යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනයේදී තිරසාර සංවර්ධන අරමුණු වැදගත් ප්‍රවේශයක් වන්නේ ඇයි? 

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ආර්ථික වර්ධන වේගය ඉහළ යෑම නො තකා සමාජ අසමානතාව (social inequality) වැඩි වීම නිසා ප්‍රගතිය යන්න හුදෙක් GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ මිම්මක් ලෙස හුවා දැක්වීම බොහෝ විචාරකයන්ගේ විවේචනයට ලක් විය. ඒ නිසා සමාජ ප්‍රගතිය සම්බන්ධයෙන් සෘජු ආර්ථිකමය නො වන දර්ශක ඇති කර ගැනීම පිළිබඳ කලක් තිස්සේ එක්සත් ජාතීන්ගේContinueContinue reading “යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනයේදී තිරසාර සංවර්ධන අරමුණු වැදගත් ප්‍රවේශයක් වන්නේ ඇයි? “

රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ආර්ථිකයේ තිරසාරත්වය හෙවත් ධරණීයතාවය (sustainability)  සම්බන්ධයෙන් අප අද මුහුණ දෙන බොහෝ අභියෝග“රේඛීය ආර්ථිකය” යනුවෙන් හඳුන්වනු ලබන ආර්ථික කටයුතුවල අනිවාර්ය ප්‍රතිඵල නිසා උද්ගත වන ඒවා ය. මේ නිසා මෙතෙක් පැවති රේඛීය ආර්ථිකයට වඩා වෙනස් චක්‍රීය එළඹීමක් සහිත නව ආර්ථික චින්තනයක් අවශ්‍ය බව ඩෝනට් ආර්ථික එළඹුම හඳුන්වා දුන් ආර්ථික විද්‍යාඥ කේට්ContinueContinue reading “රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්”

වර්ධනය යනු සංවර්ධනයම ද?

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 රටක ආර්ථිකයේ සාර්ථකත්වය සාම්ප්‍රදායික ව මනිනු ලබන්නේ GDP (Gross Domestic Product) හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉහළ යෑම මත ය. දළ දේශීය නිෂ්පාදිතය වසයෙන් හඳුන්වනු ලබන්නේ වසරක දී රට තුළ නිපදවන භාණ්ඩ සහ සේවාවල මුළු එකතුවේ වටිනාකම යි. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදනය කරන හැම භාණ්ඩයක් හා සේවාවක් ම විකිණීමකට හාContinueContinue reading “වර්ධනය යනු සංවර්ධනයම ද?”

සංවර්ධන කතිකාවේ නව දිශානතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 සංවර්ධනය යනු සෑහෙන කලක් තිස්සේ එක්තරා ආකාරයක ධනාත්මක තේරුමක් ගෙන දුන් එහෙත් බොහෝ විට හිස් වචනයක් ලෙස පැවතුණු දෙයකි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට රාජ්‍ය නො වන සංවිධාන දක්වා වූ විශාල පරාසයක ජාල ගත වීම් තුළ සංවර්ධනය යන්න පිළිබඳ ව පොදු ජාත්‍යන්තර පර්යාලෝකයක් ඇති කර ගෙන තිබුණි. ඒContinueContinue reading “සංවර්ධන කතිකාවේ නව දිශානතිය”

විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නව දේශපාලන සුසමාදර්ශයක් පිළිබඳ අපේ කතිකාවේ වඩාත් වැදගත් මානයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය සහ එය විසින් අනුගමනය කරන ආර්ථික හා සමාජීය සංවර්ධන පිළිවෙත අතර තිබිය යුතු සම්බන්ධතාව කුමක් ද යන්නයි.  අප අනුගමනය කළ යුතු ආර්ථික හා සමාජීය සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් සාකච්ඡාවක් ජනිත කිරීමට විවිධ මාදිලියේ නවලිබරල්වාදී ආර්ථික එළඹුම්වලටContinueContinue reading “විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්”

නවලිබරල්වාදය සහ ජනරාල් පීනෂේගේ සංස්ථාපිත පෞද්ගලික රාජ්‍යය

නවලිබරල්වාදය හුදු ආර්ථික චින්තනයක් පමණක් නො ව මානුෂික නිදහස මුල්කරගත් සම්භාව්‍ය ලිබරල්වාදය අනුදත් ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආර්ථික වර්ධනයේ නාමයෙන් නො සලකා හරින ආත්මාර්ථකාමී දේශපාලන චින්තනයක් ලෙස ද හැඳින්විය හැකි ය. චිලී රටේ ඒකාධිපති හමුදා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට ගිය මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් ඇතුළු චිකාගෝ ගුරුකුලයට අයත් ආර්ථික විද්‍යාඥයන්ගේ නවලිබරල්වාදී ක්‍රියාන්විතය විමසා බැලීමෙන් එය තේරුම් ගත හැකිContinueContinue reading “නවලිබරල්වාදය සහ ජනරාල් පීනෂේගේ සංස්ථාපිත පෞද්ගලික රාජ්‍යය”

නවලිබරල්වාදයේ දේශපාලන දැක්ම

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 බර්ක්ලි සරසවියේ ආචාරිනී වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙන පරිදි  නවලිබරල්වාදය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ප්‍රාග්ධන සංසරණයට හා ප්‍රාග්ධනයේ නිර්බාධිත ක්‍රියාකාරිත්වයට මෙන් ම ප්‍රාග්ධනය රාශි භූත වීමට (accumulation of capital) ද අසීමිත ව ඉඩ සලසන නිශ්චිත ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්ති සමුච්චයකි..[1] මෙකී නිශ්චිත ප්‍රතිපත්ති සමුච්චයට මූලික  වසයෙන් අයිතිවන්නේ ප්‍රාග්ධන හිමිකරුවන් සඳහා උපරිමContinueContinue reading “නවලිබරල්වාදයේ දේශපාලන දැක්ම”

නව ලිබරල්වාදයේ ආගමනය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වාContinueContinue reading “නව ලිබරල්වාදයේ ආගමනය”

නිස්සාරක ධනවාදය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන අන්දමට සාමාන්‍යයෙන් රටක ජාතික ආදායම කොටස් තුනකට බෙදිය හැකිය. ඒවා නම් ශ්‍රමයෙන් ලැබෙන ආදායම, ප්‍රාග්ධන ආයෝජනයෙන් ලැබෙන ආදායම සහ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යි. මේ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යනුවෙන් බොහෝ විට අදහස් කරන්නේ ආර්ථික විද්‍යාඥයන්  ‘බදු කුලිය’ContinueContinue reading “නිස්සාරක ධනවාදය”

ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි.  නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයාContinueContinue reading “ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය”