නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයටContinueContinue reading “ආර්ථික චින්තනයේ සීමා”
Category Archives: Uncategorized
නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැකීම
හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොහෝ දුර්ගුණ නිෂේධ කරන සුවිශේෂ ගුණාංගවලින් යුත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) පිළිබඳ ව මේ පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කෙරෙන බැවින් සංවිචාරණය (deliberation) යන වචනය නිශ්චිත ව හඳුන්වා දීම මැනව යි මම සිතමි. ‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැන ම කරුණු කාරණා ඉතා සැලකිල්ලෙන් හාContinueContinue reading “නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැකීම”
යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය
දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත් ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජනContinueContinue reading “යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය”
ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය
නූතන අර්ථයෙන් ගත් විට ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ම ගුණාංග ලෙස සැලකෙන්නේ මහජනතාවගේ දේශපාලන සමානාත්මතාව, මහජන සහභාගිත්වය සහ ආණ්ඩුකරණයේ වග වීමයි.[8] දේශපාලන සමානාත්මතාව යනුවෙන් හැඳින්වූයේ දේශපාලනය කිරීමේ අයිතිය සමාජයේ හැම සාමාජිකයෙකුට ම එක හා සමානව හිමි වෙන බව යි. මහජන සහභාගීත්වය යන්න මැතිවරණයට පමණක් සීමා වූවක් නොවේ. සෘජු ව හෝ සංවිධිත ව හෝ දේශපාලන කටයුතු වලට සහභාගි වීම, විසම්මුතිය,ContinueContinue reading “ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය “
නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම
බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරා ගැනීමෙන් නො වේ. බලය අල්ලා ගැනීමේContinueContinue reading “නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම”
සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය
“හැම වැඩිහිටියෙකු ම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම, ධනය, සමාජ තත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තට ම ආණ්ඩු කරන්නේ කවුද ? ” යනුවෙන් වසර හැටකට පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ඩාල් ඇසූ ප්‍රශ්නය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අදටත් වලංගු ය.[37] ඒ වනContinueContinue reading “සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය”
මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි
ඉහත පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්තයේ අත්දැකීම විග්‍රහ කරමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් යනුවෙන් ප්‍රායෝගික වසයෙන් අදහස් වන්නේ කුමක් ද යන පැනයට පිළිතුරු දෙන හෙලන් ලැන්ඩ්මොර් ඒ සඳහා සුදුසු තනි ක්‍රමයක් නොමැති බව පවසයි. අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කළ ක්‍රමෝපාය තුළ වැදගත් නව ක්‍රමවේද තිබුණ ද එය ද මුළුමනින් සාර්ථක උදාහරණයක් යැයි කිව නො හැකි ය. එහෙත්ContinueContinue reading “මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි”
‘Due Impartiality’ should be our top-most objective in regulating the broadcasting sector
The broadcast media undoubtedly holds a pivotal role in shaping public opinion, with its extensive reach and influential presence in every household. Recent research conducted in the USA reveals that the average daily time spent watching TV by adults is approximately two and a half hours. While specific data for Sri Lanka is unavailable, itContinueContinue reading “‘Due Impartiality’ should be our top-most objective in regulating the broadcasting sector”
ජාතීන් අසමත් වෙන්නේ ඇයි? බලය,සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය
ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන් ලියූ කෘතිය සැකෙවින් කියවමු Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු අමෙරිකා එක්සත් ජනපදයේ චිරප්‍රසිද්ද ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි. ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩුContinueContinue reading “ජාතීන් අසමත් වෙන්නේ ඇයි? බලය,සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය”
අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy)
(සංවිචාරණීය සමාජයක් කෘතියෙන් තවත් පරිච්ඡේදයක්) වර්ජිනියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ස්ටීව් රෝඩ්ස් 1984 දී පළ කළ ‘The Economist’s View of the World’ නමැති ග්‍රන්ථයේ නව 35 වැනි සංවත්සර සංස්කරණය ගැන ලියමින් රාජ්‍ය කාර්මික ප්‍රතිපත්තිවල ඵලදායකත්වය ගැන ෆ්‍රැන්සිස් ෆුකුයාමා අපට නැවත වැදගත් කරුණක් මතක් කරයි. රාජ්‍ය කාර්මික ප්‍රතිපත්ති මඟින් ආර්ථික වර්ධනය ඇති කිරීමේ වෑයම හැම විටContinueContinue reading “අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy) “