අයිතීන් පාදක සංවර්ධන මොඩලයක් කරා

 කලක් කොෆී ආනන් යටතේ අයිතීන් පාදක සංවර්ධනයක් කරා යන සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් අතර ප්‍රවර්ධනය වෙමින් තිබ්ණ් නමුත් බලගතු සාමාජික රටවල් මෙන්ම අයිතිවාසික්ම නුරුස්සන දේශපාලන නායකත්ව වලින් යුත් රටවල් ද එම අදහස ලත් තැනම ලොප් කර දැමීය. එම සාක්ච්ඡාව නැවත ඉස්මතු කිරීමට කාලය පැමිණ තිබේ.

අයිතීන් පාදක සංවර්ධනයක් කරා – Towards Rights based approach to Development සිවිල්, දේශපාලන, ආර්ථික, සමාජයීය හා සාංස්කෘතික ක්ෂේත්‍ර වලට අයත් මූලික අයිතිවාසිකම් 30ක් අප සියල්ලන්ටම එක සමානව අයත්ය. රජය හා සමාජයේ වගකීම එකී අයිතීන් සියළු වැසියන්ට පරිපූර්ණ ලෙස භුක්තිවිදීමට අවශ්‍ය ප්‍රතිපත්ති  සම්පාදනය කිරීම, ක්‍රියාවේ යෙදවීම සහ ඒ සඳහා අවශ්‍යවන ආයතන ක්‍රමය බිහිකොට සඵල දායක ලෙස පවත්වාගෙන යාමයි.   මේ අනුව සංවර්ධනය යනු මෙකී අයිතිවාසිකම් භුක්ති විඳීමට රටවැසියන් සවිබල ගැන්වීම හා අයිතිවාසිකම් පරිපූර්ණව ඉටුකරදීමට දීමට අවශ්‍යවන රාජ්‍ය හා සමාජයීය ශඛ්‍යතාවය ගොඩනැගීම හා කාර්යක්ෂම කිරීමයි.    
සියළු මිනිස්සු නිදහස්ව උපත ලබා ඇත්තෝය. අභිමානයෙන් හා අයිතිවාසිකම්වලින් එක සමාන වන්නෝය. යුතු අයුතු කම් පිළිබඳ හැඟීමෙන් හා හෘදය සාක්ෂියෙන් සම්පන්න වූවෝය. මිනිස්සු එකිනෙකාට සැලැකිය යුත්තේ සහෝදරජීව ගුණයෙනි. (මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය)
අංක Articleඅයිතීන්ලාංකේය රාජ්‍ය හා සමාජ ව්‍යුහය තුළ මේ අයිතීන් පරිපූර්ණව සාක්ෂාත් කරගැනීමට ඇති බාධා මොනවාද? විසඳුම්
1මෙම ප්‍රකාශනයේ හුවා දක්වා ඇති සියළුම අයිතීන් ජාති, වර්ණ, ලිංග භේදය, භාෂාව, ආගම, දේශපාලන හෝ අනෙකුත් මති මතාන්තර, ජාතිකත්වය හා සමාජ ප්‍රභවය, දේපළ අයිතිය, උත්පත්තිය හෝ විවිධ තරාතිරම් ආදි කවර අන්දමක හෝ විශේෂත්වයකින් තොරව සෑම පුද්ගලයෙකුටම සමානව උරුම වන්නේය. Right to Equality  
2තිසිවෙකු අඩු සැලකිලිවලට ලක් නොවිය යුතුය. Freedom from Discrimination  
3සෑම පුද්ගලයෙකුටම සිය ජීවිතයට, නිදහසට හා ජීවිතාරක්ෂාවට අයිතිය ඇත්තේය. Right to Life, Liberty, Personal Security  
4කිසිම පුද්ගලයෙකු වහල් හෝ දාස බන්ධනයේ තබා නොගත යුතුය. සෑම ආකාරයකම වහල්කම සහ වහල් වෙළඳාම තහනම් වන්නේය. Freedom from Slavery  
5කිසිම පුද්ගලයෙකු වධ හිංසාවට, කෲර, අමානුෂික හෝ අවමානශීලි දඬුවමකට භාජනය නොකළ යුත්තේය. Freedom from Torture and Degrading Treatment  
6හැම විටම නීතිය ඉදිරියේ පුද්ගලයෙකු වශයෙන් පිළිගත යුතුය. Right to Recognition as a Person before the Law  
7නීතිය ඉදිරියේ සියල්ලෝම එක සමාන වන අතර කිසිදු අඩුසැලකිල්ලකින් තොරව නීතියේ ආරක්ෂාව ලැබීමට සියළුදෙනාටම හිමිකම ඇත්තේය.  අයිතිවාසිකම් වලට පටහැනිවන ඕනෑම අසාධාරණයකින් මෙන්ම එවැනි අසාධාරණයන්ට පෙළඹවීමට එරෙහිව ආරක්ෂාවීමටත් සියළුදෙනාටම අයිතිය ඇත්තේය. Right to Equality before the Law  
8ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමකදී උචිත ජාතික අධිකරණයක් මගින් ඵලදායී ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම සෑම පුද්ගලයෙකුම සතුවේ. Right to Remedy by Competent Tribunal  
9කිසිවෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හෝ පිටුවහල් කිරීමට ලක් නොවිය යුතුය. Freedom from Arbitrary Arrest and Exile  
10තම අයිතිවාසිකම් සහ බැඳීම් සම්බන්ධව හෝ තමන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා පිළිබඳ ව ස්වාධීන හා අපක්ෂපාත විනිශ්චයකට සාධාරණ ලෙස හා වීවෘතව පාත්‍රවීමේ අයිතිය හැම පුද්ගලයෙකුටම සර්ව සමව හිමිය.  Right to Fair Public Hearing  
11දණ්ඩණීය වරදකට චෝදනා ලැබ සිටින සෑම පුදගලයෙකුටම තම නිදහසට කරුණු දක්වා සිටීම සඳහා උචිත සියළු අවශ්‍යතා සැලසිය හැකි ප්‍රසිද්ධ නඩු විභාගයකදී නීතියට අනුව වරදකරුවෙකු යැයි ඔප්පුවන තෙක්ම නිර්දෝෂියෙකු ලෙස සැලකුම් ලැබීමේ අයිතිය ඇත්තේය.  Right to be Considered Innocent until Proven Guilty  
12සිය පෞද්ගලිකත්වය, පවුල, වාසස්ථානය හා ලිපිගණුදනු සම්බන්ධයෙන් කිසිදු අත්තනෝමතික ඇඟිලි ගැසීමකට භාජනය නොවීමටත් තම ගෞරවය හා කීර්තිය කෙලෙසන ප්‍රහාරයකට පාත්‍ර නොවී සිටීමටත් සියල්ලන්ටම අයිතිය ඇත්තේය. එබඳු ඇගිලි ගැසීම්වලට හා ප්‍රහාරයන්ට එරෙහිව නීතියේ රැකවරණය ලැබීමේ අයිතිය සැම පුද්ගලයෙකුම සතුය. Freedom from Interference with Privacy, Family, Home and Correspondence  
13තම රටේ දේශ සීමාව ඇතුළත නිදහසේ ගමනාගමනය කිරීමටත් පදිංචිවීමටත් සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය. ස්වකීය රටද ඇතුළුව ඕනෑම රටකින් නික්මයාමටත් තම රටට ආපසු පැමිණිමටත් සෑම පුද්ගලයෙකුටම හිමිකම ඇත්තේය. Right to Free Movement in and out of the Country  
14තමන් හඹා එන පරිපීඩනයෙන් මිදීම පිණිස විදෙස් රටක අභයාරක්ෂාව පැතීමටත් භුක්ති විඳිමටත් සෑම පුද්ගලයෙකුටම හිමිකම ඇත්තේය. (එහෙත් නිර්දේශපාලනිකයැයි  නිසැකව සැලකිය හැකි අපරාධ හෝ එක්සත් ජාතීන්ගේ අරමුණුවලට පටහැනි ක්‍රියාවන් නිසා පැණ නගින චෝදනාවන්ගෙන් ගැලවීම සඳහා මේ අයිතිය උපයෝගී නොවේ.) Right to Asylum in other Countries from Persecution  
15සෑම පුද්ගලයෙකුටම ජාතිකත්වයකට හිමිකම ඇත. කිසිම පුද්ගලයෙකු සතු ජාතිකත්වය අත්තනෝමතික ලෙස අහෝසි නොකළයුතු අතර සිය ජාතිකත්වය වෙනස් කිරීමට ඔහුට ඇති අයිතිය පැහැර නොගත යුතුය. Right to a Nationality and the Freedom to Change It  
16ජාතිය, ජාතිකත්වය හෝ ආගම ආදි හේතු කොටගත් කිසිදු සීමාවකින් තොරව විවාහ වී පවුලක් ඇති කිරීමේ අයිතිය පූර්ණ වියට පත් සියළු ස්ත්‍රී පුරුෂයන්ට ඇත්තේය. විවාහයකට ඇතුළත් කළ යුත්තේ එසේ ඇතුළත් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ සම්පූර්ණ හා නිදහස් කැමැත්ත පිට පමණි. සමාජයක ස්වභාවික හා මූලික සමූහ ඒකකය පවුල වන අතර එය සමාජයේ හා රාජ්‍යයේ රැකවරණය ලැබිය යුතුය. Right to Marriage and Family  
17තනිව මෙන්ම හවුලේද දේපළ හිමිකම සඳහා සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය. Right to Own Property  
18චින්තනයට, හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමට හා ආගම ඇදහීමට ඇති නිදහස සෑම පුද්ගලයෙකුම සතු අයිතියකි. සිය ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමට කෙනෙකුට ඇති නිදහසද, තනිව හෝ අන් අය සමග සාමූහිකව, ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව තම ඇදහීම් හා ආගම ඉගැන්වීමේ, පිළිපැදීමේ, වන්දනා කිරීමේ හා අනුගමනය කිරීමේ නිදහසද එයට ඇතුළත්ය. Freedom of Belief and Religion  
19ස්වමතය දැරීම හා ප්‍රකාශ කිරීමේ නිදහස සෑම පුද්ගලයෙකු සතු අයිතියකි. බාධාවකින් තොරව සිය මතය දැරීමට ඇති නිදහසත්, දේශසීමා නොතකා ඕනෑම මාධ්‍යයකින් තොරතුරු සොයාගැනීම, ලබා ගැනීම හා බෙදා හැරීමට ඇති නිදහසත් මේ අයිතියට ඇතුළත්ය. Freedom of Opinion and Information    
20සාමකාමීව එක්රැස්වීමටත් සමිති සමාගම් පැවැත්වීමටත් ඇති නිදහස සෑම කෙනෙකුගේම අයිතියකි. කිසිවෙකුට කිසියම්ම සම්ති සමාගමකට බැඳීමට බල නොකළ යුතුය Right of Peaceful Assembly and Association  
21සෘජු ලෙස හෝ නිදහස්ව තෝරාගනු ලබන නියෝජිතයන් මගින් හෝ තම රටේ ආණ්ඩු කිරීමේ කටයුතු සඳහා සහභාගිවීමට සෑම කෙනෙකුටම අයිතිය ඇත්තේය. සිය රටේ මහජන සේවාවන්ට ප්‍රවේශවීමේ සර්ව සම අයිතිය සෑම කෙනෙකුටම ඇත්තේය. ආණ්ඩුවේ අධිකාරී බලයට පදනම වන්නේ ජනතාවගේ කැමැත්තයි. මේ කැමැත්ත ප්‍රකාශකළ යුත්තේ සර්වජන ජන්ද බලය අනුව රහස් ජන්දයකින් හෝ ඒ සමාන ස්වාධීන ජන්ද විමසීම් පටිපාටියක් අනුගමනය කරමින් වාරානුකුලව පැවැත්වෙන අව්‍යාජ මැතිවරණ තුළිනි. Right to Participate in Government and in Free Elections  
22සමාජයේ සාමාජිකයෙකු වශයෙන් සෑම කෙනෙකුටම සමාජ ආරක්ෂාව සඳහා අයිතිය තිබේ. ඒ අනුව සිය අභිමානයේ හා  ස්වීයත්වයේ ස්වාධීන ප්‍රවර්ධනය පිණිස අත්‍යවශ්‍ය ආර්ථික, සාමාජයීය හා සාංස්කෘතික අයිතීන් සාක්ෂාත් කර ගැනීමේ නිදහස ජාතික ප්‍රයත්න හා අන්තර්ජාතික සහයොගය මත  මෙන්ම ඒ ඒ රාජ්‍යයේ සම්පත් හා සංවිධානයට අනුකූලව සියල්ලන්ටම හිමිය. Right to Social Security  
23වැඩ කිරීමේ අයිතියත්, තම රැකියාව තෝරාගැනීමේ නිදහසත්, සාධාරණ හා සතුටුදායක රැකියා කොන්දේසි සඳහා ඇති අයිතියත් සහ විරැකියාවෙන් ආරක්ෂා වීමේ අයිතියත් සෑම කෙනෙකුටම හිමිවේ. කිසිදු ආකාරයක අඩුසැලකිල්ලකට ලක් විමෙන් තොරව සමාන වැඩට සමාන වැටුප් ලැබීමේ අයිතිය සෑම කෙනෙකුටම හිමිවේ. අවශ්‍යය නම් අනෙකුත්  සමාජ ආරක්ෂණ විධි විධාන මගින් ප්‍රදානය කරන පරිපුරකයන්ද සහිතව වැඩ කරන සෑම අයෙකුටම තමාගේ හා තම පවුලේ මානව අභිමානයට සරිලන පරිදි සාධාරණ හා සතුටුදායක වේතනයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේය. තම අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සඳහා වෘත්තිය සමිති පිහිටු වීමටත් වෘත්තීය සමීතියකට බැඳීමටත් සෑම අයෙකුටම අයිතිය ඇත්තේය. Right to Desirable Work and to Join Trade Unions  
24වැඩකළයුතු පැය ගණන පිළිබඳ සාධාරණ සීමාවක්ද වැටුප් සහිතව කලින් කලට ලැබෙන නිවාඩු දියන්ද සහිතව විවේකය හා නිවාඩු ගැනීම සෑම කෙනෙකුගේම අයිතියකි. Right to Rest and Leisure  
Article 25තමාගේ හා තම පවුලේ සෞඛ්‍යය හා සුභසාධනය සඳහා ප්‍ර‍මාණවත් වන පරිදි ආහාර, ඇඳුම්, නිවාස, වෛද්‍ය සේවාව හා අවශ්‍ය සමාජ සේවාවන්ගෙන් සමන්විත ජීවන තත්වයක් භුක්තිවීඳීමට සියල්ලන්ටම හිමිකම ඇති අතර විරැකියාව, රෝගාබාධ, වැන්දඹුවීම, මහළුවීම හා ඒ හා සමානවූ තම පාලනයෙන් තොර ආපදාවක් සිදුවූවිටකදී රැකවරණය ලැබීමටත් සියළු දෙනාටම හිමිකම ඇත්තේය. මාතෘභාවය හා ළදරුභාවය විශේෂ උපකාරයට හා සාත්තුවට උරුමවූ තත්වයෝය. සුජාතක හෝ අවජාතක බව නොසලකා, සමාජ ආරක්ෂාව එක සමානව භුක්ති විඳීම සියළු ම දරුවන්ට හිමිය. Right to Adequate Living Standard  
Article 26අධ්‍යාපනය ලබාගැනීමට සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය. අවම වශයෙන් ප්‍රාථමික හා මූලික අධ්‍යාපනය නොමිලේ ලබා ගැනීමට හැකිවිය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතුවේ. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව පොදුවේ සැලසිය යුතු වන අතර ඒ හා සමානව, දක්ෂතාවය පදනම් කොටගෙන උසස් අධයාපනයට ප්‍රවේශවිමේ අවස්ථාවද සියල්ලන්ටම සැලැසිය යුත්තේය.  මනුෂ්‍යාගේ ස්වීයත්වය පරිපූර්ණ කරගැනීමත් මානව අයිතිවාසිකම්  හා මූලික නිදහසට ගරුකිරීම ප්‍ර‍වර්ධනය කිරීමත් අරමුණු කොට අධ්‍යාපනය යොමු කරවියයුතුය. සියළු ජාතිකත්වයන්, ජාති හා ආගමික කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය, රිස්සීම හා මිත්‍ර‍්‍ර‍ත්වය වර්ධනය කිරීමටත් සාමය පවත්වාගෙන යාම උදෙසා එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීකම් තවදුරට කරගෙන යාමටත් අධ්‍යාපනයෙන් අනුබලය දිය යුත්තේය.  සිය දරුවන්ට දියයුතු අධ්‍යාපනයේ ස්වභාවය තීරණය කිරීමේ ප්‍ර‍මුඛ අයිතිය දෙමව්පියන් සතුය. Right to Education  
Article 27ප්‍ර‍ජා සමූහයේ සංස්කෘතික ජීවිතයට නිදහස්ව සහභාගිවීමටත්, කලාව රසවිඳීමටත්, විද්‍යා දියුණුව හා එහි ප්‍ර‍තිඵලවල කොටස් කරුවන් වීමටත් සියළු දෙනාටම අයිතිය ඇත්තේය. තමන්ගේ කර්තෘත්වයෙන් සම්පාදිතවූ විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ කලාත්මක නිර්මාණයක අධ්‍යාත්මික හා භෞතික අයිතිය සුරක්ෂිත කර ගැනීම හැම පුද්ගලයෙකුම සතු අයිතියකි. Right to Participate in the Cultural Life of Community  
Article 28සෑම පුද්ගලයෙකුටම මෙම ප්‍ර‍කාශනයේ සඳහන් අයිතීන් හා නන්වැදෑරුම් නිදහස පරිපූර්ණ ලෙස සාක්ෂාත් කරගැනීමට හැකි වන සමාජ හා ජාත්‍යන්තර රටාවකට අයිතිය ඇත්තේය. Right to a Social Order that Articulates this Document  
Article 29සැමකෙනෙකුටම ප්‍ර‍ජාව වෙනුවෙන් ඉටු කළයුතු යුතුකම් ඇත්තේය. මන්ද පුද්ගලයෙකුට තම ස්වීයත්වය නිදහස්ව හා පරිපූර්ණව වර්ධනය කරගත හැක්කේ එම ප්‍ර‍ජාව තුළ පමණක් වන බැවිනි. තම අයිතීන් සහ නිදහස භුක්ති විඳීමේදී යමෙකු අනුගත විය යුත්තේ හුදෙක් අනෙකුත් පුද්ගලයන්ගේ අයිතීන් හා නිදහස පිළිගැනීම හා ගරුකිරීම පිණිසත් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයකට අවශ්‍යයැයි සාධාරණව සැලකෙන පොදු සුබසිද්ධිය, සදාවාරය සහ සාමය පවත්වගෙන යාමත් අරමුණුකොට පැණවුනු නීති මගින් දක්වන ලද සීමාවන්වලට පමණි. මෙම ප්‍ර‍කාශනයේ සඳහන් අයිතීන් සහ නන්වැදෑරුම් නිදහස කිසිදු අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ පරමාර්ථ හා ප්‍ර‍තිපත්ති වලට පටහැණි වන අන්දමින් ක්‍රියාත්මක නොකළ යුතුය. Community Duties Essential to Free and Full Development  
Article 30මෙම ප්‍ර‍කාශනයේ සඳහන් අයිතීන් සහ නන්වැදෑරුම් නිදහස විනාශ කිරීමේ අයිතියක් කිසිදු රාජ්‍යයකට හෝ කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට හෝ අත්වන අන්දමේ අර්ථ නිරූපණයක් මෙම විශ්ව ප්‍ර‍කාශනයේ කිසිදු වගන්තියක් සම්බන්ධයෙන්වත් නොකළ යුත්තේය. Freedom from State or Personal Interference in the above Rights  

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: