නවලිබරල්වාදය හුදු ආර්ථික චින්තනයක් පමණක් නො ව මානුෂික නිදහස මුල්කරගත් සම්භාව්‍ය ලිබරල්වාදය අනුදත් ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආර්ථික වර්ධනයේ නාමයෙන් නො සලකා හරින ආත්මාර්ථකාමී දේශපාලන චින්තනයක් ලෙස ද හැඳින්විය හැකි ය. චිලී රටේ ඒකාධිපති හමුදා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට ගිය මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් ඇතුළු චිකාගෝ ගුරුකුලයට අයත් ආර්ථික විද්‍යාඥයන්ගේ නවලිබරල්වාදී ක්‍රියාන්විතය විමසා බැලීමෙන් එය තේරුම් ගත හැකිContinueContinue reading “නවලිබරල්වාදය සහ ජනරාල් පීනෂේගේ සංස්ථාපිත පෞද්ගලික රාජ්‍යය”
Author Archives: Jaya
නවලිබරල්වාදයේ දේශපාලන දැක්ම
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 බර්ක්ලි සරසවියේ ආචාරිනී වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙන පරිදි නවලිබරල්වාදය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ප්‍රාග්ධන සංසරණයට හා ප්‍රාග්ධනයේ නිර්බාධිත ක්‍රියාකාරිත්වයට මෙන් ම ප්‍රාග්ධනය රාශි භූත වීමට (accumulation of capital) ද අසීමිත ව ඉඩ සලසන නිශ්චිත ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්ති සමුච්චයකි..[1] මෙකී නිශ්චිත ප්‍රතිපත්ති සමුච්චයට මූලික වසයෙන් අයිතිවන්නේ ප්‍රාග්ධන හිමිකරුවන් සඳහා උපරිමContinueContinue reading “නවලිබරල්වාදයේ දේශපාලන දැක්ම”
නව ලිබරල්වාදයේ ආගමනය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වාContinueContinue reading “නව ලිබරල්වාදයේ ආගමනය”
නිස්සාරක ධනවාදය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන අන්දමට සාමාන්‍යයෙන් රටක ජාතික ආදායම කොටස් තුනකට බෙදිය හැකිය. ඒවා නම් ශ්‍රමයෙන් ලැබෙන ආදායම, ප්‍රාග්ධන ආයෝජනයෙන් ලැබෙන ආදායම සහ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යි. මේ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යනුවෙන් බොහෝ විට අදහස් කරන්නේ ආර්ථික විද්‍යාඥයන් ‘බදු කුලිය’ContinueContinue reading “නිස්සාරක ධනවාදය”
ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි. නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයාContinueContinue reading “ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය”
වෙළඳපොළ සමාජය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ගත වූ දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ ‘නිදහස’ පිළිබඳ මූලික ආකෘතිය වන්නේ නිදහස් වෙළඳපොළයි. – රාජ්‍ය නියාමනයකින් තොර ව භාණ්ඩ, සේවා, මූල්‍ය සම්පත් සහ ශ්‍රමය අලෙවි කිරීමේ හැකියාව නිදහස බවත්, ‘නිදහස’ ක්‍රියාත්මක විය යුත්තේ ද නිර්බාධක වෙළඳපොළක් කටයුතු කරන ආකාරයෙන් බවත් අපට පවසයි. ව්‍යාපාර හිමියාගේ නිදහස, මාධ්‍ය අයිතිකරුගේ නිදහස, ඔබේContinueContinue reading “වෙළඳපොළ සමාජය”
ධනවාදය බටහිරින් ආවේ ඇයි?
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 වර්තමාන ආර්ථික චින්තනය බොහෝ දුරට ධනවාදය බිහි වීමට සමාන්තර ව විකාසනය වූවකි. සරල ව කිව්වොත් ධනවාදය, ධනවාදී ආර්ථිකය යන යෙදුම් අප යොදන්නේ ‘ධනවාදය වනාහී හුදෙක් ධන හිමියාට හොඳ ලාභයක් උපයා ගැනීම මූලික පරමාර්ථය කරගත් සමාජ-ආර්ථික-දේශපාලනික දර්ශනයක් ය’ යන අර්ථයෙනි. ධනවාදය බිහි වීමට පෙර පැවති ආර්ථික ක්‍රම හුදෙක් හොඳ ලාභයක්ContinueContinue reading “ධනවාදය බටහිරින් ආවේ ඇයි?”
ප්‍රගතිය කෙබඳු විය යුතු ද?
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුක්‍රම තුළ මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ඔවුන් වෙත ඉදිරිපත් කරන අතළොස්සක් වූ අපේක්ෂකයන් අතරෙන් වාරානුකූල ව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බව අප දනිමු. මැතිවරණ ක්‍රමවල අසාර්ථක භාවයට තුඩු දෙන හේතු අතර පක්ෂ මඟින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දුර්වලතා, මැතිවරණ සඳහාContinueContinue reading “ප්‍රගතිය කෙබඳු විය යුතු ද?”
දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 Photo Credit: New York Times ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය පදනම වන්නේ දේශපාලන සමානාත්මතාව යි (political equality). එහෙත් එතෙක් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදයට සාක්ෂාත් කර ගැනීමට නො හැකි වූයේ ද එය යි. ඒ හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට දේශපාලනික ආයතනවල ස්වරූපය දක්වා වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය යැයි සැලකෙන අනිකුත් හැම දෙයක් ම ප්‍රජාතන්ත්‍රවාදයක අනිවාර්ය අවශ්‍යතාවලටContinueContinue reading “දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය”
සංවිචාරණීය සමාජය – සමාජීය හා ආර්ථික ප්‍රතිමාන
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 යුක්තිගරුක සංවිචාරණීය සමාජයක් බිහි කර ගැනීම අපේ අභිප්‍රාය නම් එවැනි සමාජයක තිබිය යුතු පොදු චර්යාව කෙබඳු විය යුතු ද යන්න කියැවෙන Norms හෙවත් ප්‍රතිමාන මොනවා ද යන්න ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. Norms යන ඉංග්‍රීසි වචනයට දී ඇති සිංහල වදන් අතර ප්‍රතිමාන, හා ප්‍රමිති වැනි වචන දContinueContinue reading “සංවිචාරණීය සමාජය – සමාජීය හා ආර්ථික ප්‍රතිමාන”