ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?

ජනමාධ්‍යකරුගේ සමාජමය වගකීම කුමක්ද යන ප්‍ර‍ශ්නය සාකච්ඡා කිරීමේදී මගේ අදහස වන්නේ පුවත් කලාවේ නියැලෙන ජනමාධ්‍ය කරුවන්ගේ වෘත්තීය කාර්යභාරය විමසීමෙන් මේ ප්‍රශ්නය පිළිබද සාකච්ඡාවට පිවිසිය යුතුබවයි. එහෙත් ජනමාධ්‍යය ආයතන වල අරමුණු, අයිතිකරුවන්ගේ අභිමතාර්ථ හා සංලේඛ්‍ය නිදහස (editorial independence), පුවත් කලාවේදීන්ට වෘත්තිකයන් වශයෙන් සංවිධානය වීමට ඇති අයිතිය, ඔවුන්ගේ වැටුප් හා සේවා කොන්දේසි, මෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍ය බහුවිධත්වයContinueContinue reading “ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?”

දැනුම – කෙටි හැඳින්වීමක්

සරල ව කිවහොත් ‘දැනුම’(knowledge) යනු ‘දන්නා දේවල්’ බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. උදාහරණ ලෙස පෘථිවිය ගෝලාකාර බවත්, පැරිසිය යනු ප්‍රංශයේ අගනුවර බවත් ඔබේ දැනුමට අයත් ඔබ දන්නා දේවල් විය හැකියි. එමෙන්ම ඔබට යම් තරමකට ඉංග්‍රීසි කතා කිරීමට (නැත්නම් ලිවීමට) හැකි බවත්, දෙකයි දෙකයි එකතු කළ විට හතරක් වෙන බවත් ඔබ දන්නා දැනුම් විශේෂ විය හැකිය.ContinueContinue reading “දැනුම – කෙටි හැඳින්වීමක්”