ජන මාධ්‍යකරුවා සතු වෘත්තීය පරිචය තියුණු කිරීමට දායක වන එක් වැදගත් සාධකයකි ජනමාධ්‍ය පරිශිලනය කරන්නන්ගේ හෙවත් ග්‍රාහකයන්ගේ විචාර බුද්ධිය. විවධ මාධ්‍ය ප්‍රකාශණ වල ගුණාත්මක බව සසඳා බැලීමට තරම් යහපත් අදීන බහුමාධය්‍ය වාතාවරණයක් පවතින මුහුකුරාගිය ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක ග්‍රාහකයන්ට මේ විචාර බුද්ධිය අනුක්‍රමයෙන් වගා කරගැනීම අසීරු නොවේ. එහෙත් යහපත් බහුමාධ්‍ය වාතාවරණයක් යන්න තීරණය වන්නේ විවිධ ආතාරයේ ජන මාධ්‍ය ආයතන ගනනාවක් තිබීම මත පමණක් නොව ඒ ආයතන පුවත් වාර්තාකරණයේදී කෙතරම් දුරට අදීන බවක් පෙන්වන්නේද වාර්තාකරණය කොතෙක් ප්‍රශස්තද, විචාරශීලීද, කෙතරම් දුරට තොරතුරු අනාවරණය කරන්නේද යන කරුණු මතය. සංඛ්‍යාත්මකව ගත් විට වර්තමාන ලංකාවේ ජනමාධ්‍ය වාතාවරණය බහුවිධ ස්වභාවයක් පෙන්නුම් කරන නමුත් අන්තර්ගතය අතින් බැලූවිට පුවත් වාර්තාකරණය බොහෝවිට දීන හා තුශ්නිම්භුත සවරූපයක් ගනීයයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ තත්වයට හේතුවිය හැකි කරුනු බෙහෝමයක් තිබිය හැකි නමුදු මේ ලිපියේ අභිප්‍රාය ග්‍රාහකයන්ගේ විචාර බුද්ධිය පිළිබඳ ප්‍රශ්ණය ජන මාධ්‍ය සාක්ෂරතාවය පිළිබද ප්‍රශ්ණයක් ලෙස සාකච්චා කිරීම වන බැවින් ඒ ගැණ විමසා බැලීම වෙනම කටයුත්තකි.. යොදාගන්නා තාක්ෂණය හෝ මාධ්‍යය (මුද්‍රිත, ගුවන් විදුලි, රූපවාහිනී, අනතර්ජාල ආදී) කුමක් වුවද ජන මාධ්‍ය යනුවෙන් මේ විවරණයේදී අදහස් කෙරෙන්නේ වාර්තාකරණයෙදී හා තොරතුරු සැපයීමේදී ප්‍රවෘති කලාවේ වෘත්තීය ආචාර ධර්ම පිළිපදිමින් තොරතුරු සැකසීම හා සැපයීම පිළිබෙඳව ග්‍රාහකයන්ට වගවන ආයතනයක් හෝ පුද්ගලයෙකු විසින් නිරන්තරයෙන් හෝ වාරානුකුලව බෙදා හැරෙන තොරතුරු සේවාවකි.
පුද්ගලයෙකුගේ ස්වීයත්වය වර්ධනය කර ගැනිමට හා ඔහුගේ සමාජමය පැවැත්ම තෘප්තිමත් කර ගැනීම සදහා අවශ්‍ය තීරණ ගැනීමට නිරවද්‍ය තොරතුරු අත්‍යවශ්‍යෙව්. තොරතුරු රැස්කිරීම, ඒවායේ නිරවද්‍යතාවය පිරිසිඳ දැනගැනීම හා තොරතුරු විශ්ලේෂණය කොට බෙදා හැරීම මගින් ජනමාධ්‍යය කරුවන් කරන්නේ අමුතු දෙයක් නොව පුරවැසියෙකු විසින් කල යුතු කාර්යක් ඉටුකිරීම බවත් එකම වෙනස සාමාන්‍ය පුරවැසියන්ට ඒ සඳහා කාලය, සම්පත් හා අවශ්‍ය පරිචය නොමැති බැවින් පුරවැසියන් වෙනුවෙන් ඒ කටයුත්ත ඉටුකිරීමට තත් කාර්ය පිලීබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති ජනමාධ්‍ය කරුවන් නම් වෘත්තිකයන් පිරිසක් සමාජයට අවශ්‍ය වීම බවත් “ද ස්ටේට්මන්“ පුවත් පතේ කතුවර නැසීගිය කුෂරෝව් ඉරානි වරක් පැවසීය. ඉරානිගේ මේ කියුම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණයේ සඳහන් භාෂණයේ නිදහස හා කවර මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබිමට හා දීමට සෑම මනුෂයයෙකුටම ඇති අයිතිය උද්දීපනය කරන්නකි. එහෙත් ලාංකීය ජනමාධ්‍ය කතිකාව තුල විශ්ව ප්‍රකාශණයේ 19 වන වගන්තියේ සදහන් වන එකී අයිතිය බැරෑරුම් ලෙස සාකච්චාවී නොමැත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තබමින් මානව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය පුළුල් කිරීමට ලංකාවද ප්‍රතිඥාදුන් නමුත් රටේ අධ්‍යාපන ක්‍රමය තුල හෝ දේශපාලන කතිකාවන් තුලද භාෂණයේ නිදහස, තොරතුරු ලැබිමේ හා දීමේ අයිතිය ගැන පමණක් නොව පොදුවේ මානව අයිතිවාසිකම් ගැන අවබෝධයක් ඇතිකරන වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක නොවේ. පුරවැසියන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දීමට වඩා තමන්ට කැමැති විය හැකි අදහස් පමණක් ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමත්, තොරතුරු දැන ගැනීමට සැලැස්වීමට වඩා වසං කිරීමට සැලැස්වීමත් තම කාර්ය බව දේශපාලන පංතියේ සාමාන්‍ය වැටහීම බව පෙනේ. මේ පසුබිම තුල ඇතැම් ජනමාධ්‍ය ආයතනවලටද හැසිරීමට සිදුවී ඇත්තේ ආධිපත්‍යක මතවාදය තහවුරුවිය හැකි තොරතුරු පමණක් ප්‍රකාශ කිරීමට ඉඩදීම හා අවශේෂ තොරතුරු වසං කිරීම සිය කාර්යන් ලෙස සලකාය.
මේ තත්වය යටතේ ජනමාධ්‍ය පරිශිලනය කරන්නන්ගේ විචාර බුද්ධිය වැඩීම සඳහා මාධ්‍ය සාක්ෂරතාවය (Media Literacy) පිළිබඳ ක්‍රියාශිලී වැඩ පිලිවෙලක් ලංකාවට අවශ්‍යයවේ. මාධ්‍ය සාක්ෂරතාවය පිළිබද චිරාගත නිර්වචන බෙහෙවින් ව්‍යාකුල හා මනෝමුල ඒවා විය. බොහෝවිට මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ චිරාගත වැටහීමට පදනම වූයේ ජනමාධ්‍ය කර්මාන්තයක් සේ සලකා දේශපාලන හා ආර්ථික බල ව්‍යාපෘතිය තුල ජනමාධ්‍ය හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට විවිධ මාධ්‍ය අධ්‍යන ගුරුකුල විසින් අනුදත් වර්තමානයේදී බෙහෙවින් අර්බුදයට ගිය ජනමාධ්‍ය න්‍යායන්ය. එහෙත් මාධ්‍ය සාක්ෂරතාවය යනු අදහස් ප්‍රකාශ කිරීම, තොරතුරු ලබා ගැනීම හා බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් තමාට ඇති අයිතිය ජන මාධ්‍ය හරහා කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබද පොදුජනයාට මුලික අවබෝධය ලබා දෙන බහුජන අධයාපනයකි. ප්‍රජාචාර විෂයේම කොටසකි.
සාක්ෂරතාවය යනුවෙන් අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කියවීම, ලිවීම, එකතුකිරීම, අඩුකිරීම, බෙදීම, වැඩිකිරීම වැනි මූලික හැකියාවන්ය. ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සාක්ෂරතාවය රටක දියුණුව පිලිබඳ මාපකයක් ලෙසද ගැනේ. එහෙත් එදිනෙදා ජීවිතයේදී කෙනෙකුගේ ඥාණ පථය පුළුල් කිරීමට හෝ සංකෝචනය කිරීමට ජනමාධ්‍ය විසින් කරන බලපෑම සැලකූ විට මාධ්‍ය සාක්ෂරතාවය බහුජන සාක්ෂරතාවයේ අංගයක් නොවු සමාජයක ප්‍රශස්ත ජනමාධ්‍යය හැසිරීමක් දැක්ම උගහට විය හැක. මාධ්‍ය සාක්ෂරතාවය කුමක්දැයි ඍජු ලෙස වටහා ගැනීමට මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුක්ත අයෙකු සතුවිය යුතු කුසලතාවයන් මොනවාදැයි සොයා බැලිය යුතුය.
යුනෙස්කෝ ආයතනය මෑතදී නිර්වචනය[1] කර ඇති පරිදි ජනමාධ්‍ය සාක්ෂරතාවයෙන් යුත් පුද්ගලයෙකුට පහත සඳහන් මුලික අවබෝධයන් ඇති විය යුතුය.
- ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල ජන මාධ්‍යය විසින් ඉටු කරනු ලබන කාර්යය පිළිබඳ මුලික අවබෝධය
- එම කාර්ය නිසි ලෙස ඉටු කිරීමට ජන මාධ්‍යයට ඉඩ සැලසෙන්නේ කිනම් වාතාවරණයයක් තුලද යන්න පිළිබද අවබෝධය
- ජන මාධ්‍ය අන්තර්ගතයෙන් පිළිඹිබු වන පරිදි තත් කාර්ය ජනමාධ්‍ය විසින් නිසිලෙස ඉටුකරන්නේදැයි වටහා ගැනීමට අවශ්‍ය මුලිකදැනුම
- තම ස්වයං ප්‍රකාශණය සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය සඳහා ජන මාධ්‍ය ඇසුරු කිරීම පිළිබඳ දැනුම
- ජනමාධ්‍ය පරිශිලනය කරන්නෙකුලෙස වාර්තාකරණයට දායක වීමට අවශ්‍ය මූලික දැනුම
මේ මාධ්‍ය සාක්ෂරතාවය සංකල්ප ගත කර ඇත්තේ ජන මාධ්‍ය හැසිරීම පිලිබඳ පිලිගත් ප්‍රතිරූපක ඇත්තේය යන පදනම මතය. ඒ ප්‍රතිරුපක අතරින් එකක් වන්නේ මිනිසා සතු භාෂණයේ නිදහස බොහෝ කොට සමාජගත වන්නේ ජන මාධ්‍ය මගින් බවයි. ඒ නිසාම ජනමාධ්‍යයේ අදීන හැසිරීම රටක භාෂණයේ නිදහස පිළිබද හොඳ මාපකයක් වන්නේය. අනෙක් වැදගත් ප්‍රතිරූපකය ක්‍රියාශීලී ප්‍රාතන්ත්‍රවාදයක් ප්‍රවර්ධනය කිරීමටත්, ආර්ථික වර්ධනය සදහාත් ස්වතන්ත්‍ර, බහුවිධ හා නිදහස් ජනමාධ්‍ය අත්‍යවශ්‍ය බවය. පුවත්පත් නිදහස පිළිබඳ වින්ඩ්හුක් ප්‍රකාශණය[2] 1991 දි අනුදත් පරිදි මෙහිදී ස්වතන්ත්‍ර යන්නෙන් අදහස් වන්නේ ආණ්ඩුවේ හෝ දේශපාලන හා ආර්ථික බලවේගවල හෝ අනිසි බලපෑමකින් තොරව සිය සේවාවන් සදහා අවශ්‍ය ද්‍රව්‍යමය, මානව හා බෙදාහැරීමේ සම්පත් පවත්වා ගෙනයාමට ජනමාධ්‍යයට ඇති හැකියාවයි. බහුවිධ යන්නෙන් අදහස් වන්නේ සමාජයක සිතුම් පැතුම් හැකිතරම් පෘතුල ලෙස නියෝජනය කිරීමට හැකිවනු පිණිස ඒකාධිකාරවලින් තොරව හැකි විශාලතම ජනමාධ්‍ය සංඛ්‍යාවක් මගින් ජන සමාජයේ පුළුල් පරාසයක් සදහා සේවාවන් පවත්වාගෙන යාමයි. නිදහස් ජනමාධ්‍ය යනුවෙන් හැදින්වෙන්නේ ආයතනයේ අර්ථපතියා කවරෙක් වුවද වාර්තාකරණයේ හා තොරතුරුවල සංලේඛ්‍ය වගකීම (Editorial Responsibility)වෘත්තීය ආචාර ධර්ම අනුව හා ග්‍රාහකයාට පමණක් වගවීමේ පදනම මත බාහිර බලපෑමකින් තොරව පවත්වාගෙන යාමට ජනමාධ්‍ය කරවන කාර්ය මණ්ඩලයට අවශ්‍ය නිදහස ප්‍රායෝගිකව ලබා දෙන ජනමාධ්‍ය සේවාවන්වේ.
ඉහත සදහන් ප්‍රතිරූපකයන්ට අනුව මාධ්‍ය සාක්ෂරතාවයේ පළමු පාඩම විය යුත්තේ මානව අයිතිවාසිකම් පිළීබඳ විශ්ව ප්‍රකාශණයේ 19වන වගන්තියේ නිශ්චය කර ඇති මිනිසා සතු භාෂණයේ නිදහස පිලිබඳ මුලික දැනුමයි. භාෂනයේ නිදහස යනුවෙන් හැදිනවෙන්නේ ඍජු හෝ අනියම් තර්ජනයන්ට හෝ දඩුවම්වලට භාජනය වීමේ බියකින් තොරව අන්‍යයන්ගේ මානව අයිතීන්ද සලකමින් තම අදහස් ප්‍රකාශ කිරීමටත් තොරතුරු ලබා ගැනීමටත් හුවමාරු කරගැනීමටත් කෙනෙකුට ඇති අයිතිය බුක්ති විඳීමේ නිදහසයි. ජන මාධ්‍ය නිදහස මේ අයිතියේම කොටසක් වශයෙන් හඳුනා ගැනීම මාධ්‍ය සාක්ෂරතාවයේ පළමු පාඩමට අයත් වේ. සාමාන්‍ය වැසියෙකුට නැති අයිතියක් වන සිය තොරතුරුවල ප්‍රභවය අනාවරණය නොකොට ආරක්ෂා කිරීමේ අයිතිය ජන මාධ්‍ය කරුවෙකුට ලැබෙන්නේ මන්ද හා ජනමාධ්‍ය කරුවන්ගේ විපරම් කිරිමේ කාර්යට සමාජ සහයෝගය හා ආරක්ෂාව ලැබිය යුතුතේ මන්ද වැනි කරුණු මෙන්ම ජනමාධ්‍ය කරුවන් මරා දැමීමට, ඔහුන්ට හිරි හැර කිරිමට හා ජන මාධ්‍ය ආයතන වලට පහර දීම් වලට එරෙහිව වෙසෙසින් නැගී සිටීමේ සමාජමය වගකීම අවබෝධ කර ගැනිමද භාෂණයේ නිදහස සඳහා ජන මාධය නිදහස අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් හඳුනා ගැනීමේ මාධ්‍ය සාක්ෂරතාවයට අයත් වේ. තොරතුරු ලබා ගැනීමේ අයිතිය පිළිබඳව දැනුවත් වීමද මාධ්‍ය සාක්ෂරතාවයේම කොටසකි. ජන මාධ්‍යය ඔස්සේ පමණක් නොව මහජන මුදලින් නඩත්තුවන ආයතන හා මහජන සේවා සපයන ආයතන විසින් රැස්කර තබන තොරතුරු අවශ්‍ය පරිදි ලබා ගැනීමට ඇති වෙසෙස් අයිතියද තොරතුරු ලබා ගැනිමේ හා හුවමාරු කිරීමේ අයිතියේ කොටසක් වශයෙන් අවබෝධ කරගත යුතුය. විවිධ රටවල ඒ සඳහා යොදා ඇති නෛතික විධිවිධාන අප රට හා සසඳමින් විමසා බැලීමද මෙහිදී වැදගත්ය.
මාධ්‍ය සාක්ෂරතාවයට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජන මාධ්‍ය ඉටු කරන කාර්ය භාරය පිලීබඳ මුලික අවබෝධය ලබාදීමද ඇතුලත් විය යුතුය යන්න යුනෙස්කෝවේ එක් නිර්දේශයකි. ජන මාධ්‍යය කාර්ය හා ප්‍රජාතනත්‍රවාදය අතර ඇති සම්බන්ධය පිළිබදව නිසි සමාජ කතිකාවක් ඇති වී නොමැති රට වල මේ කටයුත්ත මුල සිටම පටන් ගත යුත්තකි. දියුනුවෙමින් පවතින රටවල ජනමාධ්‍ය විචාරය සැලකුනේ උසස් අධ්‍යාපන කෙෂත්‍රෙය් ජන සංනිවේදනය වැනි විෂයන්ට අයිති කටයුතුතක් ලෙසය. විෂයක් වෂයෙන් ගත් කල ජන සංනිවේදනයේ මුල් න්‍යායික පදනම මෙතෙක් වෙනස් වි ඇත්තේ මඳ වශයෙනි. එය අයත්වන්නේ උතුරේ සිට දකුණට අසමබර ලෙස තොරතුරු සැපයෙන්නේය, මාධ්‍ය අන්තර්ගතය ලාභය හා බලය තහවුරු කරලීම සඳහා රචනය වන ගොඩ නැගීමකි, එබැවින් සංශයවාදී ලෙස මාධ්‍ය විමසිය යුතුය වැනි සරල විචාරයන්ගෙන් සමන්විත, මාධ්‍ය හැසිරීම සමාජයේ අනෙකුත් සාධක වලින් වියුක්තව ලඝුකොට විමසීමට තැත්කල යුගයකටය. ජන සංනිවේදන විෂයේ විෂ්ලේෂණ විධි ක්‍රමය පදනම් වී තිබුනේ රටක මාධ්‍ය වාතාවරණය සමස්තයක් වශයෙන් ගෙන සැලකීමට වඩා තනි මාධ්‍ය ආයතනයක හෝ පණිවිඩයක අන්තර්ගතය විමසීම මතය. බොහෝවිට එම විශ්ලේෂණ ජාත්‍යන්තර, ජාතික හා ප්‍රජා මට්ටම් වල ක්‍රියාත්මක වන බහුවිධ මාධ්‍යය පසුබිමක තරඟකාරී මාධ්‍යය හා ග්‍රාහක සමාජය අර්ථය පහදා ගැනීමේ නිරන්තර ක්‍රියාමාරගයක ප්‍රතිවර්තීය ලෙස නිරත වන බව සලකමින් සිදුකල ඒවා නොවේ. ජන සංනිවේදන විෂය තුල ජනමාධ්‍ය කරුවා සතු වෘත්තිය භූමිකාව ගැන එතරම් සැලකිල්ලක් නැත. එබැවින් වෘත්තිය ප්‍රජාවේ බලපෑම, සිය ආයතනික ආස්ථානයන් හා ජනමාධ්‍ය කරුවන් ගේ වෘත්තිය සද්ගුණයන් අතර ඇතිවන ආතතිය වැනි දෑ ජන සංනිවේදන විෂය විමසිය යුතු බැරෑරුම් කරුණු ලෙස නොසැලකීය. සරල ලෙස කිවහොත් මරණිය තර්ජන හමුවේ උවද වෘත්තිය ජනමාධ්‍ය කරුවන් සිය ගවේෂණ කටයුතු කිරීමට පෙළඹෙන්නේ මන්ද වැනි ප්‍රශ්ණ ජන සංනිවේදන විෂයේ ප්‍රස්තුතයෙන් පරිබාහිරය. ජන සංනිවෙදන විෂය හෝ මාධ්‍ය අධ්‍යනය විෂය හෝ එබැවින් මාධ්‍ය සාක්ෂරතාවයට ආදේශකයක් නොවේ. අනෙක් අතට මාධ්‍ය අධ්‍යයනය වැනි විෂයක් හැදෑරිමට අවශ්‍යවන සංකීර්ණ දැනුම හා කාලය මාධ්‍ය සාක්ෂරතාවය වගා කරගන්නෙකුට අවශ්‍ය නැත. මන්ද මාධ්‍ය සාක්ෂරතාවය සරල බහුජන අධ්‍යාපනයකි. එහි පදනම ජනමාධ්‍ය හැසිරීම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණයේ 19 වන වගන්තිය වන “තම නිදහස් මතය දැරීමට හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුටම අයිකිය ඇත. අනුන්ගේ බාධාවකින් තොරව තම මත දැරීමටත් දේශ සිමා නොසලකා කවර මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබීමට හා දීමට ඇති අයිතියද ඊට ඇතුලත්ය“ යන්නෙන් සහතික කොට ඇති හිමිකම ජනමාධ්‍ය හරහාද ක්‍රියාත්මක විය යුකුය යන සංකල්පයයි. මේ නිසා සමාජයක ජන මාධ්‍ය මගින් ඉටුවෙතැයි බලාපොරොත්තුවන කාර්ය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇතිකර ගැනීම මාධ්‍ය සාක්ෂරතාවය සඳහා අත්‍යවශ්‍යය.
ජන මාධ්‍ය උන්නතිය පිළිබද දර්ශක[3] හඳුන්වා දෙමින් යුනෙස්කෝව 2008 දි නිකුත් කල ප්‍රකාශණයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජන මාධ්‍ය ඉටුකරන බහුවිධ කාර්යයන් මනාව සාරාංශ කොට දක්වා තිබේ.
ඒ අනුව ජන මාධ්‍ය යනු :
- පුරවැසියන් එකිනෙකා හා සංනිවේදනය කිරීමට සලසන අධ්‍යාපනය හා තොරතුරු ගෙනෙන නාලිකාවෝය;
- තොරතුරු, විත්ති හා සංකල්ප බෙදා හරින්නෝය;
- පාලිතයන් හා පාලකයන් අතරද නොයෙකුත් තරඟකාරකයන් අතරද තොරතුරු හුවමාරුව පිළිබදව ස්වභාවිකව ඇතිවෙන අසමමිතිය නිවැරදි කරන්නෝය;
- මතභේදයන් ප්‍රජාත්‍රාන්ත්‍රික ලෙස විසඳා ගැනීම දිරිමත් කරමින් නානාප්‍රකාර සමාජ ක්‍රියාකාරකයන් අතර දැනුමැති සංවාදයකට ඉඩපහසුකම් සලසන්නෝය;
- ජනසමාජයට ජනසමාජය ගැන හැදෑරීමට ඉඩසලසන්නාවූද, එකම ප්‍රජා සමූහයක්ය යන හැඟීම වඩවන්නාවුද, සමාජ සදාචාරය හා සමාජ වටිනාකම් පිළිබඳ අවබෝධය හැඩ ගස්වන්නාවුද මාර්ගයෝය;
- ජාතීන් තුල සහ ජාතීන් අතර සංස්කෘතික ප්‍රකාශණය සහ සංස්කෘතික සමග්‍රහණය සඳහා වාහකයෝය;
- රාජ්‍යෙය් පාරදෘශ්‍යභාවය ප්‍රවර්ධනය කරමින්, දූෂණය, අයථා පාලනය හා සංස්ථාපිත වැරදි අනාවරණය කිරීම මගින් බලධරයන් පිලිබඳ ජන සන්නිරීක්ෂණය අදීන ලෙස ඉටුකරමින් මහජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ හැම ක්‍රියාකලාපයයක්ම හැම මට්ටමකදීම නිරීකෂණයට භාජනය කරන්නෝය;
- ආර්ථික සංවර්ධනයේ මෙවලම් වන්නෝය;
- ප්‍රජාත්‍රාන්තීය ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය සංම්බන්ධීකරණය හා මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම සහතික කරන්නෝය;
- බහුවිධ සද්ගුණයන් ගරුකරමින්ම සිය අභිමතය පරිදි සමාජ ක්‍රියාකාරකයන් වශයෙන් කටයුතු කරන්නෝය.
ජන මාධ්‍යෙය් ඉහත කී බහුවිධ කාර්යන් විස්තර කිරීමට මාධ්‍ය සාක්ෂරතාවය ඇති ඇත්තන්ගේ එක් හැකියාවක් විය යුතුය. එහෙත් ඉහත සඳහන් කාර්යන් ජනමාධ්‍ය මගින් නිසි ලෙස ඉටු වීමට නම් ඒ සඳහා අවශ්‍යය කෙරෙන මූලික සාධක සමාජයක තිබිය යුතුය. ඒ සාධක මොනවාදැයි විස්තර කිරීමටද මාධ්‍ය සාක්ෂරතාවය ඇති අයට හැකිවිය යුතුය. මේ සාධක අතර මුල් තැනක් ගන්නේ රටක නෛතික රාමුව කෙතෙක් දුරට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා තොරතුරු ලබා ගැනීම හා බෙදා හැරීම දිරිමත් කරන ආකාරයට සැකසී ඇද්ද, මාධ්‍ය කෙෂත්‍රෙය් බහුවිධ අයිතින් හා විවධත්වය තහවුරු කරන සේ ප්‍රතිපත්ති සැකසී ඇද්ද හා ඒවා ජනමාධ්‍ය උන්නතිය දිරිගන්වමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේද වැනි කරුනුය. ජන මාධ්‍ය කරුවන්ගේ කාර්ය පහසු කරන විධිවිධාන හා හා ඔහුන්ගේ ආරක්ෂාවද එම සාධකයට අයත්ය. මාධ්‍ය සාක්ෂරතාවයේ ඊ ලඟ වැදගත් සාධකය බහුවිධ ජන මාධ්‍ය වතාවරණයක් යනු කුමක්ද, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ මෙනෙවාද යන්න විස්තර කිරීමට ඇති හැකියාවයි. මෙහිදී ජන මාධ්‍ය වාතාවරණය යන්නේන් අදහස් වන්නේ සමස්තයක් වශයෙන් ජනමාධ්‍ය කෙෂත්‍රෙය්ද එක් එක් ජනමාධ්‍යයක් සේවාවද ගත් විට වාර්තාකරණය කෙතෙක් පුළුල් පරාසයක් අනුගමනය කරන්නේද, මාධ්‍ය අයිතියේ ඒකාධිකාරයන් බිහිවීම වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද, විද්යුත් මාධ්‍ය නියාමනය පිලිබඳ විධි විධාන මහජන, පෞද්ගලික හා ප්‍රජා ඈ වශයෙන් විද්‍ය්යුත් මාධ්‍යෙය් බහුවිධත්වය සඳහා දායක වන අයුරින් සැකසී තිබෙන්නේද, රාජ්‍ය අරමුදලින නඩත්තුවන මාධ්‍යන්ගේ සංලේඛ්‍ය වගකීම හා සේවාව අපක්ෂපාතව හා මහජන සේවාව මුල්කොට පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන කවරේද වැනි කරුණුය.
මාධ්‍ය සාක්ෂරතාවයේ තවත් වැදගත් මාණයක් විය යුතුතේ ජනමාධ්‍ය කරුවාගේ කාර්ය භාරය පිළිබඳ මූලික අවබෝධයයි. පුවත්කලාව යනු සත්‍යක්වේෂණය හෙවත් ඇත්ත නැත්ත සොයා තහවුරු කිරීමේ ශික්ෂණය බව පුවත් කලාවේ මූලිකාංග ගැන කදිම පොතක් ලියමින් බිල් කොවැක් හා ටොම් රොසෙන්තාල් විස්තර කලේය. ජන මාධ්‍ය කරුවන්ගේ මේ අතිශයින් වැදගත් ගවේෂණ කාර්යයෙන් තොරව ඇත්ත නැත්ත සොයා දැන ගැනීම පුරවැසියන්ට ස්වෝත්සාහයෙන් කල හැකි කාර්යක් නොවේ. මේ කාර්යබාරය නිසි ලෙස ඉටු කිරීම සඳහා ජන සමාජය ජන මාධ්‍ය කරුවන්ට තොරතුරු ප්‍රභවයන් එලිදරව් නොකිරීමේ අයිතිය, සිදුවීම් ආවරණය කිරීම සඳහා ඇතුල්වීමේ අයිතිය, මහජනයා නියෝජනය කරමින් අවශ්‍ය බලධරයන්ගෙන් හාර හාරා විමසීමේ අයිතිය වැනි අන් අයට නැති වරප්‍රසාද ලබාදීමට එකඟව සිටිති. මේ අයිතීන් ජන මාධය කරුවන්ට පිරිනමා ඇත්තේ කුමන හේතූන් නිසාදැයි මාධ්‍ය සාක්ෂර තාවය ඇති අයෙකුට විස්තර කිරීමට හැකිවිය යුතුය.
ජනමාධ්‍ය කරුවා තමා විසින් ගවේශණය කර දැනගත් තොරතුරුවල ඇත්ත නැත්ත ගැන වගකියන්නේ සිය පාඨකයාට හෝ ශ්‍රාවකයාට පමනි. එම කටයුත්ත හැකිතරම් ප්‍රශස්ත ලෙස කර තිබේදැයි ජනමාධ්‍ය වාර්තාකරණයේ අන්තර්ගතය විමසීමෙන් තක්සේරු කිරීමට අවශ්‍ය මූලික දැනුම මාධ්‍ය සාක්ෂරතාවයට අයත් විය යුතුය. මෙහිදී තතු (Facts) සහ මත (Opinion) එකිනෙකින් වෙනස් කොට වටහා ගත හැකිසේ විෂයබද්ධ ලෙස වාර්තාකරණය සිදුවී තිබේද, වාර්තාකරණය පිණිස අවශ්‍ය කාලය හා අවකාශය පිළිබඳ සීමාවන්ට යටත්ව සියළු වැදගත් පැතිකඩ සාධාරණ ලෙස සලකා බලා තිබේද, අන්තර්ගත කරුණුවල (විශේෂයෙන්ම සැකමුසු කරුණු) මුලාශ්‍රයන් හඳුනා ගැනීමට හැකිවන පරිදි වාර්තාකරණය සිදුවී තිබේද, ඇතැම් වැදගත් දෘෂ්ටි කොණයන් හා නියෝජනයන් වාර්තාකරණයේදී හිතා මතා නොසලකා හැර තිබේද වැනි කරුනු විමසීමට අවශ්‍ය විචාර බුද්ධියද මාධ්‍ය සාක්ෂරතාවයට අයත්ය. මෙම දැනුම ප්‍රායෝගික මට්ටමේදී ලබා ගැනීමටහැකි හොඳම ක්‍රමය සුදසු නියැදියකින් තෝරාගත් පුවත් වාර්තා ඉහත දැක්වු දැක්වු කරුණු අනුව විවේචනාත්මකව විමසීමයි. සුවිශේෂ වශයෙන් සැලකුවහොත් වාර්තාකරණය පිළිබඳ මෙම විමසීම පුවත් සාක්ෂරතාවය (news literacy) වශයෙන් සැලකිය හැකිය. විමසුමට ලක්වන වාර්තාකරණය මගින් සිදුවන්නේ කලින් සඳහන් කල ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජන මාධ්‍ය විසින් ඉටු කරන කාර්ය ලයිස්තුව අතරින් කිනම් කාර්යන්ද යන්න විමසා බැලීමද ප්‍රෙයා්ජන වත්ය.
මාධ්‍ය සාක්ෂරතාවයේ අනෙක් වැදගත් පැතිකඩ ජනමාධය කරුවන් අනුදත් ආචාර ධර්ම පද්ධතිය හා එහි සඳහන් එක් එක් ආචාර ධර්මයක් මගින් ඉටු කෙරෙන කටයුත්ත පිළිබද මාධ්‍ය පරිශිලනය කරන්නන් වශයෙන් ඇතිකරගත යුතු මුලික දැනුමයි. මේ දැනුමද ජනමාධ්‍ය අන්තර්ගතය විමසීමේදි ඉතා වැදගත් වේ. බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත ජනමාධ්‍ය කරුවන්ගේ සංගමය සිය සාමාජිකයන් සඳහා අනුදත් ආචාර ධර්ම පිලළිබද උදාහරණයක් පහත උපුටා දැක්වේ .
- හැම විටකදීම මාධ්‍ය නිදහස, භාෂණයේ නිදහස සහ තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය වෙනුවෙන් ක්‍රියාශිලීව පෙනී සිටීම;
- බෙදා හැරිම සඳහා සැකසෙන තොරතුරු නිරවද්‍ය ලෙස, සාධාරණව හා අවංකව ඉදිරිපත් කිරීමට කැපවීම;
- සියතින් සිදුවූ හානිදායක ප්‍රමාද දෝෂයන් නොවලහා නිවැරදි කිරීමට කටයුකු කිරීම;
- තතු හා මත එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීමට හැකිවන ලෙස ක්‍රියා කිරීම;
- මහජන හිතසුව පිණිස අත්‍යාවශ්‍යයයැයි හැඟෙන කිසිසේත්ම නොතකා හැරිය නොහැකි තොරතුරක් සෘජු ලෙස ලබා ගැනිම අසීරු අවස්ථාවකදී හැර අනෙක් හැම විටකදීම අවශ්‍ය තොරතුරු අවංක, සෘජු හා විවෘත මාර්ගයන්ගෙන් ලබා ගැනීමට කටයුතු කෙරීම;
- මහජන හිතසුව පිණිස කිසිසේතම නොතකා හැරිය නොහැකි අවස්ථාවකදී හැර කෙනෙකුගේ පුද්ගලික ජීවිතය, ශොකය හෝ විපත අනිසි ලෙස උපයෝගී කර නොගැනීම;
- රහස්‍යබාවය ආරක්ෂා කිරීමේ කොන්දේසිය මත තමන්ට තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙලි නොකිරීම හා ඔහුන් සැපයු තොරතුරු අනන්‍යතාවය හෙලිවන පරිදි පාවිච්චි නොකෙරීම;
- තමන් විසින් සැපයීමට බලාපොරොත්තුවන තොරතුරු වසං කිරීම, විකෘත කිරීම හා පාලනය කිරීම සඳහා දරන ඕනෑම ආකාරයක ප්‍රයත්නයකට එරෙහිවීම සහ සපයන තොරතුරු තම මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට පෙර ඒ තොරතුරු රැස් කිරීම මත පෞද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීමට තැත් නොකෙරීම;
- පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය, ජාතිය, වර්ණය, කුලය, අංගවිකල භාවය, නීතික තත්වය, වෛවාහිකභාවය හා ලිංගික දිශානතිය නිසා වෛරය හා අවමානය මතු කිරීමට තුඩු දෙන කිසිදු කටයුත්තක් නොකිරීම;
- තමාගේම හෝ තම මාධ්‍යය ආයතනය මගින් පල කල කෘතියක් ප්‍රචාරය කිරීමකදී හැරෙන විට සිය කටහඬ හෝ රූපකාය උපයෝගි කර ගැනීමට ඉඩදීමෙන් හෝ ප්‍රකාශයක් හෝ ප්‍රචාරයක් කිරීම මගින් හෝ කිසිදු වෙළඳ භාන්ඩයකට හෝ වානිජ සේවාවකට අනුග්‍රහය නොදැක්වීම;
- සාමාන්‍ය තත්වයන් යටතේ කිසියම් ලමයෙකුගේ සුභ සාධනය අරමුණු කොට ඒ ලමයාගෙන් තොරතුරු විමසීමේදී හා ඡායාරෑප ගැනීමේදී සුදුසු වැඩිහිටියෙකුගේ අනුදැනුම ලබා ගැනීම;
- අන්‍යයන් විසින් සැකසූ තොරතුරු සොරකම් කොට තම නමින් පල කිරීමෙන් වැලකීම.;
අනෙක් හැම වෘත්තිය අචාරධර්මයක්ම එම වෘත්තියේ නියැලි අයගේ එකඟත්වයෙන් සැකසී ඇති සේම ජනමාධ්‍ය අචාරධර්මද ජනමාධ්‍ය කරුවන් විසින් අනුදත් ඒවා විය යුතුය.
සිය අචාරධර්ම පිලිපැදීම සහතික කිරීම සඳහා ජනමාධ්‍ය කරුවන්ගේ දායකත්වයෙන් පිහිටුවා ඇති ස්වයං නියාමන පිලිවෙත් ගැන දැනුවත්වීමද මාධ්‍ය සාක්ෂරතාවයේම කොටසකි. ජනමාධ්‍ය ආයතන තුල ස්වයං නියාමනය බොහෝ කොට ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යකරැවන් විසින් කරනු ලබන අතර හා ජනමාධ්‍යකරුවන්ගේ සංවිධාන විසින් පුවත් පැමිණිලි කොමිසම, විසඳුම් කරුවන්පත් කිරීම වැනි ක්‍රියා මාර්ගද ගනු ලැබේ. ඇතැම් රටෙක බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන් හා ජනමාධයකරුවන එක්ව නෛතිකව පිහිටවු ස්වධීන ආයතන මගින්ද මෙය ඉ ටුවේ . එයට හොද උදාහරණයකි ජනමාධ්‍යෙය් නිදහස හා මහජනසේවා දිශානතිය රැකීම පරමාර්ථය පිහිටුවා ඇති ඉන්දුනීසියනු පුවත්පත් මන්ඩලය. අවසාන විග්‍රහයේදී ජනමාධ්‍ය කලාව ජනමාධ්‍යකරුවාගේ සදාචාරය නිරෑපණය කළයුතු අතර ජන මාධ්‍ය හැසිරීමේ දිශානතිය මහජන සේවාව විය යුතුය.
මාධ්‍ය සාක්ෂරතාවයේ අනෙකුත් කුසලතාවයන් අතරට මාධ්‍ය සමග කටයුතු කිරීමට අවශ්‍ය මූලික දැනුමද මාධ්‍ය පරිශීලනය කරන්නෙකු වශයෙන් වාර්තාකරණයට දායක වීමේ දැනුමද වෙයි. කලින් සඳහන් කල පරිදි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මාධ්‍ය මගින් ඉටුකෙරෙන කාර්ය සහ එ් සඳහා අවශ්‍ය වාතාවරණය පිලීබඳ දැනුම, මාධ්‍ය වාර්තා විචාරශීලි ලෙස විමසීමෙන් වගාකරගත් දැනුම හා මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ දැනුම මාධ්‍ය හා කටයුතු කිරිමේ හා වාරතාකරණයට දායක වීමට අවශ්‍ය දැනුමේම කොටසකි. අනතර් ජාලය, ජායාරූප ගැනීම හා වීඩියෝ කිරීමෙද පහසුකම් ඇති ජංගම දුරකථන බහුලවිම වැනි තාක්ෂණික සම්පත් නිසා මාද්‍ය පරිශිලනය කරන්නන්ට ජනමාධ්‍යකරණයට දායකවීමේ පහසුකම පෙරට වඩා බෙහෙවින් වැඩිය. දැනටමත් බොහෝ විද්්‍යුතු මාධ්‍යය ආයතන ග්‍රාහකයන්ගේ වාර්තාංග අවශ්‍ය සංලේඛ්‍ය වගකීමේ පදනම මත තම වාර්තාකරණයේදී යොදා ගනිති.
මාධ්‍ය සාක්ෂරතාවය ජන මාධ්‍ය උන්නතියට දායක වන්නේ එය බහුජන අධ්‍යාපනයක් වු විට පමනි. බහුජන අධ්‍යාපනයක් වීමට නම් එය බොහෝ කොට මාධ්‍ය හරහාද, ගුරැභවතුන් හා පෘතුල ලෙස පැතිරුනු සමාජ සංවිධාන හරහාද සිදුවිය යුතුය. මාධ්‍ය සාක්ෂරතාවය වැඩීම ප්‍රතිපත්තියක් ළුශයෙන් පිලිගැනීමට ඒ පිළිබඳ දේශපාලන පංතිය තුලද ක්‍රියාශීලී කතිකාවක් ඇතිවිය යුතුය. අනෙක් වැදගත් කරුණ මාධය සාක්ෂරතාවයට අයත් යටකී කුසලතාවයන් බහුජනතාව තුල ඇති කිරිමේ කල යුත්තේ කෙටි කාලීන අධ්‍යයන වැඩසටහන් තුලින් වීමයි. සතියක් ඇතුලත යහපත් මට්ටමේ මාධ්‍ය සාක්ෂරතාවයක් ඇති කරගැනීම ජන මාධ්‍ය පරිහිලනය කරන්නෙකුට අසීරු නොවේ.
හොඳ මාධ්‍ය සාක්ෂරතාවයකින් යුතු සමාජයකට ජනමාධ්‍ය නිදහස සාක්ෂා කරදීමටත් මහජන සේවා දිශානතියට අනුව වඩා ප්‍රශස්ත වෘත්තිය සේවාවක් සැපයීමට ජනමාධ්‍යයට බලකිරීමත් කල හැකිය.
[1] Media and Information Literacy – Curriculum for Teachers (UNESCO, Paris – 2011) p.18
[3] Media Development Indicators ( UNESCO. Paris, 2008)