා, මංගල සමරවීර ජනමාධ්‍ය ඇමැති වරයා විසින් පත් කළ කමිටුවක සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණි. එහිදී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය පිළිබ විශේෂ අවශ්‍යතාව නියාමන නීතියට නිශ්චිතව ඇතුළත් කළ යුත්තේ ඇයිද යන්න පැහැදිලි කරමින් මා කමිටුවට ඉදිරිපත් කළ ලියවිල්ලයි මේ. එහෙත් මගේ ඉල්ලීමContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීම පිළිබඳ ගැටලුව”
මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස
ජන මාධ්‍යකරුවා සතු වෘත්තීය පරිචය තියුණු කිරීමට දායක වන එක් වැදගත් සාධකයකි ජනමාධ්‍ය පරිශිලනය කරන්නන්ගේ හෙවත් ග්‍රාහකයන්ගේ විචාර බුද්ධිය. විවධ මාධ්‍ය ප්‍රකාශණ වල ගුණාත්මක බව සසඳා බැලීමට තරම් යහපත් අදීන බහුමාධය්‍ය වාතාවරණයක් පවතින මුහුකුරාගිය ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක ග්‍රාහකයන්ට මේ විචාර බුද්ධිය අනුක්‍රමයෙන් වගා කරගැනීම අසීරු නොවේ. එහෙත් යහපත් බහුමාධ්‍ය වාතාවරණයක් යන්න තීරණය වන්නේ විවිධ ආතාරයේContinueContinue reading “මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස”
ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?
පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය සැලසුම් කිරීමContinueContinue reading “ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?”
විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම
රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයකුට අන් මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්ඡා කල යුතු ප්‍රශ්නයක් බව මෑත දී ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් හැසිරුණු ආකාරයෙන් පෙනී යයි. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවලContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම”
විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය
යම් කිසි පුද්ගලයෙකු සම්බන්ධව කරුණුමය අසත්‍යයක් ජනමාධ්‍ය වාර්තාවක පළ වූ විට එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ. එම ඉල්ලීම සාධාරණ නම් වැරැද්ද නිවැරදි කිරීම ජනමාධ්‍යයේ වග කීමෙයි. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙකී අයිතිය හැඳින්වෙන්නේ නිරවද්‍ය කර ගැනීමේ අයිතිය(right to correction) යනුවෙනි. තමන් සම්බන්ධ කරුණුමය වශයෙන් වැරදි චෝදනාවක් ජනමාධ්‍යයේ පළ වූ විට ඒContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය”
විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.
විද්‍යුත් මාධ්‍යයේ පිළබඳ ඇති විවේචනය ස්ථාන ගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟා කර ගැනීම සඳහාද යන කාරණය මං හිතන්නේ අපේ කතිකාවට ඉතා වැදගත්. මේ කතිකාව පුළුල් සමාජය තුළ වගේම විද්‍යුත් මාධ්‍ය ට සම්බන්ධ මාධ්‍යවේදීන් ඇතුළු සියලු ආකාරයේ පරදු දරන්නන් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් ල අතරට ගෙන යාමත් අවශ්‍යයි. ඒ නිසා හුදු ව්‍යාපාරික ක්ෂේත්‍රයකට වඩා ජනමාධ්‍යContinueContinue reading “විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.”