විද්‍යුත් මාධ්‍ය, හිරු, පොලිසිය, ආණ්ඩුවේ විදුලි සංදේශ කොමිසම සහ අපි


හිරු රූපවාහිනිය විසින් සාවද්‍ය කරුණු අඩංගු පුවතක් ප්‍රචාරය කරනු ලැබීමේ චෝදනාවක් ගැන විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර අධිකාරිය වන විදුලි සංදේශ කොමිසමේ අවධානය යොමු කිරීමට පොලිසිය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසූ බව වාර්තා විය. නීත්‍යනුකූල නොවන අන්දමින්  රජය පෙරලීමට කුමන්ත්‍රණය කිරීම වැනි බරපතළ චෝදනාවක දී  දී හැරෙන විට  විකාශන බලපත්‍ර ලාභීන් විසින් සිය විකාශන බලපත්‍රය අපහරණය කරමින් සාවද්‍ය කරුණු ජනගත කිරීම ඇතුළු වෘත්තිය  පිළිබඳ ප්‍රමිති සහ ආචාරධර්ම උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පොලිසියට මැදිහත් වීමට සිදුවීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් නොවේ. විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති පිළිබඳ සම්මත ප්‍රමිති අනුව කටයුතු නො කරන විට ඒ ගැන සොයා බලා කටයුතු කළ යුත්තේ පොලිසිය මගින් නොව විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ම පිහිටුවන ලද ස්වාධීන අධිකාරියක් මගිනි. විදුලි සංදේශ කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සම්මුතිය අනුව පත් කරනු ලබන ස්වාධීන කොමිෂන් සභාවක් නොවේ. පොලිසිය මෙන්ම එයද බලයේ සිටින ආණ්ඩුවේ ඇමතිවරයෙකු යටතේ පවත්වාගෙන ඇමතිවරයා විසින් පත් කරනු ලබන ආයතනයකි.  සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම අපහරණයක් වන නමුදු නූතන ලෝකයේ ස්වාධීන විද්‍යුත් විකාශන මාධ්‍ය යනු ආණ්ඩුවේ කටයුතු මහජන සංනිරීක්ෂණයට ලක් කිරීම සඳහා  අත්‍යවශ්‍ය වන මූලික ප්‍රජාතන්ත්‍රවාදී සාධකයකි. එ් නිසා ඒවායේ කටයුතු  අකටයුතු ගැන සොයා බලා විසඳුම් දිය යුත්තේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට වග වන ආයතන මගින් නොව ස්වාධීනත්වය මුල් කොට  පිහිටුවා ඇති මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම හා පොලිස්  කොමිසමට සමානව විද්‍යුත් විකාශන මාධ්‍ය බලපත්‍ර ප්‍රදානය සහ නියාමනය සඳහා ද ස්වාධීන කොමිසමක් පිහිටුවීමෙනි. නො එසේව  පොලිසිය සහ ආණ්ඩුවේ ආයතනයක් එක්ව ජන මාධ්‍ය සම්බන්ධයෙන් අනුපිළිවෙළින් අභිචෝදක හා අධිකරණ කටයුතු තමන් වෙත පවරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුත්තකි. එය ජන මාධ්‍යයේ ස්වාධීනත්වයට තර්ජනයකි. ස්වයං වාරණයට අත වැනීමකි.


පවතින ප්‍රකට ව්‍යවස්ථානුකූල ස්වාධීන කොමිෂන් සභා මෙන් නොව පාලන බලය හිමි දේශපාලනස අධිකාරිය සිය අභිමතය පරිදි  පත් කරනු ලබන සාමාජිකයන්ගෙන් හෙබි විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විද්‍යුත් මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ නඩු විමසීම බියකරු පූර්වාදර්ශයකි. අනෙක් බොහෝ  ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ම  විද්‍යුත් මාධ්‍යයෙ වෘත්තීය භාවය ප්‍රවර්ධනය කිරීම මුල් කර ගෙන මහජන යහපත සඳහා විද්‍යුත් මාධ්‍ය නියාමනය කරන  ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමනය අධිකාරියක අවශ්‍යතාව පිළිබඳව අප කලක සිට ම පෙන්වා දුන්නෙමු. අපේ විද්‍යුත් විකාශන මාධ්‍ය ක්ෂේත්‍රය වෘත්තිය භාවය ගොඩනැගිය හැක්කේ එමගින් මිස පොලිසියේ මැදිහත් වීමෙන් නොවේ.


 එතෙක්  විද්‍යුත් මාධ්‍ය අපහරණය කිරීම වැළැක්වීමට ආණ්ඩුව විසින් කළ හැකි එක් දෙයක් තිබ‍ෙ. විද්‍යුත් මාධ්‍ය ප්‍රමිති, ප්‍රවෘත්ති සංස්කරණය, වැඩසටහන් අන්තර්ගතය සහ ඉදිරිප්ත කිරීම සම්බන්ධ විස්තීර්ණ ජාත්‍යන්තර ප්‍රමිති හඳුන්වා දී ඇති අතර ඒවා අනුව කටයුතු කිරීමට  විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍රලාභීහු බැඳී සිටිති. උදාහරණයක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යුත් මාධ්‍ය සංවිධානය විසින්  පිළිගත් වැඩසටහන් ප්‍රමිති පිළිබඳ විස්තීර්ණ මාර්ගෝපදේශ ඇතුළත් පොතක් යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහයෙන් පළ කලේය. ඇමා දන්නා අන්දමට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභීන්ට වැඩසටහන් සම්බන්ධ එක සමාන විස්තීර්ණ කොන්දේසි පනවා නැත. වරක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී හෙළි වූ අන්දමට එක් එක් විද්‍යුත් මාධ්‍යයට දී ඇති බලපත්‍ර එකිනෙකකට වෙනස් ය. ඇතැම් බලපත්‍රවල වැඩසටහන් ප්‍රමිති සම්බන්ධ කිසිදු විස්තීර්ණ කොන්දේසියක් සඳහන් නොවේ. ඒ නිසා මුලින් ම කළ යුතු වන්නේ විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණය හා අන්තර්ගතය හා සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිති විස්තීර්ණ ලෙස හඳුන්වා දීමයි.


ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතියට අනුව විද්‍යුත් මාධ්‍ය විකාශනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම අදාළ විෂය භාර අමාත්‍යාංශයේ කටයුත්තකි.. එය ඉතා අවිචාරශිලී ක්‍රමයක් වන නමුත් ඒ ක්‍රමය තුළ පවා විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන සේවය මුඛ්‍ය කරගත් නිසි ප්‍රමිති පවත්වා ගෙන යාම අවධාරණය කිරීම නො කළ හැක්කක් නොවේ. විද්‍යුත් විකාශන මාධ්‍යයක් පවත්වාගෙන යා ම හැම දෙනෙකුට ලැබෙන වරප්‍රසාදයක් නොවේ. ඒ නිසා  ඒ සඳහා බලපත්‍රයක් ලබා ගන්නා අය  නියමිත ප්‍රමිතියකට අනුව අපක්ෂපාතී ව සහ නිරවද්‍ය ව සුපිළිපන්න තොරතුරු විකාශනය කිරීමට බැඳී සිටී. ඒ නිසා ගුවන් විදුලි සහ රූපවාහිනී පනත් මගින් අමාත්‍යවරයාට පවරා ඇති බලතල අනුව එකී ප්‍රමිති මොනවද යන්න මාර්ගෝපදේශ වසයෙන් ගැසට් කර විකාශන බල පත්‍ර කොන්දේසි වල අඩංගු  කළ හැකිය. පහත දැක්වෙන්නේ ප්‍රකට අන්තර්ජාතික ප්‍රමිති අනුගමනය කරමින් ම විසින් පිළියෙළ කරන ලද එවැනි මාර්ගෝපදේශ මාලාවකි. සිංහල ඉංග්‍රිසි භාෂා දෙකෙන් ම කෙටුම්පත් කර ඇති එය මහජන කතිකාවකට ලක් කොට යොදා ගත හැකිය. අවම වසයෙන් එවැනි මාර්ගෝපදේශ ඇති බව විද්‍යුත් මාධ්‍ය කරවන අය පමණක් නොව විද්‍යුත් මාධ්‍ය පරිහරණය කරන අය දන්නේ නම් එය විද්‍යුත් මාධ්‍ය අවභාවිතය කිරීම වැළැක් වීමේ ප්‍රමුඛ පියවරක් විය හැකිය. ඒ හැර අවංක අධ්‍යාශයක් ඇත්නම් විද්‍යුත් මාධ්‍යයට ද මහජනයාට පිළිගත හැකි තමන්ගේ ම ඕම්බුඩ්ස්මන්වරුන් පත් කොට එවැනි මාර්ගෝපදේශ උල්ලංඝනය වන අවස්ථා සම්බන්ධ පැමිණිලි විබාග කරලීමට සිය ආයතන විවෘත කිරීමෙන් මහජන විශ්වාසය දිනා ගත හැකිය.

විද්‍යුත් විකාශන බලපත්‍රලාභීන් සඳහා තොරතුරු සුපිළිපන්න බව පිළිබඳ (Information Integrity) මාර්ගෝපදේශ කෙටුම්පත. Draft Information integrity guidelines for all broadcasting licensees




All broadcast licensees should adhere to these programme guidelines which are provided to ensure the right of people to receive information which are accurate, credible, comprehensive and presented with due impartiality. Editorial responsibility for all content broadcast by a broadcasting service lies with the licensee.
 
Willful violation of these guidelines, which are in force from the date of this gazette, shall be considered as a violation of licensing conditions by the licensee.
 
ජනතාවට නිවැරදි, විශ්වසනීය, සවිස්තරාත්මක සහ නිසි අපක්ෂපාතීත්වයකින් (due impartiality) යුතු තොරතුරු ලැබීමට ඇති අයිතිය සහතික කිරීම සඳහා සපයා ඇති පහත දැක්වෙන වැඩසටහන් මාර්ගෝපදේශ සියලු ම විකාශන බලපත්‍රලාභීන් විසින් අනුගමනය කළ යුතුය. විකාශන සේවාවක් මගින් විකාශනය කරනු ලබන සියලු ම අන්තර්ගතය සම්බන්ධයෙන් සංස්කාරක වගකීම බලපත්‍රලාභියා සතු වේ.
මෙම ගැසට් පත්‍රයේ දින සිට බලාත්මක වන මෙම මාර්ගෝපදේශ, බලපත්‍රලාභියා විසින් හිතාමතා උල්ලංඝනය කිරීම, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ
1. SPECIAL IMPARTIALITY REQUIREMENT
The broadcast licensees should adhere to the following impartiality requirements in all broadcast programmes:
the exclusion, in the case of broadcasting programmes included in any of the broadcasting services offered, of all expressions of the views or opinions of the broadcast licensee on any of the following matters:
matters of political or industrial controversy,
matters relating to current public policy; and
matters influencing the outcome of elections and referendums held in Sri Lanka or any other country.
the preservation, in the case of every broadcasting service of due impartiality, on the part of the broadcast licensee, as respects all of those matters;
the prevention, in the case of any broadcasting licensees giving of undue prominence in the programmes included in the service to the views and opinions of particular persons or bodies on any of those matters.
This special impartiality requirement may be satisfied in relation to a series of broadcast programmes taken as a whole and transmitted within a reasonable period of each other. In this regard the meaning of “due impartiality” should be understood in the following manner:
 
“Due” is an important qualification to the concept of impartiality. Impartiality itself means not favouring one side over another. It requires licensee to be fair and open minded when examining the evidence and weighing all the material facts, as well as being objective and even handed in licensee’s approach to a subject.  “Due” means adequate or appropriate to the subject and nature of the programme.  Thus, “due impartiality” does not mean an equal division of time has to be given to every view, or that every argument and every facet of every argument has to be represented. 
 
1. විශේෂ අපක්ෂපාතීත්ව අවශ්‍යතාව
විකාශන බලපත්‍රලාභීන් සියලු ම විකාශන වැඩසටහන්වල දී පහත සඳහන් අපක්ෂපාතීත්ව අවශ්‍යතා අනුගමනය කළ යුතුය:
පිරිනමනු ලබන ඕනෑම විකාශන සේවාවක අන්තර්ගත වැඩසටහන්වල දී, පහත සඳහන් කිසිදු කරුණක් සම්බන්ධයෙන් විකාශන බලපත්‍රලාභියාගේ අදහස් හෝ මත ප්‍රකාශ කිරීම් සියල්ල බැහැර කිරීම:
දේශපාලනික හෝ කාර්මික මතභේදවලට තුඩු දෙන කරුණු;
වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාළ කරුණු; සහ
ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටක පවත්වනු ලබන මැතිවරණ සහ ජනමත විචාරණවල ප්‍රතිඵලවලට බලපෑම් කරන කරුණු.
සෑම විකාශන සේවාවක දීම, ඉහත කී සියලු කරුණු සම්බන්ධයෙන් විකාශන බලපත්‍රලාභියා විසින් නිසි අපක්ෂපාතීත්වය ආරක්ෂා කර ගැනීම;
විකාශන බලපත්‍රලාභීන් විසින්, සේවාවට ඇතුළත් වැඩසටහන්වල දී ඉහත කී කරුණු කිසිවක් සම්බන්ධයෙන්, විශේෂිත පුද්ගලයින්ගේ හෝ ආයතනවල අදහස් හා මතවලට අනවශ්‍ය ප්‍රමුඛත්වයක් (undue prominence) ලබා දීම වැළැක්වීම.
 
එකිනෙකට සාධාරණ කාල සීමාවක් තුළ සම්ප්‍රේෂණය කරනු ලබන, විකාශන වැඩසටහන් මාලාවක් සමස්තයක් ලෙස ගත් විට, මෙම විශේෂ අපක්ෂපාතීත්ව අවශ්‍යතාව සපුරාලිය හැකිය.
 
 මේ සම්බන්ධයෙන් “නිසි අපක්ෂපාතීත්වය” (due impartiality) යන්නෙහි අර්ථය පහත පරිදි තේරුම් ගත යුතුය:
“නිසි” (Due) යන්න අපක්ෂපාතීත්වය යන සංකල්පයට වැදගත් සුදුසුකමකි (qualification). අපක්ෂපාතීත්වය යනු ම එක් පාර්ශ්වයකට පක්ෂව කටයුතු නො කිරීමයි. සාක්ෂි පරීක්ෂා කිරීමේ දී සහ සියලු ම වැදගත් කරුණු කිරා මැන බැලීමේ දී බලපත්‍රලාභියා සාධාරණ සහ විවෘත මනසකින් යුක්ත විය යුතු අතර, විෂයයකට අදාළ ව බලපත්‍රලාභියාගේ ප්‍රවේශය වාස්තවික (objective) සහ සමබර (even-handed) විය යුතුය. “නිසි” (Due) යන්නෙන් අදහස් වන්නේ වැඩසටහනේ විෂය සහ ස්වභාවයට ප්‍රමාණවත් (adequate) හෝ සුදුසු (appropriate) වීමයි. එබැවින්, “නිසි අපක්ෂපාතීත්වය” යනු සෑම මතයකට ම සමාන කාලයක් බෙදා දිය යුතු බව හෝ, සෑම තර්කයක් ම සහ සෑම තර්කයක ම සෑම පැතිකඩක් ම නියෝජනය කළ යුතු බව හෝ නොවේ.
NEWS, CURRENT AFFAIRS AND OTHER FACTUAL PROGRAMMES
The following requirements are particularly applicable to the news, current affairs and other factual programmes including programmes which contains news and information attributed to other sources such as the newspapers and online news sites.
ප්‍රවෘත්ති ප්‍රකාශ, කාලීන කටයුතු පිළිබඳ වැඩසටහන් සහ වෙනත් ප්‍රභව වලින් ලැබෙන පුවත් සහ තොරතුරු අඩංගුවෙන වැඩසටහන් ද ඇතුළත් සියලු පරිසිද්ධිමය(factual) වැඩසටහන් සම්බන්ධයෙන් පහත දැක්වෙන සුවිශේෂී මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
Broadcast licensees must report news truthfully, accurately, fairly based on verified information and without any expression of the broadcaster’s own view.
විකාශන බලපත්‍රලාභියා සත්‍යවාදී ව, නිරවද්‍ය ව, සාධාරණව ප්‍රවෘත්ති වාර්තා කළ යුතු අතර එසේ කිරීමේ දී තහවුරු කරගත් තොරතුරු භාවිතා කළ යුතුය. එහි දී ප්‍රස්තුතය සම්බන්ධයෙන් විකාශකයාගේ මතය කිසිදු අන්දමකින් ප්‍රකාශ නො කළ යුතුය.
 
News must be presented in the correct context and in a fair manner, without intentional or negligent departure from the facts whether by distortion, exaggeration, misrepresentation, material omissions or summarizations.
චේතනාන්විත ව කරන නො තකා හැරීම්, විකෘති කිරීම්, අතිශයෝක්ති, දුෂ්නිරූපන (misrepresentation) හෝ වැදගත් කරුණු වසං කිරීමෙන්, හෝ අර්ථය ගිලිහෙන අන්දමේ ලුහුඬු කිරීම්වලින් හෝ තොරව, සාධාරණව හා නිවැරදිව සන්දර්භ ගත කරමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කළ යුතුය.
 
Only that which may reasonably be accurate, having reasonable regard to the source of the news, may be presented as fact, and such fact must be broadcast fairly with reasonable regard to context and importance.
ප්‍රමාණවත් තරම් නිරවද්‍ය වූ සහ ප්‍රභවය විශ්වසනීය වූ තොරතුරු පමණක් පරිසිද්ධිමය කරුණු (facts) වසයෙන් ඉදිරිපත් කළ යුතු අතර එවැනි පරිසිද්ධිමය කරුණු ප්‍රචාරණය කළ යුත්තේ ඒවායේ වැදගත්කම සහ සන්දර්භය ගැන ද නිසි සැලකිල්ලක් දක්වමිනි.
 
Where a report is not based on fact or is founded on opinion, supposition, rumors or allegations, it must be presented in such manner as to indicate clearly that such is the case. Such news judgments should be informed by the best expertise available.
වාර්තාව පරිසිද්ධිමය කරුණු මත නොවෙන විට හෝ කිසියම් මතයක් අනුමානයක් ආරංචියක් හෝ චෝදනාවක් පාදක කර ගෙන වාර්තා කරන විට හෝ ඒ බව ඉතා පැහැදිලිව පෙන්වා දෙමින් වාර්තාව ඉදිරිපත් කළ යුතුය. එවැනි ප්‍රවෘත්ති වාර්තා කිරීමට තීන්දු කිරීමේ දී අදාළ කාරණය පිළිබඳ ව ලබා ගත හැකි හොඳ ම විශේෂඥයන්ගේ උපදෙස්වලින් දැනුවත් වී එම වාර්තාව විචාරශීලී ව ඉදිරිපත් කරන බව පෙනී යා යුතුය.
 
The reporting in the news should be dispassionate and authoritative. Except for the matters which are subjected to above mentioned special impartiality requirement, a news reporter may express a professional judgement but not a personal opinion and such judgements must not be prescriptive or fail to take account of other views. Such judgements must be backed with clearly presented evidence and be recognised as perceptive and fair.
ප්‍රවෘත්ති වාර්තා කිරීම ප්‍රාමාණික (authoritative) විය යුතු අතර  අදාළ කරුණ පිළිබඳව අනුරාගී හෝ පරිභවශීලී ආකල්පයකින් තොර ව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ යුතුය. ඉහත පෙන්වා දුන් අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතා ගණයට නො ගැනෙන අවස්ථාවල දී ප්‍රවෘත්ති වාර්තාකරුවෙකුට වෘත්තීය විනිශ්චයමතියක් (professional judgement) ඉදිරිපත් කළ හැකි නමුත් තම පුද්ගලික මතය ඉදිරිපත් කළ නො හැකිය. එහෙත් එවැනි වෘත්තීය විනිශ්චයමතියක් එකම නිර්දේශීය මතය ලෙස හෝ ඒ හැර වෙනත් කිසිදු මතයක් නැතැයි යන්න ඇඟවෙන පරිදි ඉදිරිපත් නො කළ යුතුය. එවැනි වෘත්තීය විනිශ්චයමති ඉදිරිපත් කිරීමේ දී ඒ මතය සාධාරණ මතයක් බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ග්‍රාහකයාට හැකිවන පරිදි සිය විනිශචයමතිය තහවුරු කිරීමට ඇති පැහැදිලි සාක්ෂි සමග ඉදිරිපත් කළ යුතුය.
 
Where there is reason to doubt the correctness of the report and it is practical to verify the correctness thereof, the report must be verified. Where such verification is not practical, that fact must be mentioned in the report.
වාර්තාවක නිරවද්‍ය බව සැක කිරීමට හේතු ඇති විට සහ එහි නිරවද්‍යතාව තහවුරු කර ගැනීම ප්‍රායෝගික වන අවස්ථාවල දී වාර්තාවේ නිරවද්‍ය බව අනිවාර්යයෙන් ම තහවුරු කර ගත යුතුය. නිරවද්‍යතාව තහවුරු කර ගැනීම ප්‍රායෝගික ව අපහසු වන අවස්ථාවල දී ඒ බව ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමේ දී සඳහන් කළ යුතුය.
Where it subsequently appears that a broadcast report was incorrect in a material respect, it must be rectified forthwith, without reservation or delay. The rectification must be presented with such a degree of prominence and timing as in the circumstances may be adequate and fair so as to readily attract attention.
විකාශය කරන ලද වාර්තාවක් කරුණුමය වසයෙන් වැරදි බව දැන ගත් විට නො අනුමාන ව සහ අප්‍රමාද ව එම වාර්තාව වහා නිවැරදි කළයුතුය. එම නිවැරදි කිරීම ප්‍රමාණවත් හා සාධාරණ ලෙස වහා අවධානයට ලක් වීම පිණිස නිසි ප්‍රමුඛත්වය සහ කාල නිශ්චය ඇතිව ප්‍රචාරණය කළ යුතුය
 
The identity of rape victims and other victims of sexual violence must not be divulged in any broadcast, whether as part of news or not, without the prior valid consent of the victim concerned.
වින්දිතයාගෙන් ලබාගත් පූර්ව හා වලංගු අනුමැතියකින් තොරව බලහත්කාර දූෂණයට ලක් වූ වින්දිතයන් ගේ හෝ ලිංගික හිංසනයට ලක් වූ වින්දිතයන් ගේ හෝ අනන්‍යතාවය ප්‍රවෘත්තිවලින් හෝ වෙනත් ඕනෑම ආකාරයක වැඩසටහනකින් හෝ ප්‍රචාරණය නො කළ යුතුය.
 
Broadcast licensees must advise viewers in advance of scenes or reporting of extraordinary violence, or graphic reporting on delicate subject matter such as sexual assault or court action related to sexual crimes, particularly during afternoon or early evening newscasts and updates.
අසාමාන්‍ය හිංසනය වාර්තා කිරීමේ දී ද ලිංගික පහර දීම් හා අපරාධ සම්බන්ධ අධිකරණ කටයුතු වැනි සංවේදී කරුණු පිළිබඳ සුචිත්‍රිත (graphic)වාර්තා හෝ දර්ශන විශේෂයෙන් ම දිවා, සන්ධ්‍යා ප්‍රවෘත්ති හා පුවත් යාවත්කාලීන කිරීම්වල අඩංගු වේ නම් ඒ පිළිබඳව ප්‍රචාරණකයා නරඹන්නන්ට පූර්ව දැනුම් දීමක් කළ යුතුය.
 
News coverage of a demonstrations and public meetings should offer a comprehensive and impartial view. Estimates of attendance – whatever their source – need to be treated with due skepticism. When covering a demonstration, the broadcaster should be aware that the presence of cameras may influence the way people behave. Such coverage should not normally be used in the news and current affair programmes, but if its nature makes it necessary to report it, then reference should be made to how it occurred. 
පෙළපාලි හා රැස්වීම් පිළිබඳ පුවත් අපක්ෂපාතී ව සහ සමස්ත චිත්‍රයක් සැපයෙන ලෙස ඉදිරිපත් කළයුතුය. ප්‍රභවය කුමක් වුවද ඒවාට පැමිණෙන සංඛ්‍යාව ගැන කරණු ලබන ඇස්තමේන්තු සැක මුසුව සැලකිය යුතුය. පෙළපාලියක් ආවරණය කිරීමට යොදන කැමරා දකින විට එය ඊට සහභාගි වන්නන්ගේ හැසිරීමට ද බලපාන බව විද්‍යුත් මාධ්‍ය කරුවා දැන සිටිය යුතුය. හුදෙක් කැමරා දැකීම නිසා ඇතිවෙන එවැනි සිදුවීම් හා රංගන සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් වලට යොදා නො ගත යුතුය. එහෙත් සිද්ධියේ ස්වභාවය නිසා එය වාර්තා කිරීම අත්‍යවශ්‍යය වූ විට එය ඇතිවූ ආකාරය සඳහන් කළ යුතු වේ.
 
Broadcast licensees must not include explicit or graphic language related to news of destruction, accidents or sexual violence which could disturb children or sensitive audiences, except where it is in the public interest to include such material.
විනාශ කිරීම්, අනතුරු හෝ ලිංගික හිංසනය සම්බන්ධ ප්‍රවෘත්තිවල දී, පොදු යහපත සඳහා අවශ්‍ය වන විට දී හැරෙන විට, ළමයින් හා සංවේදී ග්‍රාහකයින් කැලඹීමට පත් විය හැකි සුවිශද (explicit) හෝ සුචිත්‍රිත (graphic) භාෂා යෙදුම් භාවිත කිරීම විද්‍යුත් මාධ්‍ය විසින් නො කළ යුතුය.
 
Depicting trauma in the case of a suffering should not add to the distress of people who already know of their loss.
දුක්ඛදායී අවස්ථාවල දී ඇතිවෙන ක්ෂතිමය (trauma) ස්වභාව විද්‍යුත් මාධ්‍ය මගින් නිරූපනය කිරීමෙන් සිය වියෝ දුක දැනටමත් විඳවන පුද්ගලයන්ගේ දොම්නස තව තවත් වැඩි නො කළ යුතුය.
 
The licensee should ensure that the broadcast treatment of current affairs, including matters which are either of public controversy or the subject of current public debate, is fair to all interests concerned and that the broadcast matter is presented in an objective and impartial manner and without any expression of the broadcaster’s own views.
කාලීන කටයුතු පිළිබඳ තොරතුරු ප්‍රචාරණයේ දී බලපත්‍රලාභියා මහජනතාව අතර මතභේදයට තුඩු දෙන හෝ තත්කාලීන ව විවාදයට තුඩු දී ඇති කරුණු අඩංගු කරන විට එම කාරණයට සම්බන්ධ හැම පාර්ශවයක ම අවශ්‍යතා ගැන සාධාරණ සැලකිල්ලක් දැක්විය යුතු අතර ඒ සම්බන්ධයෙන් විකාශනය  කරන තොරතුරු බලපත්‍රලාභියාගේ මතය අඩංගු කිරීමකින් තොරව අපක්ෂපාතී ව සහ වෛෂයික ව (objectively) ඉදිරිපත් කළ යුතුය.
 
When audience might reasonably expect to hear counter-arguments or where an individual, viewpoint or political party is not represented in a programme the licensee should explain the absence. This should be done in terms that are fair to the missing contributor. The presenter of the programme should consider whether he or she can represent their views based on what they already know. The licensee should strive not to misrepresent or to exclude a missing view altogether.
ප්‍රතිවිරුද්ධ මතයට කන්දීමට ග්‍රාහකයින් බලාපොරොත්තු වෙතැ’යි සාධාරණව සිතිය හැකි අවස්ථාවල දී හෝ ප්‍රතිවාදී පුද්ගලයා, දේශපාලන පක්ෂය හෝ මතවාදය එකී වැඩසටහන තුළ නියෝජනය නොවන අවස්ථාවල දී එසේ නියෝජනය නොවීමට හේතුව විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා සිය ග්‍රාහකයින්ට විස්තර කර දිය යුතුය. එය කළ යුත්තේ නියෝජනය නොවන පාර්ශවයට සාධාරණයක් වන අන්දමට ය. එහි දී එසේ නියෝජනය නොවන මතය ද ඒ වන විට දැන ගත් පරිදි තමන්ට ම ඉදිරිපත් කළ හැකිදැ’යි වැඩසටහන ඉදිරිපත් කරන්නා හෝ මෙහෙයවන්නා සලකා බැලිය යුතුය.
 
 In regard to the broadcast programmes the licensee must check and verify information, facts and documents, including those researched on the internet or gathered through any other sources. This should include confirming with an individual or organisation that they posted material and that it is accurate.
ප්‍රචාරණය වන වැඩසටහන් වල අඩංගු කරන අන්තර්ජාලය හෝ අනෙකුත් ප්‍රභව වලින් විමර්ශනය කොට ලබා ගන්නා තොරතුරු, පරිසිද්ධිමය කරුණු සහ අදාළ ලේඛන වල නිරවද්‍යතාව බලපත්‍රලාභියා විසින් පරීක්ෂා කර බැලිය යුතු ම ය. අදාළ කරුණු අනතර්ජාලගත කළ පුද්ගලයාගෙන් හෝ ආයතනයෙන් සෘජු ව විමසා බැලීම ද මෙකී පරීක්ෂා කර බැලීමට අයත් විය යුතුය.
 
The ability to digitally create, manipulate and copy audio-visual material, including still photographs, video and documents poses ethical dilemmas and creates the potential for hoaxing. Therefore, the broadcaster should ensure that any digital manipulation, including the use of production techniques to create scenes or characters, does not distort the meaning of events, alter the impact of genuine material or otherwise seriously mislead the audience.
ඡායාරූප, වීඩියෝ, ලේඛන ඇතුළු ව ශ්‍රව්‍ය දූෂ්‍ය අන්තර්ගතය ඩිජිටල්මය වසයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට, උපක්‍රමික ව මෑනවීමට සහ ව්‍යාජ පිටපත් ගැනීමට ඇති හැකියාව  විද්‍යුත් මාධ්‍යය  බලපත්‍රලාභියාට ආචාර ධාර්මික ගැටලුවලට මුහුණ දීමේ සහ වංචනික රැවටිලිවලට ගොදුරුවීමේ හැකියාව ඇති කරවයි. එම නිසා දර්ශන පසුතල හා චරිත නිර්මාණය කිරීමට යොදා ගන්නා නිෂ්පාදන ශිල්ප ක්‍රම ඇතුළු ඩිජිටල් උපක්‍රම සිදුවීම් විකෘත කිරීමට, අව්‍යාජ අන්තර්ගත වෙනස් කිරීමට හෝ වෙනත් ආකාරයකින් ග්‍රාහකයන් නො මග යැවීමට හෝ යොදා නො ගත යුතුය.
 
In the broadcast programmes the licensee should identify on air and online sources of information and significant contributors, as well as providing their credentials, so that the audiences can judge their status.
වැඩසටහන් ප්‍රචාරණය කිරීමේ දී විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා තම වැඩසටහනට තොරතුරු ලබාගත් මාර්ගගත ප්‍රභව ද කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් අය ද  තරාතිරම විනිශ්චය කිරීමට ග්‍රාහකයින්ට හැකිවන පරිදි අදාළ සුදුසුකම් ද සමග ග්‍රාහකයින්ට හඳුන්වා දිය යුතුය.
 
The licensee should not broadcast any material in which allegations are made against another person or organisation without ensuring the following:
කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව චෝදනා අඩංගුවෙන අන්තර්ගතයක් පහත දැක්වෙන කරුණු තහවුරු කර ගැනීමකින් තොරව විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියෙකු ප්‍රචාරණය නො කළ යුතුය:
the accuracy of the facts contained in the allegations, including in the statements attributed to the others;
චෝදනාවල අඩංගුවෙන අන්‍ය පුද්ගලයින්ට ආරෝපිත ප්‍රකාශ ද ඇතුළු ව පරිසිද්ධිමය කරුණුවල නිරවද්‍යතාව;
 
whether the story is of significant public interest;
අදාළ කාරණය හෝ කතන්දරය පොදු යහපත සඳහා සැලකිය යුතු අන්දමින් වැදගත් වන දෙයක් ද යන්න;
 
whether the source is of proven credibility and reliability and in position to have sufficient knowledge of the events and facts featured in the allegation;
අදාළ ප්‍රභවය ඇදහිය හැකි ද සහ එහි විශ්වාසදායකත්වය තහවුරු කළ එකක් ද, චෝදනාවේ අන්තර්ගත වන සිදුවීම් සහ පරිසිද්ධිමය කරුණු පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇති කර ගැනීමට හැකි තරාතිරමක ප්‍රභවය සිටී ද යන්න;
 
whether a response to allegations has been sought by the licensee from those people or organisations who have been subjected to the allegations.
චෝදනාවට පාත්‍ර වූ පුද්ගලයින්ගෙන් හෝ ආයතනවලින් විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා එම චෝදනාව පිළිබඳ පිළිතුරු ඉල්ලා සිටියේ ද යන්න.
 
When a broadcast programme make allegations of wrong doing, iniquity or incompetence or lay out a strong and damaging critique of an individual or institution those criticized should be given a “right of reply”, that is, given a fair opportunity to respond to the allegations before the broadcast. The licensee’s request for a response must be properly logged with the name of the person approached and the key elements of the exchange. The licensee should always describe the allegations in sufficient detail to enable an informed response. The response should be reflected fairly and accurately and should normally be broadcast in the same programme, or published at the same time, as the allegation.
ප්‍රචාරණය කරනු ලබන වැඩසටහනක පුද්ගලයෙකුගේ හෝ ආයතනයක වැරදි ක්‍රියා, අසාධාරණකම් සහ අකාර්යක්ෂමතාව පිළිබඳ චෝදනා හෝ අවාසිදායක විවේචනයක් අඩංගු කරන විට එමගින් විවේචනයට ලක් වන පාර්ශවයට “පිළිතුරු දීමේ අයිතිය” සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් එම වැඩසටහන ප්‍රචාරණය කිරීමට පෙර ලබා දිය යුතුය. එසේ පිළිතුරක් ලබාදෙන මෙන් කරන ඉල්ලීම එම ඉල්ලීම කළේ කවරකුගෙන් යන්න විස්තර සහිතව ඒ සම්බන්ධ කළ ගනුදෙනුවල මූලික කරුණු ද සමග විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා විසින් ලොග් සටහනක් තැබිය යුතුය. එවැනි අවස්ථාවල දී ප්‍රමාණවත් පිළිතුරක් ලබා දීමට සෑහෙන තරමට බලපත්‍රලාභියා විසින් චෝදනාව අදාළ පුද්ගලයාg විස්තර කර දිය යුතුය. එමගින් ලැබෙන පිළිතුර සාධාරණව හා නිරවද්‍ය ව සාමාන්‍යයෙන් එකී වැඩසටහනේ ම හෝ චෝදනාව ප්‍රචාරණ යවන වේලාවේ ම ප්‍රචාරණය කළ යුතුය.
 
When broadcast drama realistically portrays living people in contemporary situations, particularly a controversial or sensitive event, the same standards of fairness which apply to factual programmes should generally be observed. It is inevitable that the creative realization of some dramatic elements such as characterization, dialogue and atmosphere, will introduce a fictional dimension, but Broadcast licensees have an obligation to be accurate and to ensure the drama does not unduly distort the known facts and thus become unfair.
නාට්‍යමය වැඩසටහන් ප්‍රචාරණය කිරීමේ දී ජීවත්වෙන පුද්ගලයින් වර්තමාන සන්දර්භයක නිරූපණය කිරීමට සිදුවන විට, විශේෂයෙන්ම මතභේදයට තුඩු දෙන හෝ සංවේදී කරුණු නිරූපණ කිරීමට සිදුවන විට දී සාමාන්‍යයෙන් පරිසිද්ධිමය කරුණු අඩංගුවෙන වැඩසටහන්වලට අදාළ වන සාධාරණත්වය පිළිබඳ මූලධර්ම අනුගමනය කළ යුතුය. චරිතාංග කරණය, දෙබස් සහ වටාපිටාව සම්බන්ධයෙන් ඇතැම් නාට්‍යමය කොටස් නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමේ දී ප්‍රබන්ධමය මානයක් යෙදීම නො වැළැක්විය හැකි වුවද නිරවද්‍යතාව රැකීමටත් දැනටමත් දන්නා කරුණු අනවශ්‍ය ලෙස විකෘති කිරීමෙන් අසාධාරණ නො වීමටත් විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා වග බලා ගත යුතුය.
 
PRIVACY
 
The Broadcast licensees must not infringe privacy of individuals unless their justifiable overriding public interest involved. It is essential to respects an individual’s privacy and treats them fairly, while investigating and establishing matters which it is in the public interest to reveal. Private behavior, correspondence and conversation should not be brought into the public domain unless there is a clear public interest. The Broadcast licensees should:
පොදු යහපත සඳහා වඩා වැඩි ප්‍රමුඛත්වයක් දිය යුතු කාරණාවක දී හැර  විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය කඩ නො කළ යුතුය. පොදු යහපත උදෙසා අනාවරණය කිරීම් සම්බන්ධයෙන් කරන විමර්ශනය කිරීම් සහ තහවුරු කිරීම්වල දී පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ සාධාරණව සැලකීම අත්‍යවශ්‍යය. පැහැදිලි ලෙස ම පොදු යහපතට අදාළ වන කරුණක් නො වේ නම් පෞද්ගලික හැසිරීම්, පෞද්ගලික ලිපි ගනුදෙනු සහ පෞද්ගලික සාකච්ඡා පොදු අවකාශයට රැගෙන නො ආ යුතුය. ඒ සම්බන්ධයෙන් විකාශන බලපත්‍රලාභීන් පහත සඳහන් උපදේශ අනුගමනය කළ යුතුය.
 
Balance the public interest in freedom of expression with the legitimate expectation of privacy by individuals.
පොදු යහපත පිණිස ප්‍රකාශනයේ නිදහස යොදා ගැනීම සහ පුද්ගලයින්ගේ නීත්‍යනුකූල පෞද්ගලිකත්වය පිළිබඳ බලාපොරොත්තු අතර සමතුලනයක් පවත්වා ගත යුතුය.
 
Balance the public interest in the full and accurate reporting of stories involving human suffering and distress with an individual’s privacy and respect for their human dignity and the right to grieve in private.
මානුෂික දුක් වේදනා සහ කම්කටුලු අඩංගු සිදුවීම් පරිපූර්ණව හා නිවැරදිව වාර්තා කිරීම සහ පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය, මානව අභිමානය සහ පුද්ගලිකව ශෝක වීමට ඔහුට හෝ ඇයට ඇති අයිතියට ගරු කිරීම නිසි ලෙස තුලනය කරමින් කටයුතු කළ යුතුය.
 
Justify intrusions into an individual’s private life without consent by demonstrating a clear public interest.
අදාළ පුද්ගලයාගේ එකඟත්වයකින් තොරව කරන වාර්තා කිරීමක දී ඔහුගේ/ඇයගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමක් සිදුවේ නම් ඒ පොදු යහපත පිණිස අත්‍යාවශ්‍ය වන නිසා බව පැහැදිලි ව සාධාරණීකරණය කළ යුතුය.
 
Normally only report the private legal behavior of public figures where broader public issues are raised either by the behavior itself or by the consequences of its becoming widely known.
මහජන සේවකයෙකුගේ පෞද්ගලික නීත්‍යනුකූල හැසිරීම් සාමාන්‍යයෙන් වාර්තා කළ යුත්තේ එම හැසිරීම නිසා හෝ එම හැසිරීම ප්‍රකට වීම නිසා හෝ වඩා පෘථුල පොදු යහපත පිළිබඳ කාරණාවකට මඟ පෑදේ නම් පමණි.
 
In the protection of privacy, dignity and reputation special weight must be afforded to the privacy, dignity and reputation of children, the aged and the physically and mentally disabled.
පෞද්ගලිකත්වය, අභිමානය හා කීර්තිය ආරක්ෂා කිරීමේ දී ළමයින්ගේ, වයස්ගත අයගේ සහ ශාරීරික හා මානසික ආබාධවලින් පෙළෙන්නන්ගේ පෞද්ගලිකත්වය, අභිමානය හා කීර්තිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
 
The fact of publication by other media does not justify the Broadcast licensees reporting it.
හුදෙක් වෙනත් මාධ්‍යයකින් ප්‍රචාරණය කරනු ලැබීම  විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා විසින් ද ප්‍රචාරණය කරණු ලැබීමට හේතුව ලෙස සාධාරණීය කළ යුතු නොවේ.
 
An individual’s right to privacy is also qualified by their behavior. People are less entitled to privacy where their behavior is criminal or seriously anti-social.
පෞද්ගලිකත්වය සඳහා පුද්ගලයින්ට ඇති අයිතිය ඔවුන්ගේ හැසිරීම මගින් තීරණය වන දෙයකි. පුද්ගලයෙකුගේ හැසිරීම සාපරාධකාරී හෝ බරපතළ ලෙස සමාජ විරෝධි වන අවස්ථාවල දී එම පුද්ගලයාට පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය හීන වේ.
 
The people in a public place cannot expect the same degree of privacy as in their homes. They run the risk of being spotted by any one and that means they may be spotted by cameras or recorded by microphones. In general broadcasters should operate openly in public where they can see and be seen.
සිය වාසස්ථාන තුල දී පුද්ගලයින්ට ලැබෙන පෞද්ගලිකත්වය ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන විට දී බලාපොරොත්තුවිය නො හැකිය. ඕනෑම කෙනෙකුගේ දර්ශනයට ලක් වීමේ අවදානමට එම පුද්ගලයින් මුහුණ දිය යුතුය. එබැවින් කැමරා වලින් ඡායාරූප ගත වීමට හෝ මයික්‍රෆෝන මගින් පටි ගත කරනු ලැබීමට භාජනය වීමට ද ඔවුන්ට සිදුවේ. පොදුවේ ගත් විට විද්‍යුත් මාධ්‍යවේදීන් පොදු ස්ථාන වල දී අන්‍යයන්ට තමන්ව දැක ගැනීමට හා තමන්ට අන්‍යයන් දැක ගැනීමට හැකිවන අන්දමින් විවෘතව කටයුතු කළ යුතුය.
 
Although broadcaster may not able to guarantee that the broadcasting of recording made in public will not cause individual embarrassment, broadcaster should not intend that to be a consequence unless they are engaged in clearly anti-social activity.
ප්‍රසිද්ධ ස්ථානවල දී කෙරෙන පටි ගත කිරීම් නිසා පුද්ගලයින්ට විපිළිසර වීම්වලට මුහුණ දීමට සිදු නො වන බවට සහතිකයක් විද්‍යුත් මාධ්‍යවේදීන්ට දිය නො හැකි විය හැකි නමුත් පැහැදිලිව ම සමාජ විරෝධී ක්‍රියාවක නිරත වන අවස්ථාවක දී හැර විද්‍යුත් මාධ්‍යවේදීන් පුද්ගලයින් විපිළිසර කිරීම සිය අරමුණ කොට සලකා ක්‍රියා නො කළ යුතුය.
 
 On private property – and specially in their homes- people may reasonably expect not to be watched or listened to by a broadcaster.  Therefore:
පුද්ගලික ස්ථාන – විශේෂයෙන්ම තමන් වාසය කරන නිවාසවල දී තමන්ට හොරෙන් නැරඹීමකට හෝ තමන්ට හොරෙන් සවන් දීමකට ලක් නො වීමට මිනිසුන් බලාපොරොත්තු වීම සාධාරණය.  එම නිසා පහත සඳහන් මාර්ගෝපදේශ පිළිපැදිය යුතුය.
 
Broadcasters should not plant an unattended recording device on private property without permission of the owner, occupier or their legitimate agent unless for the purpose of gaining evidence of serious crime. The broadcaster should obtain prime facie evidence that the crime has been planned or committed by those who are the subject of the recording.
සිදුවන බරපතළ අපරාධයක් පිළිබඳව සාක්ෂි රැස් කර ගැනීමක දී හැරෙන විට අයිතිකරුගේ, පදිංචි කරුගේ හෝ ඔවුන්ගේ නීත්‍යනුකූල නියෝජිතයින්ගේ නිසි අවසරයකින් තොරව විද්‍යුත් මාධ්‍යවේදීන් විසින් පුද්ගලික දේපළක රහසිගත පටි ගත කිරීම් උපකරණ සවි නො කරනු ලැබිය යුතුය.
 
It is necessary for the broadcaster to show why an open approach would be unlikely to succeed and why the material is needed in programme terms. Each such case must be approved by the Head of the Programmes
වැඩසටහන සඳහා එකී තොරතුරු ද්‍රව්‍යය අවශ්‍ය වන්නේ මන්ද සහ විවෘත එළඹුමක් මගින් එය ඉටු කරගැනීමට නොහැකි ඇයි ද යන කරුණු පෙන්නා දීම ඒ සඳහා වැඩසටහන් අංශයේ ප්‍රධානියාගේ අනුමැතිය ලබා ගැනීමට විද්‍යුත් මාධ්‍යවේදියා කටයුතු කළ යුතුය.
 
Prominent public figures must expect media attention when they become the subject of news stories, but the open an  apparent use of cameras or other equipment on public property aimed at recording them on private property must be appropriate to the importance of the story and must respect the rights of public figures to a proper level of privacy.
සිය කටයුතු ප්‍රවෘත්ති වාර්තාවලට විෂය වන විට තමන්ට ජනමාධ්‍යවල අවධානය යොමු වීම මහජන සේවයේ නියැලෙන ප්‍රකට පුද්ගලයින් විසින් අනිවාර්යයෙන් ම බලාපොරොත්තුවිය යුත්තකි. එහෙත් පුද්ගලික දේපළක කැමරා සහ වෙනත් පටි ගත කිරීමේ උපකරණ යොදා ගැනීම අදාළ සිදුවීමේ වැදගත්කම විසින් සාධාරණීය කළ යුතු අතර එවැනි අවස්ථාවල දී එහි පදිංචිකරු වන මහජන සේවකයාගේ පෞද්ගලිකත්වය පිළිබඳ අයිතියට ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්විය යුතුය.
 
Normally the programmes should cover funerals only when the permission of the family ha ben obtained. Justification of overriding public interest requirement is needed if the wishes of the family are to be ignored. In any event, the funerals should be covered sensitively, and should avoid intrusive conduct, such as close camera shots of people who are grieving.
ප්‍රචාරණය කරන වැඩසටහනක අඩංගු කිරීම පිණිස සාමාන්‍යයෙන් අවමංගල්‍යයක කටයුතු ආවරණය කළ යුත්තේ ඒ සඳහා එකී පවුලේ නිසි අවසරයක් ලබා ගැනීමෙන් පසුව ය. කෙසේ වෙතත් අවමංගල්‍ය කටයුතු ආවරණය කළ යුත්තේ ප්‍රමාණවත් සංවේදී බවකින් යුක්ත ව සහ දුක් වෙන  අයගේ සමීප රූප සහිත කැමරා දර්ශන යොදා ගැනීම වැනි අනවශ්‍ය මැදිහත්වීම්වලින් වැළකී සිටීමෙනි.
 
When a broadcaster want to record for possible broadcast a telephone call to which the broadcaster  is one of the parties the broadcaster should normally seek agreement of the other party in advance, unless there is an overriding public interest involved in recording the conversation without seeking prior consent.
අන් සියල්ල අබිබවා ප්‍රමුඛත්වය දිය යුතු පොදු යහපත පිළිබඳ කාරණයක් සම්බන්ධයෙන් පූර්ව එකඟත්වයක් ලබා ගැනීම අවශ්‍ය නොවන අවස්ථාවක දී හැර, ප්‍රචාරණය සඳහා සකසන වැඩසටහනක පංගු කරුවෙකු ලෙස එම වැඩසටහනට දුරකතන කතිකාවක් මගින් දායකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ දී කල් තියා ඒ බව දැනුම් දෙමින් සහභාගි කරවා ගනු ලබන පංගුකාර පුද්ගලයාගේ එකඟත්වය ඒ දායකත්වය සඳහා ලබාගත යුතුය.
 
Public Interests
The definition of public interest mention in these guidelines includes but is not confined to:
මෙම මාර්ගෝපදේශවල සඳහන් පොදු යහපත පිළිබඳ කරුණුවලට පහත සඳහන් දේවල් අයත් වන නමුත් පොදු යහපත ඒවාට පමණක් සීමා නොවේ.
exposing or detecting crime.
අපරාධයක් හෙළිදරව් කිරීම හෝ සොයා ගැනීම
 
exposing significantly anti-social behavior.
සැලකිය යුතු සමාජ විරෝධි හැසිරීමක් හෙළිදරව් කිරීම
 
exposing corruption or injustice.
වංචා දූෂණ හෝ අසාධාරණකම් එළිදරව් කිරීම
 
disclosing significant incompetence or negligence.
සැලකිය යුතු අසමත්කම් හෝ නො සැලකිලිමත් කම් එළිදරව් කිරීම
 
protecting people’s health and safety.
මහජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සුරැකීම
 
preventing people from being misled by some statement or action of an individual or organisation.
කිසියම් පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක් විසින් කරන ලද ක්‍රියාවක් හෝ නිකුත් කළ නිවේදනයක් මගින් මහජනතාව නො මග යෑමෙන් වැළැක්වීම
 
disclosing information that allows people to make a significantly more informed decision about matters of public importance
පොදුවේ වැදගත් වන කරුණු සම්බන්ධයෙන් වඩා දැනුවත් තීරණ ගැනීමට මහජනතාවට ඉඩ සැලසෙන ලෙස අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම
 
Personal View Programmes:
පුද්ගලික මත අඩංගු වැඩ සටහන්
Factual programmes that allow a single individual or group to offer a coherent though partial view of an issue can add significantly to public understanding, especially when they bring forward unusually and rarely heard perspectives on topics that are well known from orthodox viewpoints.
කිසියම් කාරණයක් පිළිබඳව තනි පුද්ගලයෙකුට හෝ තනි කණ්ඩායමකට පාර්ශවයික මතයක් පැහැදිලිව ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙන පරිසිද්ධිමය කරුණු අඩංගු වැඩසටහන්, විශේෂයෙන් ඒවා බොහෝ අය දන්නා සම්ප්‍රදායික දැක්ම ඉක්මවා යන අසාමාන්‍ය සහ දුලබ දෘෂ්ටිකෝණ අනාවරණය කරන විට, මහජන අවබෝධය සැලකිය යුතු පමණින් ඉහළ දැමීමට දායක වේ. එවැනි වැඩසටහන් සම්බන්ධයෙන් පහත දැක්වෙන මාර්ගෝපදේශ පිළිපැදිය යුතුය.
The licensee must ensure that while these programmes may be partial, they are also accurate and fair and does not misrepresent the opposing viewpoints.
තනි පාර්ශවයක මතය පමණක් ඉදිරිපත් කළ ද මෙවැනි වැඩසටහන් සකසන විට ඒවා නිවැරදි කරුණු මත පාදක කරගත් සාධාරණ වැඩසටහන් බවත් එවැනි වැඩසටහන් ප්‍රතිවිරුද්ධ මත වැරදි අන්දමින් අර්ථකතනය ඉඩ නො දෙන ඒවා බවටත්  විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා වග බලා ගත යුතුය.
 
The licensee should ensure to make clear to the audience the nature of the personal view programme so that people should be in no doubt that they are viewing or listening to a viewpoint.
පුද්ගලික මත පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ දී ඒ බව ග්‍රාහකයන්ට පැහැදිලි වන ලෙස වැඩසටහන ඉදිරිපත් කිරීමට වග බලා ගැනීමෙන් ග්‍රාහකයන් තමන් සවන් දෙන්නේ ඒකපාර්ශවීය මතයකට බව නිසැක ව ම වටහා ගැනීමට ඉඩ සැලසීමට විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා  කටයුතු කළ යුතුය.
 
Since reactions to the personal view programmes may be instructive as well, the licensee should consider suitable opportunities for credible responses in good time and in appropriate programmes.
එවැනි වැඩසටහන් වලට පාදක වන ඒක පුද්ගල මත සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිතර්ක ද අවබෝධ ජනක ඒවා විය හැකි බැවින් බලපත්‍ර හිමිකරු එවැනි විශ්වාසදායක පිළිතුරු වලට කල් නො යවා සුදුසු වැඩසටහන් තුළ අවස්ථාවක් ලබා දීමෙ අවශ්‍යතාව  සැලකිල්ලට ගත යුතුය.
 
Interviewing – even handedness
සම්මුඛ සාකච්ඡා කිරීම් – මැදහත් බව
 
Licensee should ensure that broadcast interviews should be searching and to the point. They should always be wells mannered, not aggressive, hectoring or rude, whatever the provocation and the subject. The licensee should adhere to the following requirements in broadcast interviews.
ප්‍රචාරණය සඳහා කෙරෙන සම්මුඛ සාකච්ඡා විමර්ශනශීලී සහ ප්‍රස්තුතය වන කාරණාවට සෘජු ව ම අදාළ ඒවා බවට  විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා වග බලා ගත යුතුය. එමෙන්ම අදාළ විෂය කරුණ කුමක් වුවත් සහ එය කෙතරම් කුපිතකාරී වුවත් එම සාකච්ඡාව ආක්‍රමණශීලී නො වන හා නො හික්මුණු හා තර්ජනාත්මක බවින් තොර ආචාරශීලී එකක් විය යුතුය. ඒ අනුව විකාශනය කෙරෙන සම්මුඛ සාකච්ඡා සම්බන්ධයෙන් බලපත්‍රලාභීන් පහත දැක්වෙන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
 
anyone expressing contentious views in the programmes are rigorously tested by the interviewer without appearing to be emotional or threatening.
වැඩසටහනක දී විවාදයට තුඩු දෙන කරුණු ඉදිරිපත් කරන ඕනෑම සහභාගි වන්නෙකු සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නා විසින් තරයේ පරීක්ෂාවට ලක් කළ යුතු අතර එකී පරීක්ෂාව ආවේගශීලී හෝ තර්ජනකාරී හෝ එකක් නො විය යුතුය.
 
when a testing interview becomes charged, the emotion should come from the interviewee and not from the interviewer.
එසේ පරීක්ෂාවට ලක් කිරීමේ දී සම්මුඛ සාකච්ඡාව උණුසුම් ස්වරූපයක් ගන්නේ නම් ආවේගශීලී ස්වභාවය පෙනී යා යුත්තේ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නා වෙතින් නොව සම්මුඛ සාකච්ඡාවට සහභාගි වන පුද්ගලයා අතිනි.
 
interviewers in programmes covered by the special impartiality requirement should not cross the line and appear to viewers and listeners personally to be sympathetic to a particular position.
සුවිශේෂි අපක්ෂපාතීත්වය පිළිබඳ අවශ්‍යතාව රැකිය යුතු වැඩසටහන්වලට අඩංගුවෙන සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නන් එම අවශ්‍යතාව උල්ලංඝනය නො කළ යුතු අතර එවැනි වැඩසටහන්වල දී කිසියම් තෝරා ගත් ආස්ථානයක් සම්බන්ධ තමන් පුද්ගලික ව අනුබලයක් දක්වන බව අසන්නන්ට සහ නරඹන්නන්ට පෙනෙන ලෙස කටයුතු නො කළ යුතුය.
 
The behavior of the interviewer should enable listeners and the viewers to regard the interviewer as working on their behalf.
සාකච්ඡාව මෙහෙයවන්නා කටයුතු කරන්නේ හුදෙක් තමන් වෙනුවෙන් ය යන හැඟීම සාකච්ඡාව මෙහෙයවන්නාගේ හැසිරීමෙන් අසන්නන්ට සහ නරඹන්නන්ට පෙනී යා යුතුය.
 
The interviewer should appear though minded, sharp, skeptical and sufficiently informed – but not partial, committed or emotionally attached to one side of an argument.
සාකච්ඡාව මෙහෙයවන්නා දැඩි සිත් ඇති, තීක්ෂණ, සංශයවාදී සහ ප්‍රමාණවත් තරම් දැන උගත් පුද්ගලයෙකු බව පෙනීය යුතු වන නමුදු විවාද සම්පන්න කරුණ දී එක් පාර්ශවයකට කැපවුණු පක්ෂග්‍රාහී හෝ ආවේගශීලී බැඳීමක් ඇති අයෙකු බව පෙන්නුම් කරණ අයෙකු නො විය යුතුය.
 
The interviewer should not ask questions which attempt to disorientate an interviewee such as “Are you in this mess because you are dishonest or just foolish?” or questions which tackle people unfairly.
සාකච්ඡාව මෙහෙයවන්නා සාකච්ඡාවට සහභාගි වන තැනැත්තා අන්දමන්ද කරවන “ඔබ මේ පටලැවිල්ලට සම්බන්ධ වී ඇත්තේ ඔබ වංක අයෙකු නිසා ද නැත්නම් හුදෙක් මෝඩකම නිසා ද?” වැනි ප්‍රශ්න නො ඇසිය යුතුය.
 
The interviewer should ensure to reveal any evasion by the interviewee coolly and politely – if necessary by repeating the question and explaining to the interviewee and to the audience why the previous answer did not address it.
සාකච්ඡාවට සහභාගි වන තැනැත්තා විසින් දැනුවත් ව හෝ නො දැනුවත් ව මග හැර යන කරුණු සංයම ව සහ  විනීතව එළිදරව් කිරීමට සාකච්ඡාව මෙහෙයවන්නා කටයුතු කළ යුතු අතර තම ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් සාකච්ඡාවට සහභාගි වන අය එම ප්‍රශ්නය ආමන්ත්‍රණය නො කළ බව අසන්නන්ට හා නරඹන්නට පෙන්වා දෙමින් අවශ්‍ය නම් ප්‍රශ්නය නැවත නැවතත් ඉදිරිපත් කළ යුතුය.
 
The tone and approach for ordinary people who find themselves as interviews has to be appropriate. They are not likely to be experience in broadcasting and Broadcast licensees need to make sure they are not talked down to nor intimated by brusque questioning.
සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවීමට සිදුවන සාමාන්‍ය මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන විලාසය සහ ස්වරය ඊට ඔබින එකක් විය යුතුය. විද්‍යුත් මාධ්‍ය පිළිබඳ අත්දැකීමක් බොහෝ විට ඔවුන්ට නොමැති බැවින් දඩබ්බර ප්‍රශ්න වලින් ඔවුන් පහත් කොට සැලකීමට හෝ තැති ගැන්වීමට කටයුතු නො කළ යුතුය.
 
Some interviews are important for elucidation and the techniques appropriate to this purpose are different from those used to test the stance of public figures on controversial issues. The people interviewed as eyewitnesses or as experts may need to be encouraged rather than challenged.
ඇතැම් සම්මුඛ සාකච්ඡා කරුණු පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නා අතර ඒ සඳහා උචිත විධික්‍රම විවාද සම්පන්න කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ආස්ථාන විමසුමට ලක් කරමින් ඔවුන් හා කරන සම්මුඛ සාකච්ඡාවලට යොදා ගන්නා විධික්‍රම වලට වඩා වෙනස් විය හැකිය. විෂය විශේෂඥයන් හෝ ඇසින් දුටු සාක්ෂිකරුවන් සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන විට ඔවුන්ට අභියෝග කරනවාට වඩා කළ යුත්තේ සියලු වැදගත් කරුණු අණාවරණය කිරීමට ඔවුන් දිරි ගැන්වීමයි.  
 
The people in a state of distress must not be put under any pressure to provide interviews against their wishes.
සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන ලෙස විපතක් නිසා දෙම්නසට පත් ව සිටින අයට ඔවුන්ගේ කැමැත්තට එරෙහිව බල කළ යුතු නොවේ.
 
When editing of recorded Interview and extracts are to be included in an edited report, interviewees should be dealt with fairly. This includes telling them that their contributions will be edited, bear in mind that the editing process can give rise to disputes between interviewees and the broadcaster.
පටි ගත කරන ලද සම්මුඛ සාකච්ඡාවක් සංස්කරණය කොට උපුටා ගත් කොටස් අවශ්‍ය පරිදි වාර්තා වැඩසටහනකට යොදා ගන්නා විට සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයාට සාධාරණය ඉටු වන ලෙස එම කටයුත්ත ඉටු කළ යුතුය. සම්මුඛ සාකච්ඡා සංස්කරණය කිරීම ඇතැම් විට සාකච්ඡා මෙහෙයවන්නා සහ සාකච්ඡාවට සහභාගි වන්නා අතර ආරවුල් ඇති කිරීමට තුඩු දිය හැකි බැවින් සම්මුඛ සාකච්ඡාව සංස්කරණයට ලක් වෙන බව එයට සහභාගි වන්නාට කල් තියා දැනුම් දෙනු ලැබීම ද එකී සාධාරණය ඉටු කිරීමට ඇතුළත් ය.
 
If an interviewee is being asked or provided an opportunity to reply to detailed criticism the licensee should ensure that the interviewee is given an opportunity to respond to each of the main points aired in the programme. Care should also be taken to reflect in the edited programme the points of substance made by the interviewee in the full recording. Choosing only the weaker responses of an interview in preference to effective rebuttal is unfair. Overall, a reasonable person, seeing or hearing the interview both in full and edited form, should conclude that it has been edited fairly.
වැඩසටහනක අඩංගු වන සවිස්තර විවේචනයකට පිළිතුරු දීමට සම්මුඛ සාකච්ඡාවකට සහභාගි කර ගනු ලබන තැනැත්තෙකුට අවස්ථාව ලබා දෙන විට එම විවේචනයේ හැම ප්‍රධාන කාරණයකට ම පිළිතුරු සැපයීමට එම පුද්ගලයාට ඉඩ සැලසීමට  විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා වග බලා ගත යුතුය. එවැනි සම්මුඛ සාකච්ඡාවක දී දෙන සාර්ථක පිළිතුරු වෙනුවට දුර්වල පිළිතුරු පමණක් තෝරා ගෙන වැඩසටහනකට ඇතුළත් කිරීම අසාධාරණ ක්‍රියාවකි. සමස්තයක් වසයෙන් ගත් විට සමස්ත සම්මුඛ සාකච්ඡාව හා එහි සංස්කරණය සාධාරණව කර ඇති බවට නරඹන හෝ සවන් දෙන යුක්තිගරුක පුද්ගලයෙකුට එකඟ විය  හැකි විය යුතුය.
Recorded interviews should be well focused and where possible they should be of a length appropriate to the likely amount of material to be included in the finished programme. Using only brief extracts from long and unfocused interviews can cause justified ill-feeling.
පටි ගත කළ සම්මුඛ සාකච්ඡා නිසි යොමු වීමකින් යුක්ත වූ බවත් හැකි හැම විටම නිෂ්පාදිත වැඩසටහනට අවශ්‍ය තරමට පමණක් සාකච්ඡාව පැවැති  බවටත් වග බලා ගත යුතු ය. දිගු වියුක්ත සම්මුඛ සාකච්ඡාවකින් ලබාගත් ලඝු උපුටා ගැනීම් පමණක් භාවිතා කිරීම සාධාරණය කළ හැකි ද්වේශයකට හේතු විය හැකිය.
 
REPORTING FROM THE COURTS
අධිකරණවල සිට වාර්තා කිරීම
The broadcaster should avoid broadcasting any material that might give rise to a substantial risk that the course of justice will be seriously impeded or prejudiced. The licensee should avoid the following hazard of contempt during the active period of the case which ends once sentence is passed on a criminal case and on judgement in a civil case:
අධිකරණ ක්‍රියාවලියක් අවදානමකට ලක් කරමින් ඊට බරපතළ බාධාවක් විය හැකි හෝ ඒ සම්බන්ධ ව පූර්ව විනිශ්චයකට තුඩු දිය හැකි හෝ කිසිදු අන්තර්ගතයක් ප්‍රචාරණය කිරීම විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා විසින් නො කළ යුතු වන්නේ ය. අපරාධ නඩුවක් නම් දඬුවම් කිරීමෙන් හෝ සිවිල් නඩුවක් නම් තීන්දුව දීමෙන් හෝ අවසන් වන නඩු විභාගය පවතින කාලය අතරතුරේ දී අධිකරණයට අපහාස කිරීමේ පහත දැක්වෙන අවදානම්වලින් වැළකීමට  විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා කටයුතු කළ යුතුය.
 
broadcasting pictures or comments which could influence, those involved (witnesses, judges, jurors, lawyers, and parties in the action)
නඩු විභාගයට සම්බන්ධ වන උදවියට (සාක්ෂිකරුවන්, විනිශ්චයකරුවන්, ජූරි සභිකයින්, නීතිඥයින් සහ අදාළ ක්‍රියාවලට දායක වූවන්) බලපෑම් කළ හැකි ආකාරයේ රූප හෝ ගුණ දොස් විවරණ ප්‍රචාරණය කිරීමෙන් වැළකිය යුතුය;
 
broadcasting of detailed account of evidence likely to be given  in a case which would run the risk of contempt if broadcast during the active period.
විභාග වන නඩුවක දී ඉදිරිපත් වේයැ’යි අනුමාන කරන සාක්ෂි නඩු කටයුත්ත පවතින කාල වකවානුව තුළ දී සවිස්තරව ප්‍රචාරණය කිරීම නිසා අධිකරණයට අපහාස කිරීමේ අවදානම ගැනීම නො කළ යුතුය;
 
broadcast of material which could effect the way in which one of the parties conducts the case.
විභාග වන නඩු කටයුත්තේ පාර්ශවකරුවන් අතරින් එක් පාර්ශවයක් නඩු කටයුත්තට මැදිහත් වන ආකාරය පිළිබඳව බලපෑම් කළ හැකි දේවල් ප්‍රචාරණය කිරීමෙන් වැළකිය යුතුය;
 
broadcasting an interview with a witness before the case is over.
නඩු කටයුත්ත අවසන් වීමට පෙර නඩුවේ සාක්ෂිකරුවෙකු සමග නඩුව පිළිබඳව කළ සම්මුඛ සාකච්ඡාවක් ප්‍රචාරණය කිරීම නො කළ යුතුය;
 
having dealings with witnesses which might influence or be though likely to influence their evidence
නඩු කටයුත්තක දී සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලට බලපෑම් කරන හෝ බලපෑමකට ඉඩ ඇති ආකාරයේ හෝ ගනුදෙනුවල සාක්ෂිකරුවන් සමග නියැලීම නො කළ යුතුය;
speaking to a juror in a case about the case at any time, before during or after the hearing – this applies whether or not the report is actually transmitted.
නඩු කටයුත්තක් ගැන එම නඩු කටයුත්තේ ජූරි සභිකයෙකු හා කිසි ම අවස්ථාවක දී එනම් නඩු විභාගයට පෙර හෝ, නඩු විභාගය සිදුවන අතරතුර හෝ නඩු විභාගයට පසුව හෝ කතාබහ කිරීම නො කළ යුතුය. මෙය ජූරි සභිකයන්ගේ වාර්තාව ඇත්ත වසයෙන් ම අධිකරණයට ඉදිරිපත් කළ ද  නො කළ ද අනුගමනය කළ යුතු පිළිවෙතකි.
 
reporting what judge has forbidden to be reported.
වාර්තා නො කළ යුතුයැ’යි විනිශ්චය කරුවෙකු විසින් නියෝග කරන ලද කරුණු වාර්තා කිරීම නො කළ යුතුය.
 
speculating about the outcome of the case.
විභාග වන නඩු කටයුත්තක ප්‍රතිඵල පිළිබඳ පුරෝකථන ප්‍රචාරණය කිරීමෙන් වැළකිය යුතුය.
 
commenting on a case due for retrial.
නැවත විභාග කිරීමට නියමිත නඩුකරයක් ගැන අදහස් පළ කිරීම නො කළ යුතුය.
 
publishing material of general nature about the courts capable of undermining confidence in the conduct of a particular case
පවතින කිසියම් නඩුකරයක් පිළිබඳ විශ්වසනීය භාවය කඩ කිරීමට තුඩු දෙන අනිශ්චිත දේවල් ප්‍රචාරණය කිරීම නො කළ යුතුය.
 
publishing what is said in court in the absence of a jury.
විනිසුරු විසින් නඩුවක ජූරි සභාව ඉවතට යවා  තිබිය දී අධිකරණය තුළ විමසුමට ලක් වන කරුණු ප්‍රකාශයට පත්‍ කිරීම නො කළ යුතුය.
 
RECORDING FOR COMEDY OR ENTERTAINING CONTENT
ප්‍රහසන සහ විනෝද ජනක අන්තර්ගත සහිත වැඩසටහන් පටි ගත කිරීම්
The following principles should be adhered to gathering programme material for the purpose of the comedy or light entertainment:
වැඩසටහනක් සඳහා අවශ්‍ය ප්‍රහසනාත්මක සහ සරල විනෝදාස්වාදය අන්තර්ගතය යොදාගැනීමේ දී පහත සඳහන් මූලධර්ම අනුගමනය කළ යුතුය.
 
the people who feature prominently in the recordings should be asked to give their permission before the material is broadcast.
වැඩසටහනක් ප්‍රචාරණයට පෙර එම වැඩසටහන සඳහා යොදා ගනු ලබන පටි ගත කිරීම්වල කැපී පෙනෙන ලෙස පටි ගත වී ඇති පුද්ගලයින්ගෙන් එසේ ප්‍රචාරණය කිරීම සඳහා අවසර ඉල්ලා සිටිය යුතුය.
 
the purpose should not be to expose people to hurtful ridicule or to exploit them
එහි දී අරමුණ එසේ යොදා ගන්නා මිනිසුන්ගේ සිත් තැවුල් කරන අන්දමින් පරිහාසයට ලක් කිරීම හෝ ඔවුන් අයුතු ලෙස නිරූපණය කිරීම හෝ නො විය යුතුය.
 
the broadcaster should respect the wishes of the individual who become aware of the recording and ask for it to stop.
තමන් පටි ගත කිරීමකට ලක් ව ඇති බව දැනුණු පුද්ගලයෙකු එසේ පටි ගත කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටි විට එම ඉල්ලීමට විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා ගරු කළ යුතුය.
the broadcaster should give assurance of any material recorded if such assurances are sought.
තමන් සම්බන්ධ පටි ගත කළ දෙයක් යොදා ගත යුතු හෝ යොදා නො ගත යුතු හෝ ආකාරය ගැන පටි ගත වූ තැනැත්තා සහතික වීමක් ඉල්ලා සිටිය හොත් විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා එම සහතිකය ලබා දිය යුතුය.
 
the broadcaster should obtain permission from the owners or occupiers before recording on private property.
පුද්ගලික දේපළක පටි ගත කිරීමක් කරන විට විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා ඒ සඳහා එම දේපළ හිමි කරුගෙන් හෝ පදිංචි කරුගෙන් අවසර ලබා ගත යුතුය.
 
BROADCASTING OPINION POLLS
මත විචාරණ ප්‍රචාරණය කිරීම
The polls tell nothing about future shifts in opinion. They are based on what a sample of people tells the pollsters at a given point in time. Therefore, broadcasters should not say that an opinion poll proves or shows what the nature at large is thinking. When the polls are accurate, they indicate or suggest what people were saying at the time the field work was done.\
මත විචාරණ (opinion polls) තුළින් එම මත අනාගතයේ දී වෙනස් විය හැකි ආකාරය නිරූපණය නොවේ. ඒවා මගින් නිරූපණය වන්නේ මිනිසුන්ගේ නියැදියක් එම අවස්ථාවේ දී මත විචාරකයින්ට කියා ඇත්තේ කුමක් ද යන්නයි. එම නිසා මත විචාරණයකින් සමස්ත ජනතාව හිතන ස්වභාවය නිරූපණය වන බවක් ප්‍රචාරකයා කිව නො යුතුය. මත විචාරණය නිවැරදි නම් එමගින් පෙන්නුම කරන්නේ හෝ යෝජනා කරන්නේ හෝ මත විචාරණ ක්ෂේත්‍ර කටයුතු කරන අවස්ථාවේ දී මිනිසුන් පැවසුවේ මොනවාද යන්නයි.
 
Once an election is declared by the election commission the broadcaster should not broadcast results of any opinion poll which might influence the outcome of the elections.
මැතිවරණ කොමිසම විසින් නිල වසයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා සිය ප්‍රචාරණ ඔස්සේ මැතිවරණ ප්‍රතිඵලවලට  බලපෑම් සිදුවිය හැකි කිසිදු මත විචාරණයක ප්‍රතිඵල ප්‍රචාරණය නො කළ යුතුය.
 
The broadcasters should not commission exit polls for use on air before the results of an election is officially declared.
මැතිවරණයක නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පෙර ප්‍රචාරණය කිරීම පිණිස විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභි ආයතන ඡන්දය දුන් අයගේ නියැදි පාදක කරගත් මත විචාරණ සිදු කිරීමේ පැවරුම් නො කළ යුතුය.
 
When reporting on polls in other circumstances broadcasters should not rely on the interpretations given to a poll’s results by the publication or organisation which commissioned it. Instead broadcasters should look at the sample size, representativeness, methodologies, framing of questions, data and interpretation of data with the assistance of independent experts before deciding to air the information gathered through such polls.
අවශේෂ අවස්ථාවල දී මත විචාරණ ප්‍රතිඵල වාර්තා කරන විට මත විචාරණය සංවිධානය කළ හෝ පැවරූ හෝ ආයතනයේ අර්ථකතන මත යැපෙමින් වාර්තා ඉදිරිපත් නො කළ යුතුය. ඒ වෙනුවට එවැනි මත විචාරණ ප්‍රතිඵල ප්‍රචාරණය කිරීමට තීරණය කිරීමට පෙර  මත විචාරණය සඳහා යොදා ගත් නියැදියේ ප්‍රමාණය, එමගින් ඉටු කෙරෙන නියෝජනයේ ආවරණ සාර්ථකත්වය, යොදා ගත් විචාරණ ක්‍රමවේද, විමර්ශන ප්‍රශ්නාවලිය රාමු ගත කර ඇති ආකාරය, දත්ත සහ දත්ත අනුව දී ඇති අර්ථකතන විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා  ස්වාධීන ප්‍රාමාණික විශේෂඥයින්ගේ සහාය ද ඇතිව ප්‍රචාරණයේ දී විමර්ශනයට ලක් කළ යුතුය.
 
Broadcasters should not use the language which gives greater credibility to the polls than they merit – results never “prove” or even “show”, they simply “suggest”
මත විචාරණයක් ගැන එයට උචිත ප්‍රමාණය ඉක්මවා යන විශ්වසනීයත්වයක් ලබා දීමට ප්‍රචාරකයා (Broadcaster) කටයුතු නො කළ යුතුය. මත විචාරණ ප්‍රතිඵල වලින් ඔප්පු කිරීමක් තබා පෙන්වා දීමක් වත් සිදු නොවන බැවින් හුදෙක් ඒවා මගින් ඉටු වන්නේ යෝජනා කිරීමක් පමණක් බව ග්‍රාහකයාට අවධාරණය කළ යුතුය..
 
When reporting on polls the broadcaster should:
mention who commissioned and who carried out the poll
mention the size of the sample and how representativeness was it.
whether it was a random sample or a quota sample
the margin of error.
මත විචාරණයක් වාර්තා කරන විට
එම මත විචාරණය කවුරුන් විසින් පවරන ලද්දක් ද හා කවුරුන් විසින් ඉටු කරන ලද්දක් ද යන බව;‍
යොදා ගත් නියැදියේ විශාලත්වය කොපමණ ද සහ එම නියැදිය කෙතෙක් දුරට පරිපූර්ණ නියෝජනයක් නිරූපණය කරයි ද යන බව;
නියැදිය අහඹු ලෙස තෝරා ගත් එකක් ද නැතහොත් කෝටා ක්‍රමයකට තෝරා ගත් එකක් ද යන බව;
සහ මත විචාරණයේ දෝෂ්‍යය සීමාන්තරය (margin of error) කුමක් ද යන බව ද වාර්තා කළ යුතුය.
 
BROADCASTING OF ADVERTISMENTS
වෙළඳ ප්‍රචාරණ විකාශය කිරීම
 
Licensee should ensure that all advertisements comply with the laws of Sri Lanka and that no broadcast advertisement is misleading or deceptive or likely to mislead or deceive the consumer. All broadcasting advertisements should be prepared with and observe a high standard of social responsibility to the consumer and to the society. The licensee should adhere to the following guidelines when broadcasting advertisements.
විකාශනය කරන සියලු වෙළඳ ප්‍රචාරණ දැන්වීම් ශ්‍රී ලංකාවේ බලාත්මක නීතිවලට අනුකූල විය යුතු බවටත් කිසිදු ප්‍රචාරණ දැන්වීමක පාරිභෝගිකයින් නොමග යවන හෝ නොමග යැවීමට තුඩු දෙන හෝ රවටන සුළු හෝ කරුණු අඩංගු නොවිය යුතු බවටත් විකාශන බලපත්‍රලාභියා වග බලා ගත යුතු ය. සියලු වෙළඳ ප්‍රචාරණ දැන්වීම් ජන සමාජයට හා පාරිභෝගිකයාට වග වෙන ඉහළ ප්‍රමිතියකින් යුක්ත ව පිළියෙළ කළ ඒවා විය යුතුය. වෙළඳ ප්‍රචාරණ දැන්වීම් ප්‍රචාරණයේ දී විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභියා පහත සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
 
Identification – Advertisements should be clearly distinguishable as such, whatever their form and whatever the programme used; when an advertisement appears in a programme which contains news or editorial matter, it must be presented so that it is readily recognised as an advertisement.
අනන්‍යකරණය: ප්‍රචාරණය වන සියලු වෙළඳ ප්‍රචාරක දැන්වීම් අනෙකුත් අන්තර්ගතවලින් වෙන් කොට වෙසෙසින් හඳුනා ගත හැකි විය යුතුය. කුමන වැඩසටහනක් හෝ ආකෘතියක් භාවිත කළ ද ප්‍රවෘත්ති හෝ සංලේඛ්‍ය අන්තර්ගතය අතර වෙළඳ  දැන්වීම් ප්‍රචාරණය වන විට එය වෙළඳ ප්‍රචාරණ දැන්වීමක් ලෙස සැණකින් හඳුනා ගත හැකිවන ලෙස ප්‍රචාරණය කළ යුතුය.
Truthful Presentation – Advertisements should not contain any statement or visual presentation or create an overall impression which directly or by implication, omission, ambiguity or exaggerated claim is misleading or deceptive, is likely to deceive or mislead the consumer, makes false and misleading representation, abuses the trust of the consumer or exploits his/her lack of experience or knowledge. (Obvious hyperbole, identifiable as such, is not considered to be misleading).
සත්‍යගරුක ඉදිරිපත් කිරීම: වෙළඳ ප්‍රචාරණ දැන්වීම් ඉදිරිපත් කරන විට සෘජු ව හෝ කිසියම් ඇඟවීමකින් හෝ, බැහැර කිරීමකින්, බහුඅර්ථත ගත කිරීමකින් හෝ අතිශයෝක්තියකින් හෝ පාරිභෝගිකයින් නොමග යවන සුලු හෝ රැවටීමට තුඩු දිය හැකි හෝ සාවද්‍ය හා රැවටිලිකාර ඉදිරිපත් කිරීම් මගින් පාරිභෝගිකයාගේ විශ්වාසය අවභාවිත කිරීම හෝ ඔහුගේ/ඇයගේ අත්දැකීම් නැතිකම හා නො දැනුවත්කම අනිසි ලෙස උපයෝගී කර ගැනීම හෝ නො කළ යුතුය. (මෙහි දී පැහැදිලි අතිශයෝක්තියක් ලෙස ග්‍රාහකයාට හඳුනා ගත හැකි අන්දමින් අඩංගු කරන නිර්මාණශීලී අන්තර්ගත නොමග යවන තොරතුරු ලෙස නො සැලකේ)
 
Research, Tests and Surveys – Advertisements should not use tests and surveys, research results or quotations from technical and scientific literature, in a manner which is misleading or deceptive.
පර්යේෂණ, පරීක්ෂා හා සමීක්ෂණ: පර්යේෂණ, පරීක්ෂා හා සමීක්ෂණවල ප්‍රතිඵල හෝ තාක්ෂණික සහ විද්‍යාත්මක ලේඛනවලින් ලබාගත් උපුටන හෝ නොමග යවන හෝ කුටලෙස හෝ වෙළඳ ප්‍රචාරණ දැන්වීම්වලට යොදා නො ගත යුතුය.
 
Decency – Advertisements should not contain anything which clearly offends against generally prevailing community standards of decency  taking into account the context, audience and product (including services).
විනීත බව: අදාළ සන්දර්භය, ග්‍රාහකයන් සහ ප්‍රවර්ධනය කරනු ලබන භාණ්ඩය හෝ සේවාව සලකන විට විනීතකම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් පවතින ප්‍රජා ප්‍රමිතිවලට පැහැදිලිව එරෙහි වන කිසිවක් ප්‍රචාරණය වන වෙළඳ දැන්වීම්වල අඩංගු නොවිය යුතුය.
 
Offensiveness – Advertisements should not contain anything which in the light of generally prevailing community standards is likely to cause serious or widespread offence taking into account the context, medium, audience and product (including services).
වරදකාරීබව: අදාළ සන්දර්භය, ග්‍රාහකයන් සහ ප්‍රවර්ධනය කරනු ලබන භාණ්ඩය හෝ සේවා සලකන විට සාමාන්‍යයෙන් පවතින ප්‍රජා ප්‍රමිතිවලට පැහැදිලිව එරෙහි වන බරපතළ හෝ පෘථුල ලෙස වැරදිවලට තුඩු දිය හැකි  කිසිවක් ප්‍රචාරණය වන වෙළඳ දැන්වීම්වල අඩංගු නොවිය යුතුය.
 
Fear – Advertisements should not exploit the superstitious, nor without justifiable reason, play on fear.
බිය: ප්‍රචාරණය වන වෙළඳ දැන්වීම් සඳහා අයුතු ලෙස අන්ධ විශ්වාස යොදාගැනීම හෝ සාධාරණ හේතුවකින් තොරව බිය ඉපදවීම නො කළ යුතුය.
 
Violence – Advertisements should not contain anything which lends support to unacceptable violent behavior.
හිංසනය: ප්‍රචාරණය වන වෙළඳ දැන්වීම් වල පිළිගත නොහැකි හිංසාකාරී චර්යාවලට ආධාර කෙරෙන කිසිවක් ප්‍රචාරය නොකළ යුතුය.
Denigration – Advertisements should not denigrate identifiable products or competitors. අනන්‍ය කර ගත හැකි අනෙකුත් භාණ්ඩ හා සේවා හෝ තරඟකාරී ව්‍යාපාර හෝ ප්‍රචාරණය වන වෙළඳ දැන්වීම් මගින් අවමානයට ලක් නො කළ යුතුය.
 
Testimonials – Advertisements should not contain or refer to any personal testimonial unless it is genuine, current, related to the experience of the person giving it and representative of typical and not exceptional cases. The claims in the testimonial should be verifiable.  ප්‍රචාරණය වන වෙළඳ දැන්වීම් සඳහා පුද්ගලික සාක්ෂාත් කිරීම් යොදා ගන්නා විට ඒ්වා අන්‍යයන්ට ද පොදුවේ ප්‍රකෘති ලෙස අත්දැකිය හැකි අව්‍යාජ වර්තමාන අත්දැකීමක් මත පාදක විය යුතු අතර ඒකී පුද්ගලයාට පමණක් සුවිශේෂ වූ ව්‍යතිරේකයක් නොවිය යුතුය.
 
Privacy – Unless prior permission has been obtained an advertisement should not portray or refer to any persons, whether in a private or public capacity, or refer to any person’s property, in a way likely to convey the impression of a genuine endorsement.
පුද්ගලිකත්වය: අදාළ තැනැත්තාගේ පූර්ව අනුමැතියක් ලබා ගැනීමකින් තොරව පුද්ගලික හෝ පොදු මට්ටමින් හෝ කිසියම් පුද්ගලයෙකු සම්බන්ධව හෝ ඔහුගේ දේපළක් සම්බන්ධව හෝ අව්‍යාජ අනුමැතියක් ලබාදෙන ආකාරයෙ හැඟීමක් නිරූපණය කරන ඉදිරිපත් කිරීමක් හෝ සඳහන් කිරීමක් වෙළඳ දැන්වීමක අඩංගු නොකළ යුතුය.
 
Advocacy Advertising – Expression of opinion in advocacy advertising is an essential and desirable part of the functioning of a democratic society. Therefore, such opinions may be robust. However, opinion should be clearly distinguishable from information. The identity of an advertiser in matters of public interest or political issue should be clear.
සන්දේශන දැන්වීම් (Advocacy Advertising) – සන්දේශන දැන්වීම්කරණයේදී මත ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ක්‍රියාකාරීත්වයේ අත්‍යවශ්‍ය සහ යෝග්‍ය කොටසකි. එබැවින්, එවැනි මත ප්‍රබල විය හැකිය. කෙසේ වෙතත්, මතය (opinion) යන්න තොරතුරු (information) වලින් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි විය යුතුය. මහජන උනන්දුවක් ඇති කරුණු හෝ දේශපාලනික ගැටලු සම්බන්ධයෙන් දැන්වීම්කරුගේ අනන්‍යතාවය පැහැදිලි විය යුතුය.
 
Safety – Advertisements should not, unless justifiable on educational or social grounds, contain any visual presentation or any description of dangerous or illegal practices or situations which encourage a disregard for safety.
ආරක්ෂාව – අධ්‍යාපනික හෝ සමාජීය හේතූන් මත සාධාරණීකරණය කළ හැකි අවස්ථාවක හැර, දැන්වීම් මගින්, ආරක්ෂාව නොසලකා හැරීමට දිරිගන්වන අනතුරුදායක හෝ නීති විරෝධී ක්‍රියා හෝ තත්වයන් පිළිබඳ කිසිදු දෘශ්‍ය ඉදිරිපත් කිරීමක් හෝ විස්තරයක් අඩංගු නොවිය යුතුය.
 
Children: Advertisements should not by implication, omission, ambiguity or exaggerated claim mislead or deceive or be likely to mislead or deceive children, abuse their trust or exploit their lack of knowledge or without reason play on fear.
ළමුන්: දැන්වීම් මගින්, ගම්‍ය කිරීමකින්, අතපසු කිරීමකින්, අපැහැදිලි භාවයකින් හෝ අතිශයෝක්තිමය ප්‍රකාශයකින් ළමුන් නොමඟ යැවීම හෝ රැවටීම හෝ නොමඟ යැවීමට හෝ රැවටීමට ඉඩ තැබීම, ඔවුන්ගේ විශ්වාසය අනිසි ලෙස භාවිතා කිරීම හෝ ඔවුන්ගේ දැනුමේ ඌනතාවය සූරාකෑම හෝ හේතුවක් නොමැතිව බිය උද්දීපනය කිරීම නොකළ යුතුය.
 
 Licensee should ensure that political advertisement during election times follows the guidelines issued by the Election Commission. මැතිවරණ කාලවලදී දේශපාලන ප්‍රචාරණ දැන්වීම්, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ අනුගමනය කරන බවට බලපත්‍රලාභියා විසින් සහතික කළ යුතුය.
 
Licensee should ensure that the maximum  hourly  advertising  which  may  be  carried  by  a  broadcasting service  shall in no case exceed fifteen (15) minutes in any given hour, provided that, for this purpose, sponsorship shall not be deemed to constitute advertising.
විකාශන සේවාවක් මගින් ගෙන යා හැකි උපරිම පැයක දැන්වීම් කාලය, ඕනෑම පැයක දී මිනිත්තු පහළොව (15) නො ඉක්මවිය යුතු බවට බලපත්‍රලාභියා සහතික විය යුතුය; කෙසේ වෙතත්, මෙම අරමුණ සඳහා, අනුග්‍රාහකත්වය (sponsorship) දැන්වීම්කරණයක් ලෙස නො සැලකිය යුතුය.
 
CHILDREN AND JUVENILE PARTICIPANTS
ළමුන් සහ බාල වයස්කාර සහභාගිවන්නන්
The Broadcast licensees must not broadcast material which is harmful or disturbing to children at times when a large number of children is likely to be part of the audience, ළමුන් විශාල සංඛ්‍යාවක් ප්‍රේක්ෂක පිරිසේ කොටසක් වීමට ඉඩ ඇති අවස්ථාවල දී, ළමුන්ට අහිතකර හෝ මානසික පීඩාකාරී වන අන්තර්ගතයන් විකාශන බලපත්‍රලාභීන් විසින් විකාශනය නොකළ යුතුය.
The Broadcast licensees must exercise particular caution, as provided below, in the depiction of violence in children’s programming,
විකාශන බලපත්‍රලාභීන්, ළමා වැඩසටහන්වල ප්‍රචණ්ඩත්වය නිරූපණය කිරීමේ දී, පහත සපයා ඇති පරිදි, විශේෂ ප්‍රවේසමක් දැක්විය යුතුය.
In children’s programming portrayed by real-life characters, violence may, whether physical, verbal or emotional, only be portrayed when it is essential to the development of a character and plot.
සැබෑ ජීවිතයේ චරිත මගින් නිරූපණය කෙරෙන ළමා වැඩසටහන්වල දී, ප්‍රචණ්ඩත්වය (එය ශාරීරික, වාචික හෝ චිත්තවේගී වුවද) නිරූපණය කළ හැක්කේ, චරිතයක් සහ කථා වස්තුවක් ගොඩ නැංවීම සඳහා එය අත්‍යවශ්‍ය වන අවස්ථාවක දී පමණි.
 
Animated programming for children, while accepted as a stylized form of storytelling which may contain non-realistic violence, must not have violence as its central theme, and must not incite dangerous imitation,
ළමුන් සඳහා වන සජීවී කරණ වැඩසටහන්, යථාර්ථවාදී නොවන ප්‍රචණ්ඩත්වය අඩංගු විය හැකි, ශෛලීගත කතන්දර කීමේ ආකාරයක් ලෙස පිළිගනු ලැබු ව ද, ප්‍රචණ්ඩත්වය එහි මූලික තේමාව නොවිය යුතු අතර, එය මගින් අනතුරුදායක අනුකරණයන්ට පෙලඹීමක් නොකළ යුතුය.
 
Programming for children must with reasonable care deal with themes that could threaten their sense of security when portraying, for example, domestic conflict, death, crime or the use of drugs or alcohol.
ළමුන් සඳහා වන වැඩසටහන්, උදාහරණයක් ලෙස, ගෘහස්ථ ගැටුම්, මරණය, අපරාධ හෝ මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතය වැනි දෑ නිරූපණය කිරීමේදී, ඔවුන්ගේ ආරක්ෂිතභාවය පිළිබඳ හැඟීමට තර්ජනයක් විය හැකි තේමාවන්, සාධාරණ සැලකිල්ලකින් යුතුව හැසිරවිය යුතුය.
 
Programming for children must with reasonable care deal with themes which could influence children to imitate acts which they see on screen or hear about, such as the use of plastic bags as toys, tile use of matches or the use of dangerous household objects as toys.
ළමුන් සඳහා වන වැඩසටහන්, ප්ලාස්ටික් බෑග් සෙල්ලම් බඩු ලෙස භාවිතා කිරීම, ගිනිපෙට්ටි භාවිතය හෝ අනතුරුදායක ගෘහ භාණ්ඩ සෙල්ලම් බඩු ලෙස භාවිතා කිරීම වැනි, ළමුන් තිරයේ දකින හෝ අසන දේ අනුකරණය කිරීමට ඔවුන්ව පොළඹවන තේමාවන්, සාධාරණ සැලකිල්ලකින් යුතු ව හැසිරවිය යුතුය.
 
Programming for children must not contain realistic scenes of violence which create the impression that violence is the preferred or only method to resolve conflict between individuals.
පුද්ගලයන් අතර ගැටුම් විසඳා ගැනීමට ඇති වඩාත් කැමතිම හෝ එකම ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට හැඟීමක් ඇති කරන, ප්‍රචණ්ඩත්වයේ යථාර්ථවාදී දර්ශන ළමා වැඩසටහන්වල අඩංගු නොවිය යුතුය.
 
Programming for children must not contain realistic scenes of violence which minimise or gloss over the effect of violent acts. Any realistic depictions of violence must portray, in human terms, the consequences of that violence to its victims and its perpetrators.
ප්‍රචණ්ඩ ක්‍රියාවල බලපෑම අවම කරන හෝ සැහැල්ලු කොට සලකන, ප්‍රචණ්ඩත්වයේ යථාර්ථවාදී දර්ශන ළමා වැඩසටහන්වල අඩංගු නොවිය යුතුය. ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඕනෑම යථාර්ථවාදී නිරූපණයක් මගින්, එම ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක, එහි වින්දිතයින්ට සහ එය සිදු කළ අයට මානුෂීය දෘෂ්ටියකින් නිරූපණය කළ යුතුය.
 
Programming for children must not contain frightening or otherwise excessive special effects not required by the story line.
කථා වස්තුවට අවශ්‍ය නොවන, බිය උපදවන හෝ වෙනත් ආකාරයකින් අනවශ්‍ය ලෙස තීව්‍ර විශේෂ ප්‍රයෝග ළමා වැඩසටහන්වල අඩංගු නොවිය යුතුය.
 
Offensive language, including profanity and other religiously insensitive material, must not be broadcast in programmes specially designed for children. අසභ්‍ය වචන සහ ආගමික වශයෙන් සංවේදී නොවන වෙනත් කරුණු ඇතුළු අවිනීත භාෂාව, ළමුන් සඳහා විශේෂයෙන් සැකසූ වැඩසටහන්වල විකාශනය නොකළ යුතුය.
 
No excessively or grossly offensive language should be used at times when a large number of children is likely to be part of the audience on television or radio.  
රූපවාහිනියේ හෝ ගුවන් විදුලියේ ළමුන් විශාල සංඛ්‍යාවක් ප්‍රේක්ෂක පිරිසේ කොටසක් වීමට ඉඩ ඇති අවස්ථාවල දී, අධික ලෙස හෝ අතිශයින් ම අවිනීත භාෂාවක් භාවිතා නොකළ යුතුය.
Due care must  be taken over the physical and emotional welfare and the dignity of people under eighteen who take part or are otherwise involved in programmes. This is irrespective of any consent given by the participant or by a parent, guardian or other person over the age of eighteen in locol parentis.
වැඩසටහන්වලට සහභාගී වන හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වන වයස අවුරුදු දහඅටට අඩු පුද්ගලයින්ගේ ශාරීරික හා චිත්තවේගී සුබසාධනය සහ ගරුත්වය පිළිබඳව නිසි සැලකිල්ලක් දැක්විය යුතුය. මෙය, සහභාගිවන්නන් විසින් හෝ දෙමාපියෙකු, භාරකරුවෙකු හෝ දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටින වයස අවුරුදු දහඅටට වැඩි වෙනත් පුද්ගලයෙකු විසින් ලබා දෙන ඕනෑම කැමැත්තක් නො සලකා සිදු විය යුතුය.
 
People under eighteen must not be caused unnecessary distress or anxiety by their involvement in programmes or by the broadcast of those programmes.
වැඩසටහන්වලට සම්බන්ධ වීම මගින් හෝ එම වැඩසටහන් විකාශනය කිරීම මගින් වයස අවුරුදු දහඅටට අඩු පුද්ගලයින් අනවශ්‍ය පීඩනයකට හෝ කනස්සල්ලකට පත් නොකළ යුතුය.
 
Prizes aimed at children must be appropriate to the age range of both the target audience and the participants.
ළමුන් ඉලක්ක කරගත් ත්‍යාග, ඉලක්කගත ප්‍රේක්ෂකයින් සහ සහභාගිවන්නන් යන දෙඅංශයේම වයස් කාණ්ඩයට සුදුසු විය යුතුය.
 
 
EMERGENCY APPEALS AND COVERING DISASTERS:
All emergency appeals, in the case of natural disasters and serious emergencies should be broadcast in consultation with the respective agencies responsible of dealing with such disasters and emergencies.හදිසි ආයාචනා සහ ආපදා ආවරණය කිරීම:
ස්වාභාවික ආපදා සහ බරපතළ හදිසි අවස්ථා වල දී, සියලු ම හදිසි ආයාචනා, එම ආපදා සහ හදිසි අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කරන අදාළ වගකිවයුතු ආයතන සමඟ සාකච්ඡා කර විකාශනය කළ යුතුය.
Any funds or material collected and disbursed through such appeals should be audited and reported to the ministry/licensing authority within a four months period from such appeal is made.  එවැනි ආයාචනා මගින් එකතු කරනු ලබන සහ බෙදා හරිනු ලබන ඕනෑම අරමුදලක් හෝ ද්‍රව්‍යයක්, එම ආයාචනය සිදු කළ දින සිට මාස හතරක කාලයක් ඇතුළත විගණනය කර, විකාශන බලපත්‍රය ලබා දෙන අමාත්‍යාංශය වෙත වාර්තා කළ යුතුය.
 
In covering accidents and disasters licensees need to balance full accurate report against the obligation to avoid causing any unnecessary distress or anxiety.
අනතුරු සහ ආපදා ආවරණය කිරීමේ දී, බලපත්‍රලාභීන්, පූර්ණ නිවැරදි වාර්තාකරණය සහ අනවශ්‍ය පීඩනයක් හෝ කනස්සල්ලක් ඇති කිරීම වැළැක්වීමේ වගකීම අතර සමබරතාවක් පවත්වා ගත යුතුය.
In covering accidents and disasters emphasis should be placed on providing, swiftly and accurately basic factual material such as time, location, rote and flight number etc. as they serve to narrow the are of anxiety for viewers and listeners.අනතුරු සහ ආපදා ආවරණය කිරීමේ දී, වේලාව, ස්ථානය, මාර්ගය සහ ගුවන් ගමන් අංකය වැනි මූලික තථ්‍ය කරුණු, වේගවත් ව සහ නිවැරදි ව සැපයීම කෙරෙහි අවධාරණය කළ යුතුය. මන්ද යත්, ඒවා නරඹන්නන්ගේ සහ සවන් දෙන්නන්ගේ කනස්සල්ලට පත්වන පරාසය අඩු කිරීමට උපකාරී වන බැවිනි.
Such incidents being covered live call fo special care. Broadcast commentary must not be alarmist and description of horrific events should be measured so that it will not provoke to create violent responses. Camera work must be thoughtful and closed up shots should be included only when fully justified.
එවැනි සිදුවීම් සජීවී ව ආවරණය කිරීමේ දී විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වේ. විකාශන විවරණ අනවශ්‍ය ලෙස තැති ගන්වන සුළු නොවිය යුතු අතර, බිහිසුණු සිදුවීම් පිළිබඳ විස්තර, ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාර ඇති කිරීමට උසි ගැන්වීමක් සිදු නොවන පරිදි, පාලනයකින් යුතු ව කළ යුතුය. කැමරා කරණය විචක්ෂණශීලී විය යුතු අතර, සමීප රූප ඇතුළත් කළ යුත්තේ සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කළ හැකි විට පමණි.
 
RIGHT OF REPLY
පිළිතුරු දීමේ අයිතිය
 
Those who consider that they have suffered damaged to their legitimate interests, and their reputation and good name, because of the distortion of facts in a broadcast shall have the right to reply in the broadcasting service concerned or to another equivalent remedy. The aggrieved party should seek right to reply from the broadcaster within 14 days of the relevant broadcast.
විකාශනයක කරුණු විකෘති කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, තම නීත්‍යනුකූල ළැදියාවලට සහ තම කීර්ති නාමයට හා යහපත් නමට හානියක් සිදුවී ඇතැ’යි සලකන අයට, අදාළ විකාශන සේවාව තුළ පිළිතුරු දීමේ අයිතිය හෝ ඊට සමාන වෙනත් පිළියමකට අයිතිය ඇත. අගතියට පත් පාර්ශ්වය, අදාළ විකාශනය සිදු වී දින 14ක් ඇතුළත විකාශකයා ගෙන් පිළිතුරු දීමේ අයිතිය ඉල්ලා සිටිය යුතුය.
 
Replies shall be published or made available immediately after reasons have been advanced in support of a request to this effect. Replies shall be published or presented, irrespective of the form of the broadcast programme, in such a manner as to command attention.
පිළිතුරු දීමේ ඉල්ලීම සාධාරණීය කළ වහාම, පිළිතුරු ප්‍රකාශයට පත් කිරීම හෝ ලබා දීම කළ යුතුය. විකාශන වැඩසටහනේ ස්වරූපය කුමක් වුවත්, අවධානය යොමු වන අයුරින් පිළිතුර ප්‍රකාශයට පත් කළ යුතුය.
 
The licensee shall not seek payment for publishing the reply or making it available. පිළිතුර ප්‍රකාශයට පත් කිරීම හෝ ලබා දීම සඳහා බලපත්‍රලාභියා ගෙවීමක් ඉල්ලා නොසිටිය යුතුය.
 
 
The licensee may reject a request to reply where:
පහත සඳහන් අවස්ථාවලදී පිළිතුරු දීමේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට බලපත්‍රලාභියාට හැකිය:
.the reply exceeds the time considered necessary to rectify the facts of the case;
අදාළ කරුණු නිවැරදි කිරීමට අවශ්‍ය යැයි සැලකෙන කාලයට වැඩි කාලයක් යෝජිත පිළිතුරට වැය වේ නම්;
 
the reply contains other content and/or more content than that which rectifies the facts that have been publicized by the licensee;
බලපත්‍රලාභියා විසින් ප්‍රසිද්ධ කරන ලද කරුණු නිවැරදි කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වෙනත් අන්තර්ගතයක් සහ/හෝ වැඩිපුර අන්තර්ගතයක් පිළිතුරෙහි අඩංගු නම්;
 
the reply contains content that violates the Penal Code and is of such a nature as to involve the licensee in compensatory liability, or is contrary to public morals;
පිළිතුරෙහි දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කරන අන්තර්ගතයක් අඩංගු නම්, සහ/හෝ එය බලපත්‍රලාභියා වන්දි ගෙවීමේ වගකීමකට සම්බන්ධ කරවන ස්වභාවයකින් යුතු නම්, හෝ මහජන සදාචාරයට පටහැණි නම්;
 
the reply infringes the legally protected interests of a third party;
පිළිතුර මගින් තෙවන පාර්ශ්වයක නීත්‍යනුකූල හිමිකම් උල්ලංඝනය කරන්නේ නම්;
 
the interested parties are unable to demonstrate that they have personal legally protected interests at stake, or the information broadcast by the licensee consists of direct citations of content originating from the president, parliament, government authorities or courts of law.
අදාළ පාර්ශ්වවලට තමන්ගේ නීත්‍යනුකූල පුද්ගලික හිමිකම් අවදානමකට ලක්ව ඇති බව පෙන්වා දීමට නොහැකි නම්, හෝ බලපත්‍රලාභියා විසින් විකාශනය කරන ලද තොරතුරු, ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව, රාජ්‍ය අධිකාරියකින් හෝ අධිකරණ වලින් උපුටා ගත් සෘජු උපුටා දැක්වීම් වලින් සමන්විත නම්.
 
 A rejection under the above section shall be announced to the party in question within 72 hours of the submission of the request to make a reply.
මෙම වගන්ති යටතේ සිදු කරන ප්‍රතික්ෂේප කිරීමක්, පිළිතුරු දීමේ ඉල්ලීම ඉදිරිපත් කර පැය 72ක් ඇතුළත අදාළ පාර්ශ්වය වෙත දැනුම් දිය යුතුය.
 
 If a Licensee rejects a request to make a reply or fails to respond to a party’s request within the time limit stated there, the party in question may refer the matter to the licensing authority, who shall decide whether to grant the party a right of reply.
බලපත්‍රලාභියෙකු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ එහි දක්වා ඇති කාල සීමාව තුළ පිළිතුරු දීමේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වන්නේ නම්, අදාළ පාර්ශ්වයට එම කාරණය බලපත්‍ර අධිකාරිය වෙත යොමු කළ හැකිය. එම පාර්ශ්වයට පිළිතුරු දීමේ අයිතිය ලබා දෙන්නේ ද නැද්ද යන්න එම අධිකාරිය විසින් තීරණය කරනු ඇත.
 
The licensing authority shall render its decision within a week of receiving the request and shall require the Licensee concerned to communicate the reply without delay where appropriate.
බලපත්‍ර අධිකාරිය ඉල්ලීම ලැබී සතියක් ඇතුළත තම තීරණය ලබා දිය යුතු අතර, අවශ්‍ය අවස්ථාවල දී ප්‍රමාදයකින් තොරව එම පිළිතුර සන්නිවේදනය කරන ලෙස අදාළ බලපත්‍රලාභියාට නියම කළ යුතුය.
 
Those who consider that their rights have been violated and who are entitled to make a reply under the first and second paragraphs of this section shall be provided, free of charge, with a copy of the content in question. Disputes regarding entitlement to content according to this paragraph may also be referred to the Licensing Authority
තම අයිතීන් උල්ලංඝනය වී ඇතැයි සලකන සහ මෙම වගන්තියේ පළමු සහ දෙවන ඡේද යටතේ පිළිතුරු දීමට හිමිකම් ඇති අයට, අදාළ අන්තර්ගතයේ පිටපතක් නොමිලේ ලබා දිය යුතුය. මෙම ඡේදයට අනුව අන්තර්ගතයට ඇති හිමිකම පිළිබඳ ආරවුල් ද බලපත්‍ර අධිකාරිය වෙත යොමු කළ හැකිය.
 
 
Licensees shall indicate on their website or in another public manner where parties may apply if they consider that their lawful interests have been damaged. The name, telephone number and/or email address of the media service provider’s contact person shall be indicated.
තම නීත්‍යනුකූල හිමිකම්වලට හානි වී ඇතැ’යි සලකන්නේ නම් ඒම පාර්ශ්වවලට අයැදුම් කළ හැකි ස්ථානය, බලපත්‍රලාභියා තම වෙබ් අඩවියේ හෝ වෙනත් පොදු ක්‍රමයකින් දැක්විය යුතුය. මාධ්‍ය සේවා සපයන්නාගේ සම්බන්ධීකරණ පුද්ගලයාගේ නම, දුරකථන අංකය සහ/හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඒහි සඳහන් කළ යුතුය.
 
PRESERVATION OF BROADCAST PROGRAMMES
විකාශන වැඩසටහන් සුරක්ෂිත ව තබා ගැනීම
Broadcast licensees should keep recordings of all programme broadcasts. The television recordings have to be kept for 90 days from the broadcast; radio recordings for 42 days. When a programme is repeated the period starts from the day of the repeat.
විකාශන බලපත්‍රලාභීන් සියලු ම වැඩසටහන් විකාශනවල පටි ගත කිරීම් තබා ගත යුතුය. රූපවාහිනී පටි ගත කිරීම් විකාශනය කළ දින සිට දින 90ක් ද; ගුවන්විදුලි පටි ගත කිරීම් දින 42ක් ද තබා ගත යුතුය. වැඩසටහනක් නැවත විකාශය කළ විට, එම කාල සීමාව ආරම්භ වන්නේ නැවත විකාශය කළ දින සිටය.
All broadcasters are obliged to provide a true copy of the broadcast programme free of charge whenever requested by the Licensing Authority. බලපත්‍ර අධිකාරිය විසින් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක, විකාශන වැඩසටහනේ සත්‍ය පිටපතක් නොමිලේ ලබා දීමට සියලු ම විකාශකයා බැඳී සිටිති.
මෙම මාර්ගෝපදේශ අදාළ ඇමතිවරයා විසින් ගැසට් කරන ලද දිනයේ සිට ක්‍රියාත්මක වේ.
නිර්වචන:
සුපිළිපන්න බව  සහ ආර්ජවතා යන පද ඉංග‍්‍රිසි බසෙහි එන Integrity නමැති යෙදුමේ සිංහල පරිවර්තනය ලෙස යොදා ඇත
විකාශකයා යන්නෙන් බලපත්‍රලාභියා අදහස් වේ
ප්‍රචාරණය යන්නෙන් විකාශනය කිරීම අදහස් කෙරේ
 
කෙටුම්පත විජයානන්ද ජයවීර
Drafted by Wijayananda Jayaweera
 
 

Leave a comment