මහජන සේවාව ප්‍රමුඛ කරගත් වෘත්තීය ආචාරධර්ම පිළිපැදීම මාධ්‍යයේ නිදහස සහ ස්වාධීනත්වය තහවුරු කර ගැනීමේ මාර්ගයකි. ජනමාධ්‍යවේදීන් සිය වෘත්තිය ආචාරධර්ම අනුව කටයුතු කිරීමට කොතෙක් දුරට කැපවී ඇත්ද සහ ඒ සඳහා ඇති වෘත්තියමය(හා ශාරීරික)රැකවරණය මෙන්ම සමාජමය අනුග්‍රහය කුමක්ද යන්න ජන මාධ්‍ය නිදහස පිළිබඳ තවත් වැදගත් දර්ශකයකි. එසේ ආචාරධර්මානුකූලව කටයුතු කිරීමට සමාජ අනුග්‍රහය ලබාගත හැක්කේ වෘත්තීය භාවිතය හා ආචාරධර්ම මොනවාද? ඒ එක් එක් භාවිතයෙන්, ආචාරධර්මයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන ජන සමාජය තුළ හොඳ අවබෝධයක් ඇත්නම් පමණි. එම අවබෝධය ඇතිකිරීම ජනමාධ්‍යකරුවන්ගෙන් ඉහළ වෘත්තීය භාවිතයක් ඉල්ලා සිටීම සඳහා මාධ්‍ය සාක්ෂරතාවය ඇති කිරීම පිළිබඳ අත්‍යවශ්‍ය අධ්‍යාපනික කටයුත්තකි.
ජනමාධ්‍යයේ සියළු ආචාරධර්ම වලට පදනම වෙන්නේ ජනමාධ්‍ය සත්‍යකාමී විය යුතුබවත් හුදෙක් මහජනයහපත උදෙසා පමණක්ම ජනමාධ්‍ය කටයුතු කළයුතු බවත්ය යන පිළිගැනීමයි. ජනමාධ්‍ය සත්‍යකාමී වියයුතුයැයි අප කියන විට ඉන් අදහස් කරන්නේ සත්‍යසොයා ගැනීම ක්‍රියාදාමයක් යැයි කීම මිස සත්‍යක් බව තහවුරු වෙන තෙක් යමක් අපෙන් ස
ගවා තැබීම නොවේ. ඒ අනුව මහජනතාවගේ විශ්වසනීය භාරකාරයන් වශයෙන් වෘත්තීය ජනමාධ්‍යකරුවන් සත්‍ය සොයා යා යුත්තේ එම කටයුත්ත අපක්ෂපාතීවත් අවංකවත් ස්වාධීනවත් සිදුකරණ බව ඔහුන්ගේ භාවිතයෙන්ම අපට පැහැදිලි වන අයුරිනි. මෙහිදී ජනමාධ්‍යකරු සිය මාධ්‍ය භාවිතයේ පරිණත භාවය සම්බන්ධයෙන් සමාජයට වගකිව යුතුය. වෘත්තීය ආචාරධර්ම පිළිපැදීම යනු මේ වගකීම නොවලහා ඉටුකරණ බව ක්‍රියාවෙන් පෙන්නුම් කිරීමයි.
ඒ අනුව ජනමාධ්‍යකරුවන් පළමුවෙන්ම වගවිය යුත්තේ මහජනතාවටයි. එය අපට දැනෙන්නේ හුදෙක් මහජන යහපත උදෙසා මිසක් අන් කිසිදු හිතවත් කමක් වෙනුවෙන් ජනමාධ්‍යකරු කටයුතු නොකරන බව සිය ජනමාධ්‍ය භාවිතයෙන් අපට ඒත්තු යන්නේ නම් පමණි.
මහජන යහපත උදෙසා කටයුතු කරනවා යන්න පෙනෙන්නේ සරල ඒකපාක්ෂික වාර්තාකරණයෙන් මිදී සමාජයේ විවිධත්වය යහමින් සලකමින් තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් උචිත තීරණ වලට දැනුවත්ව එළඹීම පිනිස මහජනතාවට අවශ්‍ය තොරතුරු පරිපූර්ණ ලෙස ඉදිරිපත් කිරීමයි. එමෙන්ම මහජන කටයුතු අප්‍රසිද්ධියේ නොව පාරදෘෂ්‍ය ලෙස ප්‍රසිද්ධියේම සිදුකිරීම සාක්ෂාත්කර ගැනීමටද ජනමාධ්‍යකරු අපවෙනුවෙන් සටන් කරන බව අපට ඒත්තු යා යුතුය.
දෙවනුව ජනමාධ්‍යකරු නොපසුබටව හා ආක්‍රමණශීලී ලෙස සත්‍ය සොයා යා යුතු අතර සොයාගන්නා තොරතුරු නිරවද්‍යව, නිසි සන්දර්භයක් තුළ හා හැකිතරම් පරිපූර්ණව ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව ජනමාධ්‍යකරු නිරන්තරයෙන්ම සත්‍ය සොයන බවත්, අදාල සිදුවීම් වල වැදගත්කම කිසිවෙකු විසින් අවම කිරීමට හෝ අතිශයෝක්තියට නැගීමට තැත්කරන විට එවැනි සියළු විකෘති කිරිම් නොපසුබටව අභියෝගයට ලක් කරන බවත් අපට පෙනී යායුතුය. එමෙන්ම ඉදිරිපත් කරන තොරතුරුවල ප්‍රභවය කුමක්ද යන්න හා එහි විශ්වසනීයත්වය කෙතරම්ද යන්න අපට ඒත්තු යන අයුරින් තොරතුරු ඉදිරිපත් කළ යුතුය. මේ ආචාරධර්මයට අනුව අසත්‍යක් බව දැන දැනම ඒවා සතය්‍ය තොරතුරු ලෙස ඉදිරිපත් කිරීම, පාඨකයා මුළාවෙන ලෙස ඡායාරූප, වීඩියෝ හා හඬපට ආදිය වෙනස් කිරීම, අනුන් ලියු දෑ තමන් ලියූවක් ලෙස හුවාදැක්වීම කිසිසේත්ම නොකළ යුතු දේවල්ය,
තොරතුරු ඉදිරිපත්කිරීමේදී ජනමාධ්‍යකරු සිදුවීම් වල අදාළ බව හා වැදගත්කම සලකමින් පක්ෂපාතීත්වයකින් තොරව හා සාධාරණව තොරතුරු ඉදිරිපත් කරන බව අපට පෙනීයා යුතුය. එහිදී සිය පුවත මගින් ආවරණය කරන අයගේ ගෞරවය අහේතුකව හානි කිරිමෙන් වැලකෙමින් අපරාධයක හෝ ව්‍යසනයක හෝ වින්දිතයන් කෙරෙහි නිසි කරුණාව දක්වමින් ජනමාධය්‍යකරු කටයුතු කළ යුතුය. එමෙන්ම ළමයින් සම්බන්ධ පුවත් වලදී වැඩිහිටියන්ටත් වඩා ළමයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂාවෙන ලෙස වාර්තා කළ යුතුය. විවිධාකාර ජන කොටස් වලින් සමාජය සමන්විතවන බව සලකා මහජනතාව වෙත තොරතුරු සැපයීමේදී පුද්ගල කන්ඩායම් ඔවුන්ගේ ජන වාර්ගික භාවය, ස්ත්‍රීපුරුෂ භාවය වැනි විභේදනයන් මත ඒකාකෘතික හැසිරීම් ඇති අය වශයෙන් හංවඩු ගැසීමට තුඩුදෙන අයුරින් ජනමාධ්‍ය තොරතුරු ඉදිරිපත් නොකළ යුතුය. තමන් ඉදිරිපත් කරන තොරතුරු මගින් සිද්ධියට අදාල සිය ̈ම පාර්ශව වල වැදගත් ස්ථාවරයන් අපට දැන ගැනීමට සැලැස්විය යුතුය. එමෙන්ම සිදුවීම් සම්බන්ධයෙන් විවරණ ඉදිරිපත් කරන විට එය ජනමාධ්‍ය කරුගේ හුදු පුද්ගලඅභිමතය නොව ඔහුගේ වෘත්තිය පරිණතභාවය නිසා තහවුරු වන සම්‍යක් දෘෂ්ඨිය බව අපට වැටහිය යුතුය.
ජනමාධ්‍යකරුගේ අවංකභාවය ඔහුගේ වෘත්තීය භාවිතයේදී අපට පෙනී යා යුතුය. සිය කටයුතු වලදී ඇත්තටම ඇති මෙන්ම ඇත්තටම නැතිවුනත් ඇතියැයි අන් අයට අනුමාන කළ හැකි ලැදිකම් පිලිබඳ සංඝට්ටනවලින් වැළකෙමින් පාඨකයින්ගේ බුද්ධියට නිගා නොවන අන්දමින් වාර්තාකරණය කළ යුතුය. ෙමි සඳහා තම තොරතුරු වල ප්‍රභවය පාඨකයාට හෙළි කිරීම වැදගත්ය. එළිකළ නොහැකි ප්‍රභවයන් යොදාගත යුත්තේ අදාළ පුවත මහජන යහපත පිණිස වැදගත් වෙන්නේ නම් හා එළිකළහොත් තොරතුර සපයන්නාට හානියක් වීමට ඉඩ ඇති අවස්ථාවලදී පමණි. ඒ කෙසේ වුවද එවැනි තොරතුරක විශ්වසනීයත්වය තහවුරුවෙන අයුරින් තොරතුර අපට ඉදිරිපත් කර තිබිය යුතුය. එමෙන්ම ප්‍රභවයක රහස්‍යභාවය සුරැකීමට දුන් පොරොන්දු කඩ නොකළ යුතුය. ජනමාධ්‍යකරුගේ අවංකභාවය පිලිබඳ තවත් වැදගත් දර්ශකයක් වන්නේ තතු, මත හා විවරණ එකිනෙකින් වෙන්කළ හැකිවන ලෙස කරුණු ඉදිරිපත් කිරීමයි. විවරණයක තිබිය යුත්තේ තමන්ට අභිමත මතය පමණක් නොව අනිකුත් විසම්මුතික අදහස්ද සලකා බැලෙන විශ්ලේෂණයකි. මේ අනුව බැලූවිට අදාල විෂය පිළිබඳ ප්‍රමාණිකයන්ගේ නිසි අභියෝගයකින් තොරව ඒක පාක්ෂිකව මිත්‍යා මත පතුරුවන පුවත් විචිත්‍රාංග පළකිරීමද ආචාරධර්ම උල්ලංඝණය කිරීමකි.
කැපීපෙනෙන ලෙස අදාළ නොවන අයද සිය ප්‍රවෘත්තියට රිංගවා ඔවුන්ට ප්‍රසිද්ධිය ලබාදීමට දරන සියලු වෑයම් ජනමාධ්‍යකරුවා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය. ප්‍රවෘත්ති සඳහා තොරතුරු රැස්කිරීමේදී ජනමාධ්‍යකරු සැගවු කැමරා හා මයික්‍රෆෝන වැනි දෑ යොදාගත යුත්තේ තමන් තහවුරු කිරීමට බලාපොරොත්තුවන කරුනු වෙනත් අයුරකින් ලබාගත නොහැකි නම් පමණි. අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම පිනිස ඒ ප්‍රවෘත්තියට අදාල කරුනු සම්බන්ධයෙන් පුද්ගලික ඇල්මක් බැල්මක් කිඛෙන අයට ජනමාධ්‍යකරු විසින් කිසිදු ගෙවීමක් නොකළ යුතුය. එමෙන්ම ප්‍රවෘත්තිය පිළිබඳ උනන්දුවන කිසිදු පාර්ශවයකින් ජනමාධ්‍යකරු කිසියම් වරප්‍රසාදයක් තෑග්ගක් හෝ ප්‍රසාද දීමනාවක් ලබා නොගත යුතුය. මේ සියල්ලෙන්ම කියන්නේ සිය අවංකභාවයට කැළලක්විය හැකි හා ස්වාධීනත්වය පාවාදෙන ආකාරයේ කිසිදු කටයුත්තක ජනමාධ්‍යකරුවා නිරත නොවිය යුතු බවයි. සිය වෘත්තීය ස්වාධීනයත්වය ආරක්ෂාකර ගන්නා අතරම ප්‍රවෘත්ති සැකසීම සමිබන්ධයෙන් අනිසි බලපෑම් කිරීමට දරන සියලුම ප්‍රයත්නයනගෙන් තමන්ද සිය සහෘද ජනමාධ්‍යකරුවන්ද ආරක්ෂාකිරීමට ජනමාධ්‍යකරුවා නොවලහා ඉදිරිපත්විය යුතුය. ඒ අනුව තම ආයතනයට දැන්වීම් සපයන වෙළඳ ආයතන, ප්‍රවෘත්තිය මගින් ආවරණය වන පාත්‍රවර්ගයා, ලොබි කණ්ඩායම් හා විවිධ බලපුළුවන්කාරයන් ද ඇතු
ළුව සියළු ආකාරයේ බාහිර බලපෑම් ප්‍රතික්ෂේප කොට නිර්භයව හා පක්ෂපාතීත්වයකින් තොරව සිය පුවත් හා තොරතුරු මහජනතාවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍යකරුගේ භාවිතයෙන් පෙනීයායුතුය. එමෙන්ම තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන තොරතුරු සම්බන්ධයෙන් දේශපාලන බලපෑමක් කිරීමට හෝ තොරතුරු ඉදිරිපත් කිරීම වැලැක්වීම පිනිස අල්ලස් දීමට දරන ප්‍රයත්න වලට මෙන්ම අවශ්‍ය තොරතුරු රැස්කරගැනීම තැතිගන්වා වැළැක්වීමට දරණ වෑයම් එළි කොට ඒවා සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකළ යුතුය. තමන් රැස්කරන තොරතුරු යොදාගත යුත්තේ කෙසේදැයි නිගමනය කිරීම හුදෙක්ම සිය වෘත්තීය වගකීම මත මිස බාහිර බලපෑමක් මත නොකරන බවට ජනමාධ්‍යකරු සමාජයට වගවිය යුත්තේය. එමෙන්ම ජනමාධ්‍යකරුවා, සිය භාවිතය අදීනව කිරීමට බාධාවක් විය හැකි වන තමන්ගේම ලබැඳියාවන්ගෙන්, ස්වයංවාරණයෙන් හා සහෘදයන්ගේ බලපෑමෙන් මිදී හුදෙක් මහජන යහපත තකාම සිය කටයුතු ඉටු කළයුතුය.
ජනමාධ්‍යය ආයතනයේ අයිතිකරුගේ හෝ ආයතන පරිපාලනයේ අවශ්‍යතා මත ප්‍රවෘත්ති පිළිබඳ අයුතු තීරණ ගැනීමට ජනමාධ්‍යකරුවෝ එරෙහි විය යුතුය. නිදහස් ජනමාධ්‍ය භාවිතාවක නියැලීමට සිය`ළුම ජනමාධ්‍යකරුවන්ට ඇති අනුල්ලංඝනීය අයිතිය ආරක්ෂා කිරීමට ජනමාධ්‍යකරුවෝ තනිතනිව හා සාමූහිකව කැපවිය යුතුය.
සිය ජනමාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මහජනතාවට, සිය වෘත්තිය සගයන්ට හා තමන්ටම වගවීමට ජනමාධ්‍යකරුවාට සිදුවෙයි. ඒ අනුව ඉහත කී කරුණු ආවරණය වෙන ආකාරයේ ආචාරධර්ම පද්ධතියක් සම්මුති ගත කොට සමාදන් වී ඒ ආචාර ධර්ම ප්‍රායෝගිකව පිළිපැදීමට ජනමාධ්‍ය කරුවෝත් ඔවුන්ගේ සේව්‍යයනුත් ජනමාධ්‍ය සංවිධානත් කැපවීඇති බව භාවිතයෙන් අපට ඒත්තු ගැන්විය යුතුය. ජනමාධය්‍යයේ පලවන තොරතුරු ගැන කෙරෙන පැමිණිලි නොවලහා විභාග කොට වැරදීමක් සිදුවී ඇත්නම් මුල් වාර්තාවට දි තිබූ ප්‍රසිද්ධියට අනුකූලවනසේ එය වහාම නිවැරදි කිරීම ජනමාධ්‍යයක වෘත්තීය වගකීමයි.
එමෙන්ම ජනමාධ්‍යකරුවාගේ වෘත්තීය භාවිතය ක්‍රියාවට නැගෙන ආකාරය හැකි හැම විටම මහජනතාවට වටහාදීමද ජනමාධ්‍යකරුවාගේ වගකීමකි. සිය ජනමාධ්‍ය භාවිතය නිසා කිසියම් ප්‍රශ්නයක් හෝ මතභේදයක් උද්ගත වු විට මෙය අනිවාර්යයෙන්ම කළ යුතුය.
සිදුවිය හැකි වෘතීයමය විෂමාචාරයක් පිලිබඳව ජනමාධ්‍යකරුවන් අනතුරු හ`ඟවන අවස්ථාවලදී ජනමාධ්‍ය ආයතන පාලකයන් නිසි අවධානයකින් යුතුව ජනමාධ්‍යකරුවන්ට කන්දිය යුතුය. ජනමාධ්‍ය ආයතන තුළ එවැනි වෘත්තීයමය සාකච්ඡා නිරන්තරයෙන් පැවැත්වීමට උනන්දු කළයුතු අතර වෘත්තීය ජනමාධ්‍ය භාවිතය පිළිබඳ සංස්කෘතිය තම ආයතන තුළ පෝෂණය කෙරෙන බව අපට දැනී යා යුතුය. වෘත්තීය ආචාර ධර්ම නිසි ලෙස අනුගමනයවන්නේදැයි සොයා බැලීමට ආචාරධර්ම කමිටු, ́ම්බුඩ්ස්මන්වරු වැනි විධිවිධාන ආයතන මට්ටමෙන් ඇතිකර ක්‍රියාත්මක කිරීම සහ ඒවායේ කටයුතු ප්‍රසිද්ධ කිරීම වෘත්තීය ජනමාධ්‍ය භාවිතයකට තමන් කැපවී ඇතිබව පෙන්වීමේ හොඳ ක්‍රමයකි. මහජනතාවට වග වෙන ආකාරයට අචාරධර්ම පිලිපැදීම ජනමාධ්‍ය සේවාවේ ගුණාත්මක බව පිලිබඳ සහතිකයක් වන බැවින් එය පාඨකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට නිසැකවම හේතු වෙයි.
විජයානන්ද ජයවීර
[…] “ආර්ථික චිනතනයේ සීමා” නමැති පරිච්ඡේදය ද කියවා බලන්න […]
interesting and eye opning argument.
[…] මැයි 01 Posted byJaya PathmapaniMay 1, 2021Posted […]
Thanks. Bernard FMM Office *Free Media Movement (FMM)* 96, Bernard Soysa Mw, Colombo 05 Sri Lanka *Tel* : +94 -11-236…
[…] එහි දී කේට්ගේ හිතට නැඟුණු අභියෝගාත්මක ප්රශ්නය වූයේ සංවර්ධනයේ සාර්ථකත්වය තක්සේරු කිරීමේ හොඳම ක්‍රමය කුමක් ද යන්නයි. ඒ බව…