තද පාලකයෙකු පිළිබඳ මිත්‍යාව

ජීවත් වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රටක් හෝ ඒකාධිපති රටක් යන දෙකෙන් එකක් තෝරා ගත යුතුයැ’යි ඔබට කිව හොත් අනෙකුත් බොහෝ අය මෙන් ම ඔබ ද නිසැකව ම තෝරා ගනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයි මම සිතමි. උතුරු කොරියාවේ හෝ ඉරානයේ පදිංචියට නො ගොස් සිය දිවි පරදුවට තබමින් ඔස්ට්‍රේලියාවේ, ජපානයේ, අමෙරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපීය රටක සරණාගතයන් වශයෙන්Continue reading "තද පාලකයෙකු පිළිබඳ මිත්‍යාව"

පුස්තකාල සේවා

2015 දී පළ කළ ජාතික පුස්තකාල 25 වැනි සංවත්සර සමරු කලාපයට අනුව ලංකාවේ  මහජන පුස්තකාල 1100කුත් පාසල් පුස්තකාල 5600කුත්  තියෙනවා. මීට අතිරේක ව ආයතනික පුස්තකාල ගණනාවක් තිබෙන නමුත් ඒවා පිළිබඳ නිසි සංඛ්‍යා ලේඛන තිබෙන බවක් පෙන්නන්න නැහැ.   දැනුම බෙදා දීමේ දී සම්ප්‍රදායික ව පුස්තකාල සැලකිය යුතු කාර්ය භාරයක් කළ බව අපට කියන්න පුළුවන්. සම්ප්‍රදායිකContinue reading "පුස්තකාල සේවා"

තොරතුරු ප්‍රභවයක රහස්‍ය භාවය රැකීමට ජනමාධ්‍යකරුවෙකු සතු අයිතිය.

ජනමාධ්‍යවේදියෙකුට ලැබෙන තොරතුරු වල ප්‍රභවය රහසිගතව තබා ගැනීමට අවශ්‍ය අවස්ථා වල දී ප්‍රභවය හෙළිදරව් කිරීමට බල නො කළ යුතු ය යන්න පිළිගත් සම්ප්‍රදායක් පමණක් නොව ඇතැම් රටවල නීතියෙන් පවා ආරක්ෂා කර ඇති අයිතියකි. එයට හේතුව ප්‍රභවයක් හෙලි කිරීමට බල කළ හොත් ජනමාධ්‍යකරුවෙකු විසින් කරන වාර්තාකරණයකින් හෙළිදරව් විය හැකි අකටයුතු හෙලි කිරීම පිණිස තොරතුරු සපයන්නන් ඉදිරිපත්Continue reading "තොරතුරු ප්‍රභවයක රහස්‍ය භාවය රැකීමට ජනමාධ්‍යකරුවෙකු සතු අයිතිය."

ගැටුම් සංවේදී වාර්තාකරණය

ගැටුම් සංවේදී වීම හා කූට පුවත් ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුලු ජාතික කොටස්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන සිදු වන කලහකාරී ප්‍රචණ්ඩත්වය යළි යළිත් සිදු වීම නිසා තමා  බෙහෙවින් කම්පාවට පත් වෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු පසුගිය 07 වැනිදා ජිනිවාහි මානව හිමිකම් කොමිසමේ දී සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශContinue reading "ගැටුම් සංවේදී වාර්තාකරණය"

තුමුල ඉතිහාසයට ප්‍රවේශයක්

පෙරකතාව : මූලාරම්භයට පෙර මානව ඉතිහාසයට ඔබ්බෙන් ඊටත් වඩා අති දැවැන්ත කාල පරාසයකින් අප වැළඳ ගත් ඉතිහාසයක් මේ මහ පොළොවටත් සමස්ත විශ්වයටත් තියෙනවා. මානව වංස කථාවට පූර්ව කථනයක් වන එය පසුබිම් කොට මානව ඉතිහාසය විස්තර කිරීම “තුමුල ඉතිහාසය” (big history) යනුවෙන් හැදින්විය හැකියි. කිසියම් දේශීය ඉතිහාසයක සුවිශේෂත් වය තේරුම් ගැනීම පිණිස අපට ලෝක ඉතිහාසය පිළිබඳContinue reading "තුමුල ඉතිහාසයට ප්‍රවේශයක්"

අයිතීන් පාදක සංවර්ධන මොඩලයක් කරා

 කලක් කොෆී ආනන් යටතේ අයිතීන් පාදක සංවර්ධනයක් කරා යන සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් අතර ප්‍රවර්ධනය වෙමින් තිබ්ණ් නමුත් බලගතු සාමාජික රටවල් මෙන්ම අයිතිවාසික්ම නුරුස්සන දේශපාලන නායකත්ව වලින් යුත් රටවල් ද එම අදහස ලත් තැනම ලොප් කර දැමීය. එම සාක්ච්ඡාව නැවත ඉස්මතු කිරීමට කාලය පැමිණ තිබේ.අයිතීන් පාදක සංවර්ධනයක් කරා - Towards Rights based approach toContinue reading "අයිතීන් පාදක සංවර්ධන මොඩලයක් කරා"

ප්‍රගාමී තොරතුරු අනාවරණය: තොරතුරු අයිතිය පිළිබඳ ඉටු නොවූ වගකීම

විජයානන්ද ජයවීර මහජන අධිකාරි භාරයේ ඇති තොරතුරු වලට ප්‍රවේශ වීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලාංකේය පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් බවට පත් විය. මේ අයිතිය සාක්ෂාත් කර දීමේ වගකීම රජයට සමස්තයක් වශයෙනුත් 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත මගින් නිර්ණය කර ඇති පොදු අධිකාරි වලට සුවිශේෂ වශයෙනුත් පැවරේ. තොරතුරු අයිතියේ නීත්‍යනුකූල හිමිකරුවන් වන පුරවැසියන්ටContinue reading "ප්‍රගාමී තොරතුරු අනාවරණය: තොරතුරු අයිතිය පිළිබඳ ඉටු නොවූ වගකීම"

සේපියන්ස් සිංහල පරිවර්තනය හඳුන්වාදීමට කළ විවරණයක්

සේපියන්ස්නිසැකව ම කියවිය යුතු සහ කතා බහට ලක් කළ යුතු පොතක්. නවකතා වැනි ප්‍රබන්ධ සාහිත්‍ය පරිවර්තන කෘති සැලකිය යුතු සංඛ්‍යාවක් නිතිපතා සිංහලෙන් පළ වන නමුත් වැදගත් විෂය කරුණු පිළිබඳ මහජන අවබෝධය වඩවන නිර්ප්‍රබන්ධ (nonfiction) පරිවර්තන කෘති සිංහලෙන් පළ වෙන්නේ කලාතුරකින්. වැඩි ම පාඨක අවධානයක් දිනා ගත් ඉංග්‍රීසි කෘති පිළිබඳ පිළිගත් අන්තර්ජාතික දර්ශකයක් වශයෙන් සැලකෙන නිව්යෝක්Continue reading "සේපියන්ස් සිංහල පරිවර්තනය හඳුන්වාදීමට කළ විවරණයක්"

ශිෂ්ටාචාරය – බටහිර බලයේ ගාමක බලවේග හය

නිඕල් ෆර්ගියුසන් Civilization – The Six Killer Applications of Western Power by Niall Ferguson බටහිර ලෝකය අප මත පැතිරූ ආධිපත්‍යයේ සම්භවය ගැන අපේ සමාජය තුළ ඇත්තේ විචාරාත්මක අවබෝධයකට වඩා දේශපාලනඥයන්ගේ කෝකටත් තෛලය බඳු පුහු අධිරාජ්‍ය විරෝධී වාගාලංකාර වලින් වැසුණු අඩු අවබෝධයක්. කලක් ඔක්ස්ෆර්ඩ් සහ හාවඩ් සරසවි වල ඉගැන්නූ  සුපතළ බ්‍රිතාන්‍ය ජාතික  ඉතිහාසඥයෙකු වන ආචාර්ය නිඕල් ෆර්ගියුසන් 2018Continue reading "ශිෂ්ටාචාරය – බටහිර බලයේ ගාමක බලවේග හය"

මිහිපිට විශිෂ්ටතම සංදර්ශනය – පරිණාමයට සාක්කි

කලක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රිචඩ් ඩෝකින්ස් පරිණාම වාදය හුදු මතයක් නොව විද්‍යාත්මක සත්‍යයක් බවට පෙන්වා දීම සඳහා 2009 දී ලියා පළ කළ The greatest show on the earth –  Evidence on the Evolution නමැති පොත එකල වැඩියෙන් ම විකුණුනු පොතක්. දැන් ඒ පොතContinue reading "මිහිපිට විශිෂ්ටතම සංදර්ශනය – පරිණාමයට සාක්කි"