ගුවන් විදුලි මාධ්‍ය සඳහා නාට්‍යය පිටපතක් ලිවිය යුත්තේ කෙසේද?

මෙම සටහන මවිසින් මුලින්ම පිළියෙල කළේ රජරට සේවයේ ආරම්භක අවධියේ 1980 දී රජරට ප්‍රදේශයෙන් ගුවන් විදුලි නාට්‍ය සඳහා පිටපත් එවූ අයට ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම පිනිසයි. පසු කලෙක මේ සටහනේ එන ඇතැම් කොටස් නැසීගිය සුගතපාල සිල්වා ශූරීන් ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ ඔහු ලියූ “හඬ නළුව” නමැති පොතට ඇතුළු කළේය.Continue reading “ගුවන් විදුලි මාධ්‍ය සඳහා නාට්‍යය පිටපතක් ලිවිය යුත්තේ කෙසේද?”

ගැටුම් සංවේදී වීම හා කූට පුවත්

ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුලු ජාතික කොටස්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන සිදු වන කලහකාරී ප්‍රචණ්ඩත්වය යළි යළිත් සිදු වීම නිසා තමා ඛෙහෙවින් කම්පාවට පත් වෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු පසුගිය 07 වැනිදා ජිනිවාහි මානව හිමිකම් කොමිසමේ දී සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය. සුවිශේෂ වශයෙන් අම්පාර හාContinue reading “ගැටුම් සංවේදී වීම හා කූට පුවත්”

එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?

නිදහස් සාධාරණ මැතිවරණ සහ බහුතරය විසින් පත් කරනු ලබන පාලනය වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක් ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සක ගේ යහපතට නොවන බවත් සියල්ලන්ට සමානාත්මතාව පදනම් කොටContinue reading “එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?”

ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?

ජනමාධ්‍යකරුගේ සමාජමය වගකීම කුමක්ද යන ප්‍ර‍ශ්නය සාකච්ඡා කිරීමේදී මගේ අදහස වන්නේ පුවත් කලාවේ නියැලෙන ජනමාධ්‍ය කරුවන්ගේ වෘත්තීය කාර්යභාරය විමසීමෙන් මේ ප්‍රශ්නය පිළිබද සාකච්ඡාවට පිවිසිය යුතුබවයි. එහෙත් ජනමාධ්‍යය ආයතන වල අරමුණු, අයිතිකරුවන්ගේ අභිමතාර්ථ හා සංලේඛ්‍ය නිදහස (editorial independence), පුවත් කලාවේදීන්ට වෘත්තිකයන් වශයෙන් සංවිධානය වීමට ඇති අයිතිය, ඔවුන්ගේ වැටුප් හා සේවා කොන්දේසි, මෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍ය බහුවිධත්වයContinue reading “ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?”

විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.

පිළිගත් ස්වාධීන යන්ත්‍රණයක් මගින් ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුව සිදු කෙරෙන්නේ නම් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම යනු කිසි සේත් ම මර්දනකාරී ක්‍රියාවක් නොවේ. එහෙත් විද්‍යුත් මාධ්‍ය නියාමනය ගැන කතා කරන්නට බොහෝ අයට සිහිපත් වන්නේ ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් ග්‍රාහකයන්ගේ සාමාන්‍ය බුද්ධියට නිගරුවන අන්දමට මාධ්‍ය හිමියන්ගේ චණ්ඩි කම් පෙන්වීමට යොදා ගන්නා අවස්ථාවලදී ය. විද්‍යුත් මාධ්‍ය නියාමනයෙන් අදහස් කරන්නේContinue reading “විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.”

ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?

පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය  ක්ෂේත්‍රය සැලසුම් කිරීමContinue reading “ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?”

විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම

රූපවාහිනී හා  ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයකුට අන් මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද  යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්ඡා කල යුතු ප්‍රශ්නයක් බව මෑත දී  ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් හැසිරුණු ආකාරයෙන් පෙනී යයි.  බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවලContinue reading “විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම”

විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය

යම් කිසි පුද්ගලයෙකු සම්බන්ධව කරුණුමය අසත්‍යයක් ජනමාධ්‍ය වාර්තාවක පළ වූ විට එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ. එම ඉල්ලීම සාධාරණ නම් වැරැද්ද නිවැරදි කිරීම ජනමාධ්‍යයේ වග කීමෙයි. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙකී අයිතිය හැඳින්වෙන්නේ නිරවද්‍ය කර ගැනීමේ අයිතිය(right to correction) යනුවෙනි. තමන් සම්බන්ධ කරුණුමය වශයෙන් වැරදි චෝදනාවක් ජනමාධ්‍යයේ පළ වූ විට ඒContinue reading “විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය”

විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.

විද්‍යුත් මාධ්‍යයේ පිළබඳ ඇති විවේචනය ස්ථාන ගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟා කර ගැනීම සඳහාද යන කාරණය මං හිතන්නේ අපේ කතිකාවට ඉතා වැදගත්. මේ කතිකාව පුළුල් සමාජය තුළ වගේම විද්‍යුත් මාධ්‍ය ට සම්බන්ධ මාධ්‍යවේදීන් ඇතුළු සියලු ආකාරයේ පරදු දරන්නන් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් ල අතරට ගෙන යාමත් අවශ්‍යයි. ඒ නිසා හුදු ව්‍යාපාරික ක්ෂේත්‍රයකට වඩා ජනමාධ්‍යContinue reading “විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.”

තොරතුරු ප්‍රභවයක රහස්‍ය භාවය රැකීමට ජනමාධ්‍යකරුවෙකු සතු අයිතිය.

ජනමාධ්‍යවේදියෙකුට ලැබෙන තොරතුරු වල ප්‍රභවය රහසිගතව තබා ගැනීමට අවශ්‍ය අවස්ථා වල දී ප්‍රභවය හෙළිදරව් කිරීමට බල නො කළ යුතු ය යන්න පිළිගත් සම්ප්‍රදායක් පමණක් නොව ඇතැම් රටවල නීතියෙන් පවා ආරක්ෂා කර ඇති අයිතියකි. එයට හේතුව ප්‍රභවයක් හෙලි කිරීමට බල කළ හොත් ජනමාධ්‍යකරුවෙකු විසින් කරන වාර්තාකරණයකින් හෙළිදරව් විය හැකි අකටයුතු හෙලි කිරීම පිණිස තොරතුරු සපයන්නන් ඉදිරිපත්Continue reading “තොරතුරු ප්‍රභවයක රහස්‍ය භාවය රැකීමට ජනමාධ්‍යකරුවෙකු සතු අයිතිය.”