මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස

ජන මාධ්‍යකරුවා සතු වෘත්තීය පරිචය තියුණු කිරීමට දායක වන එක් වැදගත් සාධකයකි ජනමාධ්‍ය පරිශිලනය කරන්නන්ගේ හෙවත් ග්‍රාහකයන්ගේ විචාර බුද්ධිය.  විවධ මාධ්‍ය ප්‍රකාශණ වල ගුණාත්මක බව සසඳා බැලීමට තරම් යහපත් අදීන බහුමාධය්‍ය වාතාවරණයක් පවතින මුහුකුරාගිය ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක ග්‍රාහකයන්ට මේ විචාර බුද්ධිය අනුක්‍රමයෙන් වගා කරගැනීම අසීරු නොවේ. එහෙත් යහපත් බහුමාධ්‍ය වාතාවරණයක් යන්න තීරණය වන්නේ විවිධ ආතාරයේContinue reading “මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස”

ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?

පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය  ක්ෂේත්‍රය සැලසුම් කිරීමContinue reading “ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?”

විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම

රූපවාහිනී හා  ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයකුට අන් මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද  යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්ඡා කල යුතු ප්‍රශ්නයක් බව මෑත දී  ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් හැසිරුණු ආකාරයෙන් පෙනී යයි.  බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවලContinue reading “විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම”

විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය

යම් කිසි පුද්ගලයෙකු සම්බන්ධව කරුණුමය අසත්‍යයක් ජනමාධ්‍ය වාර්තාවක පළ වූ විට එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ. එම ඉල්ලීම සාධාරණ නම් වැරැද්ද නිවැරදි කිරීම ජනමාධ්‍යයේ වග කීමෙයි. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙකී අයිතිය හැඳින්වෙන්නේ නිරවද්‍ය කර ගැනීමේ අයිතිය(right to correction) යනුවෙනි. තමන් සම්බන්ධ කරුණුමය වශයෙන් වැරදි චෝදනාවක් ජනමාධ්‍යයේ පළ වූ විට ඒContinue reading “විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය”

විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.

විද්‍යුත් මාධ්‍යයේ පිළබඳ ඇති විවේචනය ස්ථාන ගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟා කර ගැනීම සඳහාද යන කාරණය මං හිතන්නේ අපේ කතිකාවට ඉතා වැදගත්. මේ කතිකාව පුළුල් සමාජය තුළ වගේම විද්‍යුත් මාධ්‍ය ට සම්බන්ධ මාධ්‍යවේදීන් ඇතුළු සියලු ආකාරයේ පරදු දරන්නන් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් ල අතරට ගෙන යාමත් අවශ්‍යයි. ඒ නිසා හුදු ව්‍යාපාරික ක්ෂේත්‍රයකට වඩා ජනමාධ්‍යContinue reading “විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ කතිකාව ස්ථාන ගත කිරීමට ප්‍රවේශයක්.”

බිය පක්ෂපාත නැති ජනමාධ්‍යකරණය

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය -2020 සැමරීමට මා කළ කථාව. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (World Press Freedom Day) ජනමාධ්‍ය නිදහසට ගරු කිරීමට තමන් කැපවී ඇති බව ලොව පුරා ආණ්ඩු වලට මතක් කිරීමට ද ජනමාධ්‍ය නිදහස සහ ජනසමාජයේ ප්‍රගමනය අතර ඇති සහසම්බන්ධතාව එක්ව අන්තරාවලොකනය කිරීමට නැත්නම් සිහි කැඳවීමට ජනමාධ්‍ය වෘත්තිකයන්ට සහ ජන සමාජයට අවස්ථාවක් ලබා දෙන්නා වූදContinue reading “බිය පක්ෂපාත නැති ජනමාධ්‍යකරණය”

තොරතුරු ප්‍රභවයක රහස්‍ය භාවය රැකීමට ජනමාධ්‍යකරුවෙකු සතු අයිතිය.

ජනමාධ්‍යවේදියෙකුට ලැබෙන තොරතුරු වල ප්‍රභවය රහසිගතව තබා ගැනීමට අවශ්‍ය අවස්ථා වල දී ප්‍රභවය හෙළිදරව් කිරීමට බල නො කළ යුතු ය යන්න පිළිගත් සම්ප්‍රදායක් පමණක් නොව ඇතැම් රටවල නීතියෙන් පවා ආරක්ෂා කර ඇති අයිතියකි. එයට හේතුව ප්‍රභවයක් හෙලි කිරීමට බල කළ හොත් ජනමාධ්‍යකරුවෙකු විසින් කරන වාර්තාකරණයකින් හෙළිදරව් විය හැකි අකටයුතු හෙලි කිරීම පිණිස තොරතුරු සපයන්නන් ඉදිරිපත්Continue reading “තොරතුරු ප්‍රභවයක රහස්‍ය භාවය රැකීමට ජනමාධ්‍යකරුවෙකු සතු අයිතිය.”