Proactive Disclosure : The unmet obligation of our right to information.

With the adoption of the 19th Amendment to the Sri Lankan Constitution, citizens gained a constitutional right to access information held by public authorities. The state and all public authorities defined in the Right to Information (RTI) Act No. 12 of 2016 are responsible for upholding this right, legally obligated to facilitate citizens in claimingContinueContinue reading “Proactive Disclosure : The unmet obligation of our right to information.”

ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම

1. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වර්ධනය වන අතෘප්තිය සහ ‘සිස්ටම් චේන්ජ්’ ඉල්ලීම පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂ ප්‍රායෝගික ව සාක්ෂාත් කරගැනීමට නො හැකිවීම නිසා ඇතිවෙන කලකිරීම හේතු කොට ගෙනමැතිවරණ ප්රජාතන්ත්රවාදය පිළිබඳ මහජන විශ්වාසය විශාල වසයෙන් පළුදු වී තිබේ. අල්ලස හා දූෂණය, නියෝජන ඌනතා, ජනමාධ්‍ය දුෂ්චර්යාව, බෙදුම්කාරී ජනවාර්ගික හා ආගමිකධ්‍රැවීකරණය, තේරී පත්වන නියෝජිතයන්ගේ විෂමාචාරය සහ දේශපාලන ප්‍රභූ පැලැන්තියක නිරන්තර ආධිපත්‍යය ඇතුළු ආවේණික දෝෂවලින් සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනය විකෘත වී තිබේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතා අභිලාෂ නියෝජන. නොවන බව අත්දැකීමෙන් ම දන්නා නිසා මහජනයා තුල සැලකිය යුතු දේශපාලන විසංයෝජනයක් ඇතිව තිබේ. එනිසා හැම මැතිවරණයක්මෙන්ම මේමැතිවරණය ද ඔවුන් වැඩි වසයෙන් යොදා ගන්නේ ම දැන් සිටින පාලන කල්ලියෙන් මිදීම කිසියම් අස්වැසිල්ලක් ගෙන එ්මට හේතුContinueContinue reading “ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම”

මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල් රංජිත් සමග පැවැති යූටියුබ් සාකච්ඡාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද ඒ බව යුක්ති සහගත ලෙස අවධාරණය කළේය. නියෝජන ප්‍රජාත්න්ත්‍රවාදයේ එකී අසාර්ථකත්වය සහ ඊට මුහුණ දිය හැකි ආකාරයContinueContinue reading “මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම”

ආර්ථික චින්තනයේ සීමා

නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයටContinueContinue reading “ආර්ථික චින්තනයේ සීමා”

නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැකීම

හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොහෝ දුර්ගුණ නිෂේධ කරන සුවිශේෂ ගුණාංගවලින් යුත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) පිළිබඳ ව මේ පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කෙරෙන බැවින් සංවිචාරණය (deliberation) යන වචනය නිශ්චිත ව හඳුන්වා දීම මැනව යි මම සිතමි. ‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැන ම කරුණු කාරණා ඉතා සැලකිල්ලෙන් හාContinueContinue reading “නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැකීම”

යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය

දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත්  ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජනContinueContinue reading “යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය”

ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය 

නූතන අර්ථයෙන් ගත් විට ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ම ගුණාංග ලෙස සැලකෙන්නේ මහජනතාවගේ දේශපාලන සමානාත්මතාව, මහජන සහභාගිත්වය සහ ආණ්ඩුකරණයේ වග වීමයි.[8] දේශපාලන සමානාත්මතාව යනුවෙන් හැඳින්වූයේ දේශපාලනය කිරීමේ අයිතිය සමාජයේ හැම සාමාජිකයෙකුට ම එක හා සමානව හිමි වෙන බව යි. මහජන සහභාගීත්වය යන්න මැතිවරණයට  පමණක් සීමා වූවක් නොවේ.  සෘජු ව හෝ සංවිධිත ව හෝ දේශපාලන කටයුතු වලට සහභාගි වීම,  විසම්මුතිය,ContinueContinue reading “ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය “

නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරා ගැනීමෙන් නො වේ. බලය අල්ලා ගැනීමේContinueContinue reading “නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම”

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය

“හැම වැඩිහිටියෙකු ම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම, ධනය, සමාජ තත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තට ම ආණ්ඩු කරන්නේ කවුද ? ” යනුවෙන් වසර හැටකට පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ඩාල් ඇසූ ප්‍රශ්නය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අදටත් වලංගු ය.[37]  ඒ වනContinueContinue reading “සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය”

මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි

ඉහත පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්තයේ අත්දැකීම විග්‍රහ කරමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් යනුවෙන් ප්‍රායෝගික වසයෙන් අදහස් වන්නේ කුමක් ද යන පැනයට පිළිතුරු දෙන  හෙලන් ලැන්ඩ්මොර් ඒ සඳහා සුදුසු තනි ක්‍රමයක් නොමැති බව පවසයි. අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කළ ක්‍රමෝපාය තුළ වැදගත් නව ක්‍රමවේද තිබුණ ද එය ද මුළුමනින් සාර්ථක උදාහරණයක් යැයි කිව නො හැකි ය.  එහෙත්ContinueContinue reading “මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි”