එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?

නිදහස් සාධාරණ මැතිවරණ සහ බහුතරය විසින් පත් කරනු ලබන පාලනය වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක් ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සක ගේ යහපතට නොවන බවත් සියල්ලන්ට සමානාත්මතාව පදනම් කොටContinue reading “එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?”

සංලේඛ්‍ය නිදහස (Editorial Independence) හා පුවත් කතෘකරණය

සංලේඛ්‍ය නිදහස (Editorial Independence) යනු රටක ජනමාධ්‍ය කොතක් දුරට ප්‍රශස්තදැයි යන්න නිගමනය වන වැදගත් සංරචකයකි. ඒ නිසා පුවත් කතෘකරණයේදී සංලේඛ්‍ය නිදහස යනු පාවාදිය නොහැකි ඉතා වැදගත් වෘත්තීය ප්‍රමිතියක් වන්නේ මන්දැයි විමසීම මේ ලිපියේ අරමුණයි. කිසියම් වටාපිටාවක් හා කාලපරාසයක් තුළ තම චරිත හසුරුවමින් ප්‍රබන්ධයක් ගොඩනගන නවකතා කරුවෙක් කරන්නේද කතෘකරණයකි. එහෙත් ඒ කතෘකරණය පුවත් කතෘකරණයට වඩා වෙසෙසින්මContinue reading “සංලේඛ්‍ය නිදහස (Editorial Independence) හා පුවත් කතෘකරණය”

ජනමාධ්‍ය ආචාරධර්ම කතිකාවට පදනමක්

මහජන සේවාව ප්‍රමුඛ කරගත් වෘත්තීය ආචාරධර්ම පිළිපැදීම මාධ්‍යයේ නිදහස සහ ස්වාධීනත්වය තහවුරු කර ගැනීමේ මාර්ගයකි. ජනමාධ්‍යවේදීන් සිය වෘත්තිය ආචාරධර්ම අනුව කටයුතු කිරීමට කොතෙක් දුරට කැපවී ඇත්ද සහ ඒ සඳහා ඇති වෘත්තියමය(හා ශාරීරික)රැකවරණය මෙන්ම සමාජමය අනුග්‍රහය කුමක්ද යන්න ජන මාධ්‍ය නිදහස පිළිබඳ තවත් වැදගත් දර්ශකයකි. එසේ ආචාරධර්මානුකූලව කටයුතු කිරීමට සමාජ අනුග්‍රහය ලබාගත හැක්කේ වෘත්තීය භාවිතය හාContinue reading “ජනමාධ්‍ය ආචාරධර්ම කතිකාවට පදනමක්”

ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?

ජනමාධ්‍යකරුගේ සමාජමය වගකීම කුමක්ද යන ප්‍ර‍ශ්නය සාකච්ඡා කිරීමේදී මගේ අදහස වන්නේ පුවත් කලාවේ නියැලෙන ජනමාධ්‍ය කරුවන්ගේ වෘත්තීය කාර්යභාරය විමසීමෙන් මේ ප්‍රශ්නය පිළිබද සාකච්ඡාවට පිවිසිය යුතුබවයි. එහෙත් ජනමාධ්‍යය ආයතන වල අරමුණු, අයිතිකරුවන්ගේ අභිමතාර්ථ හා සංලේඛ්‍ය නිදහස (editorial independence), පුවත් කලාවේදීන්ට වෘත්තිකයන් වශයෙන් සංවිධානය වීමට ඇති අයිතිය, ඔවුන්ගේ වැටුප් හා සේවා කොන්දේසි, මෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍ය බහුවිධත්වයContinue reading “ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?”

විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.

පිළිගත් ස්වාධීන යන්ත්‍රණයක් මගින් ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුව සිදු කෙරෙන්නේ නම් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම යනු කිසි සේත් ම මර්දනකාරී ක්‍රියාවක් නොවේ. එහෙත් විද්‍යුත් මාධ්‍ය නියාමනය ගැන කතා කරන්නට බොහෝ අයට සිහිපත් වන්නේ ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් ග්‍රාහකයන්ගේ සාමාන්‍ය බුද්ධියට නිගරුවන අන්දමට මාධ්‍ය හිමියන්ගේ චණ්ඩි කම් පෙන්වීමට යොදා ගන්නා අවස්ථාවලදී ය. විද්‍යුත් මාධ්‍ය නියාමනයෙන් අදහස් කරන්නේContinue reading “විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.”

විද්‍යුත් මාධ්‍ය අ​පක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීම පිළිබඳ ගැටලු​ව

(විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර නිකුත්නි කිරීම නියාමනය කිරීම පිණිස සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා, මංගල සමරවීර ජනමාධ්‍ය ඇමැති වරයා විසින් පත් කළ කමිටුවක සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණි. එහිදී විද්‍යුත් මාධ්‍යයේ ​අපක්ෂපාතීත්වය පිළිබ විශේෂ අවශ්‍යතාව නියාමන නීතියට නිශ්චිතව ​ඇතුළත් කළ යුත්තේ ඇයිද යන්න පැහැදිලි කරමින් මා කමිටුව​ට ඉදිරිපත් කළ ලියවිල්ලයි මේ. එහෙත් මගේ ඉල්ලීමContinue reading “විද්‍යුත් මාධ්‍ය අ​පක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීම පිළිබඳ ගැටලු​ව”

මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස

ජන මාධ්‍යකරුවා සතු වෘත්තීය පරිචය තියුණු කිරීමට දායක වන එක් වැදගත් සාධකයකි ජනමාධ්‍ය පරිශිලනය කරන්නන්ගේ හෙවත් ග්‍රාහකයන්ගේ විචාර බුද්ධිය.  විවධ මාධ්‍ය ප්‍රකාශණ වල ගුණාත්මක බව සසඳා බැලීමට තරම් යහපත් අදීන බහුමාධය්‍ය වාතාවරණයක් පවතින මුහුකුරාගිය ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක ග්‍රාහකයන්ට මේ විචාර බුද්ධිය අනුක්‍රමයෙන් වගා කරගැනීම අසීරු නොවේ. එහෙත් යහපත් බහුමාධ්‍ය වාතාවරණයක් යන්න තීරණය වන්නේ විවිධ ආතාරයේContinue reading “මාධ්‍ය සාක්ෂරතාවය ජනමාධ්‍ය උන්නතියේ සාධකයක් ලෙස”

ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?

පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය  ක්ෂේත්‍රය සැලසුම් කිරීමContinue reading “ස්වාධීන ​මහජන සේවා විද්‍යුත් මාධ්‍ය අවශ්‍ය ඇයි?”

විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම

රූපවාහිනී හා  ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයකුට අන් මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස යොදා ගත හැකිද  යන්න සමාජය විසින් බරපතළ ලෙස සාකච්ඡා කල යුතු ප්‍රශ්නයක් බව මෑත දී  ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් හැසිරුණු ආකාරයෙන් පෙනී යයි.  බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවලContinue reading “විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම”

විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය

යම් කිසි පුද්ගලයෙකු සම්බන්ධව කරුණුමය අසත්‍යයක් ජනමාධ්‍ය වාර්තාවක පළ වූ විට එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ. එම ඉල්ලීම සාධාරණ නම් වැරැද්ද නිවැරදි කිරීම ජනමාධ්‍යයේ වග කීමෙයි. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙකී අයිතිය හැඳින්වෙන්නේ නිරවද්‍ය කර ගැනීමේ අයිතිය(right to correction) යනුවෙනි. තමන් සම්බන්ධ කරුණුමය වශයෙන් වැරදි චෝදනාවක් ජනමාධ්‍යයේ පළ වූ විට ඒContinue reading “විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය”