මෙරට විද්‍යුත් මාධ්‍ය වල වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් පුද්ගලික සහ රාජ්‍ය යන දෙවර්ගයේම විද්‍යුත්මාධ්‍ය වලින් ප්‍රචාරය කෙරෙන වැඩසටහන් සම්බන්ධ වෘත්තීය ප්‍රමිති හඳුන්වා දීම සඳහා ගුවන් විදුලි සංස්ථා පණත යටතේ විෂය භාර ඇමති වරයා විසින් ගැසට් කළ හැකි ප්‍රමිති ලයිස්තුවක් කෙටුම්පත් කර දෙන මෙන් 2019 ජුනි මස නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන ප්‍රමුඛ කණ්ඩායමක් මගෙන් කළ ඉල්ලීමකටContinue reading “විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල වෘත්තීය ප්‍රමිති පිළිබඳ සාකච්ඡා කෙටුම්පතක්”
Tag Archives: ජන සංනිවේදනය
ගුවන් විදුලි මාධ්‍ය සඳහා නාට්‍යය පිටපතක් ලිවිය යුත්තේ කෙසේද?
මෙම සටහන මවිසින් මුලින්ම පිළියෙල කළේ රජරට සේවයේ ආරම්භක අවධියේ 1980 දී රජරට ප්‍රදේශයෙන් ගුවන් විදුලි නාට්‍ය සඳහා පිටපත් එවූ අයට ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම පිනිසයි. පසු කලෙක මේ සටහනේ එන ඇතැම් කොටස් නැසීගිය සුගතපාල සිල්වා ශූරීන් ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ ඔහු ලියූ “හඬ නළුව” නමැති පොතට ඇතුළු කළේය.Continue reading “ගුවන් විදුලි මාධ්‍ය සඳහා නාට්‍යය පිටපතක් ලිවිය යුත්තේ කෙසේද?”
ගැටුම් සංවේදී වීම හා කූට පුවත්
ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුලු ජාතික කොටස්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන සිදු වන කලහකාරී ප්‍රචණ්ඩත්වය යළි යළිත් සිදු වීම නිසා තමා ඛෙහෙවින් කම්පාවට පත් වෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු පසුගිය 07 වැනිදා ජිනිවාහි මානව හිමිකම් කොමිසමේ දී සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය. සුවිශේෂ වශයෙන් අම්පාර හාContinue reading “ගැටුම් සංවේදී වීම හා කූට පුවත්”
එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?
නිදහස් සාධාරණ මැතිවරණ සහ බහුතරය විසින් පත් කරනු ලබන පාලනය වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක් ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සක ගේ යහපතට නොවන බවත් සියල්ලන්ට සමානාත්මතාව පදනම් කොටContinue reading “එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?”
සංලේඛ්‍ය නිදහස (Editorial Independence) හා පුවත් කතෘකරණය
සංලේඛ්‍ය නිදහස (Editorial Independence) යනු රටක ජනමාධ්‍ය කොතක් දුරට ප්‍රශස්තදැයි යන්න නිගමනය වන වැදගත් සංරචකයකි. ඒ නිසා පුවත් කතෘකරණයේදී සංලේඛ්‍ය නිදහස යනු පාවාදිය නොහැකි ඉතා වැදගත් වෘත්තීය ප්‍රමිතියක් වන්නේ මන්දැයි විමසීම මේ ලිපියේ අරමුණයි. කිසියම් වටාපිටාවක් හා කාලපරාසයක් තුළ තම චරිත හසුරුවමින් ප්‍රබන්ධයක් ගොඩනගන නවකතා කරුවෙක් කරන්නේද කතෘකරණයකි. එහෙත් ඒ කතෘකරණය පුවත් කතෘකරණයට වඩා වෙසෙසින්මContinue reading “සංලේඛ්‍ය නිදහස (Editorial Independence) හා පුවත් කතෘකරණය”
ජනමාධ්‍ය ආචාරධර්ම කතිකාවට පදනමක්
මහජන සේවාව ප්‍රමුඛ කරගත් වෘත්තීය ආචාරධර්ම පිළිපැදීම මාධ්‍යයේ නිදහස සහ ස්වාධීනත්වය තහවුරු කර ගැනීමේ මාර්ගයකි. ජනමාධ්‍යවේදීන් සිය වෘත්තිය ආචාරධර්ම අනුව කටයුතු කිරීමට කොතෙක් දුරට කැපවී ඇත්ද සහ ඒ සඳහා ඇති වෘත්තියමය(හා ශාරීරික)රැකවරණය මෙන්ම සමාජමය අනුග්‍රහය කුමක්ද යන්න ජන මාධ්‍ය නිදහස පිළිබඳ තවත් වැදගත් දර්ශකයකි. එසේ ආචාරධර්මානුකූලව කටයුතු කිරීමට සමාජ අනුග්‍රහය ලබාගත හැක්කේ වෘත්තීය භාවිතය හාContinue reading “ජනමාධ්‍ය ආචාරධර්ම කතිකාවට පදනමක්”
ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?
ජනමාධ්‍යකරුගේ සමාජමය වගකීම කුමක්ද යන ප්‍රශ්නය සාකච්ඡා කිරීමේදී මගේ අදහස වන්නේ පුවත් කලාවේ නියැලෙන ජනමාධ්‍ය කරුවන්ගේ වෘත්තීය කාර්යභාරය විමසීමෙන් මේ ප්‍රශ්නය පිළිබද සාකච්ඡාවට පිවිසිය යුතුබවයි. එහෙත් ජනමාධ්‍යය ආයතන වල අරමුණු, අයිතිකරුවන්ගේ අභිමතාර්ථ හා සංලේඛ්‍ය නිදහස (editorial independence), පුවත් කලාවේදීන්ට වෘත්තිකයන් වශයෙන් සංවිධානය වීමට ඇති අයිතිය, ඔවුන්ගේ වැටුප් හා සේවා කොන්දේසි, මෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍ය බහුවිධත්වයContinue reading “ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?”
විකල්ප මාධ්‍ය යනු කුමක් ද – කතිකාවකට ප්‍රවේශයක්
ජනමාධ්‍ය සහ සමාජ විද්‍යා විෂයයේ විකල්ප ජන මාධ්‍ය සම්බන්ධයෙන් ඇති අධ්‍යනයන් ඉතා අල්පයි. ජන මාධ්‍ය අධ්‍යනකරුවන්ගේ බයිබලය ලෙස සැලකෙන ඩෙනිස් මැක්ක්වේල්ගේ ජනමාධ්‍ය න්‍යාය නමැති ග්‍රන්ථයේ වර්තමාන සංස්කරණයේ පවා විකල්ප මාධ්‍ය සම්බන්ධයෙන් ඇති සටහන පිටු දෙකකට පමණක් සීමා වූ වක්. අනික් අතට විකල්ප මාධ්‍යය ක්ෂේත්‍රයෙ ශ්‍රාස්ත්‍රීය අධ්‍යන බොහෝ විට යොමු වී ඇති අත්තේ ප්‍රජා ගුවන් විදුලිContinue reading “විකල්ප මාධ්‍ය යනු කුමක් ද – කතිකාවකට ප්‍රවේශයක්”
විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.
පිළිගත් ස්වාධීන යන්ත්‍රණයක් මගින් ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුව සිදු කෙරෙන්නේ නම් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම යනු කිසි සේත් ම මර්දනකාරී ක්‍රියාවක් නොවේ. එහෙත් විද්‍යුත් මාධ්‍ය නියාමනය ගැන කතා කරන්නට බොහෝ අයට සිහිපත් වන්නේ ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් ග්‍රාහකයන්ගේ සාමාන්‍ය බුද්ධියට නිගරුවන අන්දමට මාධ්‍ය හිමියන්ගේ චණ්ඩි කම් පෙන්වීමට යොදා ගන්නා අවස්ථාවලදී ය. විද්‍යුත් මාධ්‍ය නියාමනයෙන් අදහස් කරන්නේContinue reading “විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.”
විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම
රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයකුට අන් මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්ඡා කල යුතු ප්‍රශ්නයක් බව මෑත දී ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් හැසිරුණු ආකාරයෙන් පෙනී යයි. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවලContinue reading “විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම”